චන්දිමාල් කොළඹ ජයග්‍රහණය කරා ගෙනයයි

- srilankacricket.lk

Thanathillen Pita1

දිනේෂ් චන්දිමාල් නොදැවී ලබාගත් ශතකයක නායකත්ව ඉනිම මත කොළඹ කණ්ඩායමට ලකුණු 137කින් ගාල්ල පරදා අන්තර්-පළාත් සූරයන්ගේ කුසලානය දිනාගැනීමට අවස්ථාව උදාවිණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවූ මේ තරගාවලියේදී මෙරට දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයන් කොළඹ, ගාල්ල, මහනුවර හා දඹුල්ල යන කණ්ඩායම් හතරට බෙදී තරග වැදිණි. අවසාන තරගයේදී කොළඹ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8ක ට ලබාගත් ලකුණු 307ට පිළිතුරු ලෙස ගාල්ල ලබාගත්තේ ඕවර 30.3ක දී සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 170ක් පමණෙකි.

MMK_2255

විදුලි ආලෝකය මැද, මාළිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසාන තරගයේදී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් කොළඹ කණ්ඩායම ලබාගත් 307ක දැවැන්ත ලකුණු සංඛ්‍යාව හඹා යද්දී ගාල්ල කණ්ඩායමේ මේ දිනවල ලකුණු අතර සිටින පිතිකරුවන් දෙදෙනා වන දිමුත් කරුණාරත්න (09) සහ සධීර සමරවික්‍රම (29) ඉක්මනින්ම දවාලීමට වේගපන්දු යවන දුෂ්මන්ත සමීර සමත්වීමෙන් ගාල්ලේ ජයග්‍රහණ බලාපොරොත්තු, ඉනිම ආරම්භයේදී ම බිඳ වැටිණි. ගාල්ල නායක උපුල් තරංග (10) හා එම්. භානුක (09) ද අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී ගොස් (ඕවර 12 වනවිට) අඩු මුළු ලකුණු සංඛ්‍යාවකට දැවී යන තත්ත්වයක් පෙන්නුම් කරද්දී ෂම්මු අෂාන් (30) සහ චතුරංග ද සිල්වා (34), ලකුණු 112 දක්වා කණ්ඩායම රැගෙන ගියහ. මේ අවස්ථාවේ පන්දු යැවීමට පැමිණි තිසර පෙරේරා මුළු ලකුණු 112 සිට 127 වනවිට කඩුලු 4ක් ම දවාලීමෙන් ගාල්ල පරාජය අභියසට ම පත්විය. නවවන කඩුල්ලට අකිල ධනංජය (24) සහ මලින්ද පුෂ්පකුමාර (නොදැවී 15) ඕවර 4.3කදී ලකුණු 43ක් ලැබුවත්, එම සතුට රැඳුණේ සුළු කාලයකට ය.

කොළඹ කණ්ඩායම පන්දුවට පහරදෙන අවස්ථාවේ දී ද ඕවර 23ක් ගතවනවිට ලකුණු 96ක ට කඩුලු 4ක් බිඳවැටී තිබිණි. කොළඹ පස්වන කඩුල්ලට නායක චන්දිමාල් සහ ෂෙහාන් ජයසූරිය පන්දු 133ක දී ලකුණු 139ක් රැස්කිරීමෙන් මුළු ලකුණු සංඛ්‍යාව 235 දක්වා ඉහළ නැංවීමට අවස්ථාව උදාවිණි. ජයසූරිය 45 වන ඕවරයේ දැවී යාමෙන් පසු අවසාන ඕවර පහේදී කොළඹ ලබාගත් ලකුණු ප්‍රමාණය 72කි. කොළඹ වෙනුවෙන් සාර්ථක පිති හරඹයක නියැලුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු උපනායක දිනේෂ් චන්දිමාල් පන්දු 116ක දී නොදැවී 113ක් ලැබුවේ හතරේ පහර 11ක් හා හයේ පහර 03ක් සමගිනි. වේගවත් පිති හරඹයක නියැලුණු ෂෙහාන් ජයසූරිය පන්දු 63ක දී ලකුණු 77ක් ලැබුවේ හතරේ අටක් හා හයේ පහරක් සමග ය.

ශ්‍රී ලංකා සංචිතයේ සිටින ක්‍රීඩකයනට මේ තරගාවලියෙන් පසු සතියක පමණ විවේකයක් ලැබෙන අතර, මැයි 09 සිට 15 දක්වා ඔවුන් දියතලාවේ හා මහනුවර පල්ලෙකැලේ නේවාසික පුහුණුවක් ලබති. මැයි 16 ඔවුන් එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තය බලා පිටත්ව යන්නේ ජුනි 01-18 දක්වා එහි පැවැත්වෙන චැම්පියන් ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමට පෙර-පුහුණුව ලැබීමටයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මැයි 18 හා 21 දිනවල ස්කොට්ලන්තය සමගත්, ඉන් පසුව ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය සමගත් පුහුණු තරග හතරකට සහභාගිවීමට නියමිතය. චැම්පියන් කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම තරගය දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන්නේ ජුනි 04 වැනිදා ය.

සුපිරි අන්තර්-පළාත් තරගාවලියේ අවසාන තරගයේ ප්‍රතිඵල:-
කොළඹ ඕවර 50දී කඩුලු 8ට 307යි
දිනේෂ් චන්දිමාල් නොදැවී 113, ෂෙහාන් ජයසූරිය 77, ඩිල්ෂාන් මුණවීර 27, කිත්රුවන් විතානගේ 25, තිසර පෙරේරා 18, දසුන් ශානක 62 ට 2, චතුරංග ද සිල්වා 53 ට 2, අකිල ධනංජය 56 ට 2, පුෂ්පකුමාර 32 ට 2.

ගාල්ල ඕවර 30.3 දී සියලු ක්‍රීඩකයන් දැවී 170යි
සධීර සමරවික්‍රම 29, ෂම්මු අෂාන් 30, චතුරංග ද සිල්වා 34, අකිල ධනංජය 24, තිසර පෙරේරා 42 ට 4, සචිත්‍ර සේනානායක 34ට 2, චමීර 40 ට 2.

 -The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

Under Secretary for Trade and Foreign Agricultural Affairs at the U.S. Department of Agriculture (USDA), Alexis Taylor, paid a courtesy call on President Ranil Wickremesinghe on Friday (26).

- adaderana.lk

After many years of preparation, Venice has finally debuted its controversial five-euro entry toll for tourists without a hotel reservation this Thursday (25).

- adaderana.lk

The Committee on High Posts has green-lighted the appointment of a new ambassador, a ministerial secretary and two chairpersons to state institutions.

- colombogazette.com

Russian and Indian companies are to manage the Mattala international airport for a period of 30 years. The Sri Lankan Cabinet had granted approval at their meeting held on 09.01.2023 to call for aspirations from the parties interested in utilizing the facilities of the Mattala Rajapaksa International Airport. Accordingly, aspirations have been called and 05 institutions […]

- adaderana.lk

During the inquiry over former President Maithripala Sirisena s recent statement that he was aware of the real culprits behind the Easter Sunday bomb attacks, he has not mentioned the names of anyone in Sri Lanka, Public Security Minister Tiran Alles said.

- adaderana.lk

The Colombo Magistrate s Court ordered 04 including two Lieutenant Commanders of Sri Lanka Navy who were arrested along with a stock of drugs to be remanded in custody until May 09.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc