ධවාන්ගේ ප්‍රවේගකාරී පිතිහරඹයෙන් ඉන්දියාව ප්‍රබල තත්ත්වයක

- srilankacricket.lk

ඉන්දියා ආරම්භක පිතිකරු ශිකර් ධවාන්ගේ ප්‍රවේගකාරී පිතිහරඹයෙන් ඉන්දියාවට ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා – ඉන්දියා ප්‍රථම ටෙස්ට් තරගයේ මුල් ඉනිමේදී විශාල ලකුණු සංඛාවක් කරායාමට අවස්ථාව උදාවිණි. එක්දින තරගයක මෙන් වේගවත් පිතිහරඹයක නියැලුණු ධවාන් පන්දු 168ක ට මුහුණුදී (මිනිත්තු 236) ද්විත්ව ශතකයට ලකුණු දහයක් අඩුව තිබියදී (190) දැවී ගියේ හතරේ පහර 31ක්ද එල්ල කරමිනි.

ධවාන් සහ චෙටේස්වාර් පුජාරා දෙවන කඩුල්ලට ලකුණු 253ක් සහ පුජාරා සමග අජින්ක්‍යා රහනේ සිව්වන කඩුල්ලට ලකුණු 113 නොබිඳුණු සබඳතා දෙක මත ඉන්දීය පිලට ප්‍රථම දින තරගය නිමවන විට කඩුලු තුනකට ලකුණු 399ක දැවැන්ත සංඛ්‍යාවකට යාමට මග පෑදිණි.

Shikar Dhawan

මේ තත්ත්වය වෙනස් කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් උදා වුවත් එය අහිමිව ගියේ ධවාන් ලකුණු 32ක් ලබා සිටියදී ළහිරු කුමාරගේ වේගපන්දුවකට දෙවැනි ස්ලිප් ක්‍රීඩක අසේල ගුණරත්නට දුන් පහසු උඩපන්දුව ගිලිහී යාමෙනි. ධවාන් කලින් දවාලීමට අවස්ථාව ලැබුණේ නම් දිවා ආහාරයට පෙර කඩුලු තුනක් දවා තරගයේ ස්වරූපය මීට වඩා වෙනස් කර ගැනීමට අවස්ථාව තිබිණි. උඩපන්දුව ගිලිහීමෙන් ශ්‍රී ලංකාවට තවත් පාඩු කිහිපයකට මුහුණදීමට සිදුවුණි. පන්දුව අසේල ගුණරත්නගේ මහපට ඇඟිල්ලේ වැදී සියුම් කටු පිපිරීමෙන් එදිනට ඔහුව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කර ශල්‍ය කර්මයකට භාරජනය කිරීමෙන් සති හතරක කාලයක් එනම් මේ තරගාවලියට ඔහුට අහිමිව තිබේ. මෙයින් ගාල්ල ටෙස්ට් තරගයට ලංකා පිලට පන්දු යවන්නෙකු හා අංක හය පිතිකරු අහිමි විණි.

ශිකර් ධවාන් ප්‍රථම දින ලබාගත්තේ ඔහුගේ පස්වන ටෙස්ට් ශතකයයි. එසේම 2013 දී ඔහු ගාල්ලේදී ටෙස්ට් ශතකයක් ලබා තිබෙන අතර, මේ ඓතිහාසික නගරයේ ඔහු ලැබූ දෙවැනි ටෙස්ට් ශතකය මෙය වේ. ඉන්දීය ආරම්භක පිතිකරුගේ ස්ථානය මුරලි විජේට හිමිවීමට නියමිතව තිබුණත් ඔහු ආබාධයට ලක්වීම මත ධවාන්ට කණ්ඩායමට එක්වීමට අවස්ථාව ලැබුණේ අවසාන මොහොතේය.

චෙටේෂ්වාර් පුජාරා පන්දුවට පහරදුන්නේ සෙමින් ඉවසිලිවන්තවය. ඉන්දීය කඩුලු තුනක් ලකුණු 286කට දැවීයද්දී ඉනිම කඩා වැටීමට ඉඩ නොදුන් පුජාරා සිව්වන කඩුල්ලට රහනේ සමග සවස තේ පානයෙන් පසුව ඕවර 18කදී ලකුණු 30ක් පමණක් ලබා සෙමින් ස්ථාවර වෙමින්ද පසුව වේගය වැඩි කිරීමටද සමත්විණි.

පුජාරා ප්‍රථම දින මිනිත්තු 351ක් කඩුල්ලේ රැඳී පන්දු 246කට මුහුණදී හතරේ 12ක් සමග නොදැවී ලැබූ ලකුණු ප්‍රමාණය 144කි. මොහු මීට පෙර ද්විත්ව ශතක තුනක්ද ලකුණු 150ක් ඉක්මවා ඇති අවස්ථා ගණන පහක් බවද අමතක කළ යුතු නොවේ.

ධවාන් දැවී ගියේ සවස තේ පානයට පෙර අවසන් ඕවරයේ නුවන් ප්‍රදීප්ගේ පන්දුවකට මැතිව්ස්ට පහසු උඩපන්දුවකදී ද්විත්ව ශතකය පෙනෙමින් තිබියදීය. තේ පානයෙන් පසුව නුවන් ප්‍රදීප් යළි ක්‍රියාත්මක වෙමින් ඉන්දීය නායක කෝලි දවාලුවේ ලකුණු තුනකටය. කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල උඩපන්දුව අල්ලා ගත්තත් ඕස්ට්‍රේලියා විනිසුරු බෘස් ඔක්ෂන්ෆෝ එය නොදැවීයාමක් බව තීරණය තළේය. ලංකා පිල මෙය තෙවන විනිසුරු රොඩ් ටකර්ට යොමු කිරීමේ දී එය දැවීයාමක් බවට තීරණය විය. එදින දැවීගිය පිතිකරුවන් තිදෙනාම දවාලුවේ වේගපන්දු යවන නුවන් ප්‍රදීප්ය. ඉන්දියාව ඕවර 7.3දී ලකුණු 27ක් ලබා සිටියදී ප්‍රදීප්ගේ පන්දුවකට ආරම්භක පිතිකරු අභිනව් මුකුන්ඩ් දුන් උඩපන්දු දික්වැල්ල අල්ලා ගැනීමෙන් මුකුන්ඩ් දැවී ගියේ ලකුණු දොළොහකටය.   කෝලි අවසාන ඉනිම හයේදීම ලබා ඇත්තේ ලකුණු 49ක් පමණෙකි.

ඉන්දියාව දිවා ආහාරය වනවිට කඩුලු එකකට ලකුණු 115ක්ද සවස තේ විවේකය වනවිට කඩුලු දෙකකට ලකුණු 282ක්ද ප්‍රථම දින නිම වනවිට කඩුලු තුනකට ලකුණු 399ක්ද (ඕවර 90) ලබාප්‍රබල තත්ත්වයක පසුවිණි. මෙහිදී නුවන් ප්‍රදීප් ඕවර 18ක් යවා ලකුණු 64කට කඩුලු තුනක් දවාලුවේය.

ශිකර් ධවාන් ලබාගත් ලකුණු 190 ඔහුගේ ටෙස්ට් දිවියේ වැඩිම සංඛ්‍යාව වේ. මීට පෙර 2013 වසරේ ඉන්දියාවේ මොහාලි නගරයේ දී ඔහු ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 187ක් ලැබීය.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

During the inquiry over former President Maithripala Sirisena s recent statement that he was aware of the real culprits behind the Easter Sunday bomb attacks, he has not mentioned the names of anyone in Sri Lanka, Public Security Minister Tiran Alles said.

- adaderana.lk

The Colombo Magistrate s Court ordered 04 including two Lieutenant Commanders of Sri Lanka Navy who were arrested along with a stock of drugs to be remanded in custody until May 09.

- colombogazette.com

A soldier of the Sri Lanka Army was killed and 9 others sustained injuries following an accident in Mankulam, in the North, Friday. The Police said the accident involved a lorry and an army vehicle. The lorry had crashed into the army vehicle which was transporting a group of soldiers. The soldiers were admitted to […]

- colombogazette.com

Maldivian Airlines commenced direct flights to Colombo, Sri Lanka, from Male, Maldives. Airport and Aviation Services Sri Lanka (AASL) said that Maldivian, the renowned flag carrier of the Maldives, will operate two weekly flights departing every Thursday and Saturday, providing flexible options for both leisure and business travellers. Launching its operations, the first flight arrived […]

- adaderana.lk

The Director General of the Ministry of Transport and Highways S.S. Mudalige has been appointed to oversee the functions and duties of the General Manager position of Sri Lanka Railways.

- adaderana.lk

Alexis Taylor, Under Secretary for Trade and Foreign Agricultural Affairs at the U.S. Department of Agriculture (USDA) on Friday (26) called on President Ranil Wickremesinghe and other senior government officials to discuss USDA support for Sri Lanka s agricultural sector.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc