මංගල ශතක දෙකකින් වාර්තාගත ජයක්

- srilankacricket.lk

සූරියවැව පැවැති ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තෙවන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු අටක පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක මුල් විකට්ටුවට ලකුණු 229ක් රැස් කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවන් පිහිටුවමිනි.

DSC_5112

සිම්බාව්වේ කණ්ඩායම ඕවර 50 දී කඩුලු 8ක ට ලබාගත් ලකුණු 310ට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකාව කඩුලු දෙකක් දැවී ලකුණු 312ක් ලබා ගත්තේ පන්දු 16ක් ඉතිරිව තිබියදීය.  තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව දැනට තරග 2 – 1කින් ඉදිරියෙන් සිටින අතර ඉතිරි තරග දෙක පැවැත්වෙන්නේද  ජුලි 8 සහ 10 දිනවල සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීමය.

නිරෝෂන් සහ ධනුෂ්ක මේ වාර්තාව තැබීමේ දී දික්වැල්ල 64 දී දුන් උඩපන්දුව හැර දැවී යාමට කිසිදු අවස්ථාවක් හෝ ලබානොදීම විශේෂත්වයකි.  මෙදින මේ ක්‍රීඩකයින් දෙදෙනාම ලැබූ ශතකයන් එවුන්ගේ මංගල එක්දින ශතකයකන්වීමද විශේෂයකි.  ධනුෂ්ක ගුණතිලක පන්දු 111ක ට මුහුණ දී ලකුණු 116ක් ලැබුවේ හයේ පහරක් හා හතරේ පහර 15ක් සමගිනි.

නිරෝෂන් දික්වැල්ල පන්දු 116කදී ලකුණු 102ක් ලැබුවේ හතරේ 14ක්ද එල්ල කරමිනි.  මේ පිතිකරුවන් දෙදෙනා ඕවර 37කදී (පන්දු 222 දී) ලකුණු 229ක් ලැබුවේ ඕවරයකට සාමාන්‍ය ලකුණු 6.2ක් වන පරිදිය.   ඉනිම ආරම්භයේ සිට අවසානය තෙක්ම ඕවරයකට සාමාන්‍ය ලකුණු 6 ඉක්මවා තබා ගැනීමට මොවුන් ක්‍රියා කළහ.

ලංකා දෙවන විකට්ටුව ලකුණු 237දී දැවීයාමෙන් පසු උපුල් තරංග සහ කුසල් මෙන්ඩිස් තෙවන කඩුල්ලට ලකුණු 75ක් රැස් කළේ ඕවර 9.3ක් තුළය.  එය ඕවරයකට ලකුණු අටකට ආසන්න ප්‍රමාණයකි.  කුසල් මෙන්ඩිස් නොදැවී 28ක් ලැබුවේ පන්දු 25ක දී හතරේ දෙකක් සමගය.  වඩා ආක්‍රමණශීලි වූ උපුල් තරංග මෙවර සිම්බාව්වේ සමග එක්දින තරග තුනේදී ඉනිම තුනේදීම නොදැවී ලකුණු 198ක් ලබා (නොදැවී 79යි නොදැවී 75 සහ නොදැවී 44යි) අංක 4 පිතිකරුගේ ස්ථානයට සාධාරණත්වයක් ලබා දී ඇත්තේ විශිෂ්ට අයුරිනි.

ලංකා පිතිකරුවන් වාර්තා කිහිපයක් තැබීමට මෙදින සමත් විණි.  ශ්‍රී ලංකා පිල මෙරට දී හඹා ගොස් ජය ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙය වේ.  සූරියවැව ක්‍රීඩාංගණයේ ඕනෑම කඩුල්ලක් සඳහා ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද මෙය වේ.

කාසියේ වාසිය ශ්‍රී ලංකාව දිනා මුලින් පන්දුවට පඑහරදීම සිම්බාව්වේ පිලට පැවරුණු අතර ඔවුන්ට ඕවර 50 දී කඩුලු 8කට ලකුණු 310ක් ලබා ගැනීමට බෙහෙවින් දායක වූයේ ආරම්භක පිතිකරු හැමිල්ටන් මසකඩ්සා සහ ත්‍රිෂායි මුසකන්ඩා පන්දු 116ක දී දෙවන කඩුල්ලට එක්කළ ලකුණු 127 මතය.  නැවත වතාවක් ලකුණු අතරට පැමිණි ආරම්භක පිතිකරු මසකඩ්ෂා පන්දු 98ක දී ලකුණු 111ක් ලැබුවේ හතරේ පහර 15ක් හා හයේ පහරක් සමගය.  ඔහු ශතකය ලැබුවේ පන්දු 82කදීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීමටද දැන් කාලය එළැඹ තිබේ.  සිම්බාබ්වේ කණ්ඩායම මේ සංචාරයේ දැනට දෙවරක්ම ලකුණු 300 ඉක්ම වීය.  සුරිය වැව තරගයට ඉදිරිපත් කළ අපගේ දක්ෂතම පන්දු යවන්නන් වන ලසිත් මාලිංගගේ ඕවර නවයෙන් ලකුණු 71ක්ද සඳකැන්ගේ ඕවර දහයෙන් ලකුණු 73ක් සිම්බාබ්වේ පිතිකරුවන් ලබා ගත්හ.

මේ තරගයේදී ශ්‍රී ලංකා පිල නියමිත කාලය තුළ ඕවර 50 නොයැවීමේ චෝදනාව මත නායක ඇන්ජලෝ මැත්ව්ස්ගේ තරග මුදලින් සියයට 20ක දඩයක් ද සෙසු ක්‍රීඩකයන්ට සියයට දහයක දඩයක්ද පැනවීමට තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් තීරණය කළේය.   සිම්බාබ්වේ  ඉනිම සවස 1.15ට නිම වීමට නියමිත වූවත් එය නිම වූයේ සවස 1.39ටය.  තෙවන එක්දින තරගයේ වීරයා ලෙස තේරුණේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකය.

කාන්තා ක්‍රිකට් පිල ඉන්දියාවට තියුණු තරගයක් දෙයි. 

එංගලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඩාබිහි පැවැති තියුණු තරගයකින් පසුව ශ්‍රී ලංකාවට ලකුණු 16ක පරාජයක් අත්විය.  මෙය ශ්‍රී ලංකාව සහභාගි වූ සිව්වැනි තරගය වන අතර, ප්‍රථම වරට කඩුලු 8ක් වැනි සංඛ්‍යාවක් දවාලීමටද  ලංකා පිල මෙහිදී සමත්විය.  ශ්‍රී ලංකා පිල ඉදිරියේ දී බටහිර ඉන්දීය කොදෙව් දකුණු අප්‍රිකාව හා පාකිස්තානය සමගද තරග වැදීමට නියමිතය.

ලකුණු 233 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුලු 7ක් දැවී ලබාගත්තේ ලකුණු 216කි.  ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳම සබඳතාව වුයේ ශෂිකලා සිරිවර්ධන හා දිල්හානි මනෝදරා සිව්වැනි කඩුල්ලට එක්කළ ලකුණු 60ය.  මනෝදරා ලකුණු 61ක් ලැබුවේ හතරේ පහර හතරක් සමගිනි.

ඉන්දියාව ඕවර 50දී  කඩුලු 8ට 232  දීප්ති ෂර්මා 78 මිතලි රාජ් 53 ශ්‍රී පාලි වීරක්කොඩි 28ට 3යි.

ශ්‍රී ලංකාව ඕවර 50 දී කඩුලු 7ට 216යි  ඩිලානි මනෝදරා 61යි,  ශෂිකලා සිරිවර්ධන 37යි, නිපුනි හංසිකා 29යි, චමරි අතපත්තු 25යි, පී. වීරක්කොඩි නොදැවී 21යි, ගොස්වාමි 26ට 2යි.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

The Meteorology Department says showers or thundershowers can be expected in parts of the Western, Sabaragamuwa, Central, Southern, North-western and Uva provinces after 2 p.m.

- colombogazette.com

The Pentagon says it will “rush” Patriot air defence missiles and artillery ammunition to Ukraine as part of its new military aid package. The US will utilise $6bn (£4.8bn) for this purpose, Defence Secretary Lloyd Austin revealed on Friday. Patriot air defence batteries are not included. Ukrainian President Volodymyr Zelensky said Patriots were “urgently” needed […]

- colombogazette.com

The Sri Lankan Government says the economy has stabilized and growth is now emerging. State Minister of Finance Shehan Semasinghe said that the currency appreciated from Rs. 360/USD in 2022 to Rs. 300/USD at present. “It is important to understand that exchange rates in Sri Lanka is Market-determined which allows currency values to adjust according […]

- island.lk

By Rathindra Kuruwita The problems facing 17,000 families, affected by the negative environmental impacts of the Uma Oya project, have not yet been solved, Sajeewa Chamikara of the Movement for Land and Agricultural Reform (MONLAR) told The Island. In December 2014, a leak sprang up in its 15.2 km tunnel and due to that thousands of houses […]

- island.lk

By Saman Indrajith Those who are responsible for the Easter Sunday carnage should be given the death sentence instead of being fined, SJB MP Sarath Fonseka told Parliament on Friday (26). “A few months ago, a driver who was responsible for a serious accident was given the death penalty. Why are people, responsible for the […]

- island.lk

By Rathindra Kuruwita President Ranil Wickremesinghe’s past attempts to privatise medical education led to disastrous consequences, spokesperson for the Government Medical Officers Association (GMOA), Dr. Chamil Wijesinghe said, commenting on the fee-paying medical degree programmes at the General Sir John Kotelawala Defence University. KDU will offer a paid medical degree programme to stude...

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc