ඉන්දියාව 600යි, ශ්‍රී ලංකාව 154/5යි

- srilankacricket.lk

ඉන්දියාව මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 600ට පිළිතුරු ලෙසින් දෙවන දින තරගය නිමවන විට ශ්‍රී ලංකාව මුල් ඉනිම සඳහා කඩුලු පහක් දැවී ලකුණු 154ක් ලබා සිටියේ ඉන්දීය මුල් ඉනිමට වඩා ලකුණු 446ක් පිටුපසින් සිටිමිනි. තරගය නිමවන විට ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 54ක් (පන්දු 91) ලබා සිටියේ හයේ පහරක් හා හතරේ අටක් සමගිනි.

ලකුණු 600ක් වැනි විශාල ලකුණු ප්‍රමාණයක් කරායාමේදී බොහෝදෙනා අපේක්ෂා කරන්නේ පිතිකරුවන් දැඩි ඉවසීමකින් හා වගකීමකින් යුතුව කඩුලු ආරක්ෂා කර ගැනීමය. තරගයක් ආරක්ෂා කර ගැනීමට නම් විශේෂයෙන්ම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් හා ලකුණු අතර සිටින අයවන උපුල් තරංග හා ඇන්ජලෝ මැතිව්ස් වැනි ප්‍රවීණයන් තම අත්දැකීම් ප්‍ර යෝජනයට ගෙන ඉවසිලිවන්තව ශතක වැනි දීර්ඝ ඉනිම් කරා අනිවාර්යෙන්ම යා යුතු වේ. කණිෂ්ඨ පිතිකරුවන් තමා වටා රොක්කර උනන්දු කරමින් දිගු ඉනිම් ක්‍රියාත්මක කළ යුතුවේ. ඉන්දීය ඉනිමේ මැද භාගයේ අප මෙවැනි සිදුවීම් දුටුවෙමු.

_D4W7311x

දෙවන දින (27) විශේෂ සිදුවීම් වූයේ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ඉන්දීය පිතිකරුවන් හයක් දවාලමින් තම ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම සිදු කිරීමත් ඉන්දීය පිතිකරුවන් වන චෙටේෂ්වර් පුජාරා (153) රහනේ (57) රවින්ද්‍ර අස්වින් (47) පාන්ඩ්‍ය (50) සාමි හයේ තුනක් සමග ලකුණු 30ක් ලැබීමත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු උපුල් තරංග පන්දු 93කදී හතරේ දහයක් සමග ලකුණු 64ක් ලැබීමත්ය.

මොහමඩ් සාමි යැවූ තරගයේ 15 වන ඕවරයේ දෙවන පන්දුවට ධනුෂ්ක ගුණතිලක ලකුණු 16කටත් එම ඕවරයේ හයවන පන්දුවට කුසල් මෙන්ඩිස් ලකුණු නොලබාත් දැවීයාමෙන් ලංකා ඉනිමේ කඩා වැටීම ඇරැඹිනි.

නුවන් ප්‍රදීප් තම දක්ෂතම පන්දු යැවීම ඊයේ සිදුකළ අතර, (ලකුණු 132ට කඩුලු හයයි) මීට පෙර ඔහුගේ හොඳම දක්ෂතාවය වූයේ ලකුණු 62කට කඩුලු 4කි. විසිපස්වන ටෙසට් තරගයට සහභාගි වන ප්‍රදීප් ටෙස්ට් කඩුලු 67ක් දැනට ලබාසිටී.

ප්‍රථම දිනයේ තරගය නතර වන විට කඩුලු තුනකට 399ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායමේ නොදැවී සිටී පුජාරා (144) සහ රහනේ (39) දෙවන දින තරගය ආරම්භ වී ඕවර එකොළහක් තුළ ආපසු ක්‍රීඩාගාරයට යැවීමට නුවන් ප්‍රදීප් හා ළහිරු කුමාර සමත්විණි. පුජාරා අටවන ඕවරයේදී ලකුණු 153කට දැවී ගියේ ප්‍රදීප්ගේ පන්දුවකට කඩුලු රකින දික්වැල්ලට උඩපන්දුවක් දීමෙනි.

පුජාරා පන්දු 265යි. හතරේ 13යි. පන්දු 130කදී ලකුණු 57ක් ලැබූ රහනේ දෙවන දින එක්කළේ තවත් ලකුණු 18කි. මේ පිතිකරුවන් දෙදෙනා දැවී ගිය පසු හයවන කඩුල්ලට රවීන්ද්‍ර අස්වින් සහ රිදිමන් සහා කඩිනමින් ඕවර 13කදී ලකුණු 59ක් රැස් කළත් පන්දු හයක් තුළදී මේ පිතිකරුවන් දෙදෙනාම දවාලීමට හේරත් හා ප්‍රදීප් සමත් වූහ.

වඩා ආක්‍රමණශීලි වූ අස්වින් පන්දු 60කදී ලකුණු 47ක් ලැබුවේ හතරේ හතක් සමගිනි. සභා ලැබුවේ ලකුණු 16කි. දිවා ආහාරය වන විට ඉන්දියාව කඩුලු හතකට ලකුණු 503ක් රැස් කර සිටි අතර, උදෑසන කාලය තුළ කඩුලු හතරක් දැවී ඔවුන් ලැබුවේ ලකුණු 114කි.

දිවා ආහාරයෙන් පසුව ඉන්දියාවේ අටවන කඩුල්ල ලෙස රවීන්ද්‍ර ජඩෙජා (15) දැවී ගියේ මුළු ලකුණු 517දීය. නවවන කඩුල්ලට හර්දික් පාන්ඩ්‍යා සහ මොහමඩ් සාමි දැවැන්ත ප්‍රහාරයක් දියත් කරමින් එක්කළ ලකුණු සංඛ්‍යාව 62කි. නායක රංගන හේරත්ගේ පන්දුවලට මොහමඩ් සාමි හයේ පහර තුනක්ද ප්‍රදීප් යැවූ පන්දුවලට පාන්ඩ්‍යා හයේ පහර තුනක්ද එල්ල කළහ.

පාන්ඩ්‍යා පන්දු 49ක්දී හතරේ පහක් හා හයේ තුනක් සමග ලකුණු 50ක්ද මොහමඩ් සාමි පන්දු 30කදී හයේ තුනක් සමග ලකුණු 30ක්ද එල්ල කරමින් ඉන්දීය අගපෙළ වර්ණවත් කළහ.

ළහිරු කුමාර දෙවන දිනය තුළ දී ලකූණු 36කට රහනෙ, පාණ්ඩ්‍යා සහ මොහමඩ් සාමි යන පිතිකරුවන් තිදෙනාම දවා ගැනීමට සමත් විය. නුවන් ප්‍රදීප් මෙදින කඩුලු තුනක් දවාලුවේ ලකුණු 68ක් ලබාදීමෙනි.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- news.lk

Non Cabinet Minister of State Plantation Enterprises Reforms and State Minister of Finance, Ranjith Siyambalapitiya, announced that in the first quarter of this year, state revenue has reached an impressive Rs. 834 billion. This achievement not only surpasses the projected revenue but also indicates a growth of 6%. The state minister emphasized that with prudent financial management and a consiste...

- adaderana.lk

The Japanese Government has provided a grant of US$3 million through the Food and Agriculture Organization of the United Nations (FAO), to strengthen inland fisheries and improve rural livelihoods in partnership with the Ministry of Fisheries of Sri Lanka.

- island.lk

Non Cabinet Minister of State Plantation Enterprises Reforms and State Minister of Finance, Ranjith Siyambalapitiya, announced that in the first quarter of this year, state revenue has reached an impressive Rs. 834 billion. This achievement not only surpasses the projected revenue but also indicates a growth of 6%. The state minister emphasized that with prudent […]

- adaderana.lk

President Ranil Wickremesinghe expressed his dedication to fostering an economic landscape in the nation that would prevent future struggles among its citizens. Emphasizing the swift reconstruction of the economy within a mere two-year span, he underscored his resolve to elevate the standard of living by fortifying the economy s resilience.

- adaderana.lk

Former Malaysian Prime Minister Mahathir Mohamad is among individuals being investigated in connection with a graft probe involving his sons, the head of Malaysia s Anti-Corruption Commission (MACC) said on Thursday.

- adaderana.lk

Iran s President Ebrahim Raisi has called for expanding ties with Asian countries, particularly Pakistan and Sri Lanka, to strengthen bilateral, regional, and international cooperation.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc