පල්ලේකැලේ ටෙස්ට් තරගය ගැන නැවුම් බලාපොරොත්තුවක්

- srilankacricket.lk

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා (12) ඇරැඹෙන ශ්‍රී ලංකා – ඉන්දියා තෙවන හා අවසාන පස්දින ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම පිවිසෙන්නේ නායක දිනේෂ් චන්දිමාල් පවසන අන්දමට තරගයෙන් ජයගැනීම හා ගෞරවාන්විතව ජය පැරදුමින් තොරව කෙළවර කිරීමේ අපේක්ෂාවෙනි.

ශ්‍රී ලංකා සංචිතයට දුෂ්මන්ත චමීර සහ ළහිරු ගමගේ යන වේග පන්දු යවන්නන් දෙදෙනා හා දඟ පන්දු යවන ලක්ෂාන් සඳකැන් නම් කර සිටී.   ලංකා සංචිතය වන්නේ දිනේෂ් චන්දිමාල් (නායක) ඇන්ජිලෝ මැතිව්ස්, උපුල් තරංග, දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ළහිරු තිරිමාන්න, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ළහිරු ගමගේ, දිල්රුවන් පෙරේරා, මලින්ද පුෂ්පකුමාර හා ලක්ෂාන් සඳකැන්.

_D3S7722x

ශ්‍රී ලංකාව මේ දක්වා ඉන්දියාව වෙතින් ශ්‍රි ලංකාවේ දී තරග 3-0ක පරාජයක් ලබානොමැත.  ශ්‍රී ලංකාව පල්ලේකැලේ තෙවන ටෙස්ට් තරගයෙන් ජයලැබීමට නම් ලොව අංක 1 කණ්ඩායමේ ප්‍රබලම පිතිකරුවන්වන පුජාරා, රහනේ, ධවාන්, නායක කෝලි හා රාහුල් දෙවරක්ම දවාලීමට අපගේ පන්දු යවන්නන් විශේෂ වූ යමක් කළ යුතුවේ.  පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ මෙතෙක් වැඩිම ලකුණුලාභියා වන්නේ ඕස්ට්‍රේලියාව සමග එහිදි ලකුණු 176 ක් රැස්කළ කුසල් මෙන්ඩිස්ය.  ඔහු ඉන්දියාව හා දෙවන ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේද ලකුණු 110ක් ලැබීය.  ලංකා පිතිකරුවන් කිහිප දෙනෙකුම දැන් ලකුණු අතර සිටීම සතුටට කරුණකි.

ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගයේදී හෝ කාසියේ වාසිය හිමි වෙතැයි බොහෝදෙනා අපේක්ෂා කරති.  මෙතෙක් පැවැති ටෙස්ට් තරග දෙකේදීම මුල් ඉනිම සඳහා ලංකා පිල රැස්කළේ ගාල්ලේදී ලකුණු 291 ක් සහ කොළඹ දී ලකුණු 183ක් පමණෙකි.  ලංකා කණ්ඩායමේ අසාර්ථකත්වයට බෙහෙවින් බලපෑවේද මේ කරුණය.  පල්ලේකැලේදී ශ්‍රී ලංකා පිලට මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 400 ඉක්මවීමට අවස්ථාවක් උදා වුවහොත් තරගයක් දීමට අපහට අවස්ථාවක් උදාවනු නිසැකය.

ටෙස්ට් තරගාවලිය තුල ලකුණු අතර සිටින එමෙන්ම විශාල ලකුණු සංඛ්‍යාවන් කර යා හැකි පිතිකරුවන් ලංකා කණ්ඩායම තුළ සිටින බවද සනාථ විය.  දිමුත් කරුණාරත්න ඉන්දියාව සමග ලකුණු 02ක් 97ක් 25ක් සහ 141ක් ලබා ඉනිමක ඉතා හොඳ සාමාන්‍යයක් වන 66.25 ක් ලබා සිටී.  කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල හා දිල්රුවන් පෙරේරාද ප්‍රබල ඉන්දීය පන්දු යවන්නන්ට සාර්ථකව මුහුණදී ලකුණු අතරට පැමිණ සිටිති.  තවත් පිතිකරුවකු දෙදෙනෙකු මීට සම්බන්ධව දිගු සබඳතා තුනකින් පමණ ශ්‍රී ලංකාවට මුල් ඉනිමේදී විශාල ලකුණු ප්‍රමාණයකට යාමට අවස්ථාව ඇත.  තුන් ඉරියව් ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර දඟපන්දු යැවීමට අවස්ථාව මෙන්ම කඩුල්ලේ දිගුවේලාවක් රැඳී සිටීමට ඔහුට ඇති හැකියාව දෙවන ටෙස්ට් තරගයේදී පෙන්නුම් කළේය.

ඉන්දීය නායක විරාට් කෝලි පවසන ආකාරයටම ඉන්දීය පිතිහරඹයේ ශක්තිය රදා පවතින්නේ මැදපෙළ පිතිකරු චෙටේෂ්වාර් පුජාරාගේ දස්කම් මතය.  පුජාරා දෙවරක් ලකුණු 153ක් හා ලකුණු 133ක් ලබා සිටී.  අගින්ක්‍යා රහනේ, ශිකර් ධවාන් හා කේ. රාහුල්ද ලකුණු අතර සිටිති.  මොවුන් අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කර ගැනීම ශ්‍රී ලංකාව මුහුණ පාන විශාලම අභියෝගයයි.  මේ තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට වේග පන්දු යවන්නන් එක් අයෙකුගෙන් හෝ ක්‍රීඩා කිරීමට සිදුවේ.

පල්ලේකැලේ තරගයේ දී කණ්ඩායම් දෙකටම පන්දු යවන්නන් කිහිප දෙනෙකුගේ සේවය අහිමිව පවතී.  ශ්‍රී ලංකා කණ්ඩායමේ රංගන හේරත් නුවන් ප්‍රදීප් සහ සුරංග ලක්මාල් ආබාධ මතත් ඉන්දීය කණ්ඩායමේ රවින්ද්‍ර ජඩෙජා නොමනා හැසිරීමේ චෝදනාව මතත් මේ තරගය අහිමිව තිබේ.  ජඩෙජාට තරගයක් අහිමි වූයේ දෙවන ටෙස්ට් තරගයේ දී මලින්ද පුෂ්පකුමාර පන්දු පහරදෙන අවස්ථාවේ පිතිකරු තම සීමාවේ සිටිය දී පන්දු යැවූ ජාඩෙජා විසින් පන්දුව අන්තරාදායක ලෙසින් පිතිකරුගේ කඩුල්ල වෙත දමා ගැසීමේ දී අන්තර් ජාතික ක්‍රිකට් නීතින්ට පටහැනිව ක්‍රියා කිරීමේ චෝදනාවටය.  ජාඩෙජා ප්‍රථම ටෙස්ට් තරගයේ දී ඉනිම දෙකේ දී කඩුලු තුන බැගින් ද දෙවන ටෙස්ට් තරගයේ මුල් ඉනිමේ කඩුලු දෙකක් හා දෙවන ඉනිමේ කඩුලු පහක් දවා ටෙස්ට් තරග දෙකේ දී කඩුලු 13ක් දවා සිටී.

දෙවන ටෙස්ට් තරගයේ වීරයා වූ ජඩෙජා වෙනුවට ඉන්දීය පිලට අක්සාර් පටෙල් එක්කර සිටී.  ඉන්දීය ඒ සහ දකුණු අප්‍රිකා ඒ කණ්ඩායම් අතර තරගාවලියේ දී විශේෂ දස්කම් පෑම මත වමතින් දඟපන්දු යවන අක්සාර්ට ඉන්දීය පිල නියෝජනය කිරීමේ අවස්ථාව උදා වී තිබේ.

ඉන්දීය කණ්ඩායම ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයෙන් ලකුණු 304 ක ජයක් ද කොළඹ පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 53ක ජයක් ද ලබා දැනට තරගාවලිය 2 – 0 කින් ජයගෙන ඉදිරියෙන් පසු වේ.  පල්ලේකැලේ සෙනසුරාදා ආරම්භ වනුයේ දෙරට අතර හතළිස් (40) වන ටෙස්ට් තරගයයි.  දැනට ඉන්දියාව තරග 18ක් ද ශ්‍රී ලංකාව හතක් ද දිනා තරග 14ක් ජය පැරැදුමින් තොරව කෙළවරක් කර තිබේ.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- colombogazette.com

Opposition Leader Sajith Premadasa was not given a separate meeting with  Iranian President Ebrahim Raisi, the Opposition Samagi Jana Balawegaya said. SJB MP Nalin Bandara told Parliament that there were misleading reports circulating claiming that Premadasa refused to meet the Iranian leader. He said that Premadasa was not given a meeting with the Iranian President […]

- colombogazette.com

The Parliament Committee on High Posts approved the appointment of S.A Rodrigo as the new Sri Lankan Ambassador to Italy. The Committee on High Posts gave its approval for the appointments of the new Ambassador, a Ministry Secretary and two institution chairpersons. Accordingly, the Committee on High Posts approved the appointment of S.A Rodrigo as […]

- adaderana.lk

Under Secretary for Trade and Foreign Agricultural Affairs at the U.S. Department of Agriculture (USDA), Alexis Taylor, paid a courtesy call on President Ranil Wickremesinghe on Friday (26).

- adaderana.lk

After many years of preparation, Venice has finally debuted its controversial five-euro entry toll for tourists without a hotel reservation this Thursday (25).

- adaderana.lk

The Committee on High Posts has green-lighted the appointment of a new ambassador, a ministerial secretary and two chairpersons to state institutions.

- colombogazette.com

Russian and Indian companies are to manage the Mattala international airport for a period of 30 years. The Sri Lankan Cabinet had granted approval at their meeting held on 09.01.2023 to call for aspirations from the parties interested in utilizing the facilities of the Mattala Rajapaksa International Airport. Accordingly, aspirations have been called and 05 institutions […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc