ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දක්ෂතා නැවත ලොවට පෙන්වනවා – උපුල් තරංග

- srilankacricket.lk

ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් පමණක් නොව ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සුවිශේෂි දස්කම් දක්වතැයි විශාල ලෙස බලාපොරොත්තු තබා සිටිනවා.  කණ්ඩායමට උපරිම දස්කම් දැක්වීමට ක්‍රිකට් ආයතනය ද උපරිම සහයක් අපට දෙනවා.  පසුගිය ඉන්දීය ටෙස්ට් තරගාවලිය අමතක කර එක්දින තරගාවලිය ජය ගැනීමට කණ්ඩායම් හැඟීමෙන් යුතුව උපරිම දක්ෂතා පෙන්වීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා එක්දින හා 20 – 20 නායක උපුල් තරංග ප්‍රකාශ කරයි.

එංගලන්තයේ පැවති චැම්පියන් කුසලාන තරගාවලියේ දී අප ලකුණු තුන්සියය ඉක්මවා හඹා ගොස් ඉන්දියාව පැරැදුවා.  මේ තරගාවලියේදීත් නැවත එය ඉටුකර තරගාවලිය ජය ගැනීම සියලු ක්‍රීඩකයනගේ පරමාර්ථයයි.  මෙය ඉටුකර ලෝවැසියනට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයනගේ දක්ෂතා නැවත වතාවක් පෙන්වීමට ක්‍රීඩකයන් අපේක්ෂාවෙන් සිටින බව ද උපුල් තරංග පවසයි.  ශ්‍රී ලංකා එක්දින නායකයා මේ අදහස් පල කලේ ශ්‍රී ලංකා – ඉන්දියා එක්දින තරගාවලිය පිළිබඳව එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ (16 දා) පැවැති මාධ්‍ය හමුවේ දී ය.

4V3A9704

ඉන්දියාව සමග තරග වැදීමට අපට ඉතාමත් දක්ෂ එක්දින කණ්ඩායමක් ලැබී තිබෙනවා.  ඇන්ජිලෝ මැතිව්ස් මේ තරගාවලියේදී පන්දු යැවීම සුබ ආරංචියක්.  මාලිංගගේ පලපුරුද්දත් ඔහුගේ වේගය හා පන්දු යැවීමේ ස්වරූපයන් අපට ප්‍රයෝජන වේවි.  ලක්මාල්, ප්‍රදීප් හා කුලසේකර නොමැති වූවාට දක්ෂ තරුණ වේගපන්දු යවන්නන් ඔහුනගේ අඩුව හොඳින් පිරිමසන බව මට හොඳට විශ්වාසයි.  මේ ක්‍රීඩකයනගේ සහය ලබා ඉන්දීය ටෙස්ට් තරගාවලියේ ලත් අත්දැකීම් හා පාඩම් ප්‍රයෝජනයට ගෙන එක්දින තරගාවලිය සාර්ථක කර ගැනීම කණ්ඩායමේ ඒකායන අරමුණ බව ද උපුල් තරංග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එක්දින තරග ජය ගනිමුතිලංග සුමතිපාල

සුබවාදී හා ධනාත්මක අදහස් මත යහපත් මානසිකත්වයකින් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ඉදිරි එක්දින තරගාවලියේ දී ඉන්දියාවට මුහුණදීමෙන් චැම්පියන් කුසලාන තරගාවලියේ දී ඔවුන් පරාජය කළ ආකාරයටම අපට ජයගත හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා මේ මාධ්‍ය හමුව අමතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලාංකිකයනටම ආවේණික වූ අපටම හුරු වූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩාවක් අප සතුව තිබෙනවා. ලොව ඕනෑම කණ්ඩායමක් ඕනෑම ස්ථානයක පරාජය කළ හැකි කණ්ඩායමක් ලෙස ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රබල කීර්ති නාමයක් තිබෙනවා.  එය නැවත වතාවක් මේ තරගාවලියේ දී අප ලොවට පෙන්විය යුතු යැයි ද සුමතිපාල මහතා කීය.

වත්මන් නායක උපුල් තරංග පූර්ණ එක්දින තරගාවලියක් මෙහෙවිමේ භාරධුර කාර්යය පැවරී තිබෙනවා.  කණ්ඩායම් හැගීමෙන් මෙම කාර්යය ඔහු හොඳින් ඉටු කරනු ඇතැයි අපගේ අපේක්ෂාව බව ද සුමතිපාල මහතා පැවසීය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ සුමතිපාල මහතා ටෙස්ට් තරගාවලියේ දී ලංකා කණ්ඩායම මෙතරම් පරාජයකට පත් වෙතැයි කිසිවෙකු අපේක්ෂා නොකළේ මීට වඩා දස්කම් පෙන්විය හැකි ක්‍රීඩක පිරිසක් ලංකා පිල නියෝජනය කළ නිසයි.  ඒ අත්දැකීම් ප්‍රයෝජනයට ගෙන අප අනාගතය හොඳින් සකසා ගනිමු.   එක්දින තරගාවලියේ දී තරග ගැන පමණක් අවධානය යොමු කර එය ජය ගැනීමට අප උපරිම ශක්තිය යොමු කිරීමට අධිෂ්ඨාන කර ගනිමු.

උපුල් තරංගගේ නායකත්වයෙන් අප ඕස්ට්‍රේලියාව එම රටේදීමත් දකුණු අප්‍රිකාව එහිදීමත් එක්දින තරගවල පරාජය කර තිබෙනවා.  එංගලන්තයේ දී චැම්පියන් කුසලාන තරගාවලියේ ඉන්දියාව ලකුණු 300ක් එලවා ගොස් ජය ගත් අයුරුත් කාටත් මතකයි.

මෙවැනි දේ සිදු කළ අපට එක්දින තරගාවලිය ජය ගැනීමට අපහසු කරුණක් නොවේ.

තව වසර තුනක් යනතුරු ජගත් ක්‍රිකට් සමුළුවේ තනතුරු භාර ගැනීමට මා තුළ අපේක්ෂාවක් නැහැ.  එම වසර තුන තුළ අපගේ පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කර දක්ෂ ක්‍රීඩකයන් රැසක්ම ජාත්‍යන්තරයට බිහි කිරීම මාගේ අපේක්ෂාවයි.  ක්‍රිකට් ගැන අවබෝධයක් නැති ආධුනිකයන් වෙබ් අඩවි මගින් අසත්‍ය ප්‍රචාර පල කරනවා.  පරිනත මාධ්‍යවේදීන් සාධාරණ විවේචන කරන විට අප නිතරම ඒවාට ඇහුම්කන් දෙනවා.

ක්‍රිකට් පරිපාලනය පැත්තෙන් අප සියලු දේ සිදු කර තිබෙනවා.  ක්‍රීඩකයනට ඇත්තේ ඔවුන් සතු කාර්යය ඉටු කිරීමයි.  දේශිය ක්‍රිකට් ක්‍රීඩාව සඳහා සාර්ථක සැලැස්මක් ක්‍රියාත්මක වනවා.  අවුරුදු 15න් පහළ ක්‍රීඩකයන් තව වසර 3ක් යන විට ඉතා හොඳ තත්ත්වයක සිටීවි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ආරක්ෂක කමිටුව එංගලන්තයේ චැමිපියන් කුසලාන තරගාවලිය පැවැත්වෙන තරගවලත් ඉදිරියේ පාකිස්තාන තරග සඳහාත් නිර්දේශ ලබා දී තිබෙනවා.   ඒ අනුව පකිස්තානය සමග එමීර් රාජ්‍යයේ තරගාවලියෙන් පසු 20 – 20 තරගය පමණක් එහි පැවැත්වීමට අපේක්ෂාවක් ඇති බවද සුමතිපාල මහතා කීවේය.

තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය ප්‍රකාශ කළේ ටෙස්ට් තරගාවලිය අසාර්ථක වීමට ප්‍රධානතම හේතුව ලකුණු අතර සිටී පිතිකරුවන් අසාර්ථක විම සහ වේගපන්දු යවන්නන් ආබාධයට ලක්වීම මතයැයි ද කීවේය.   නිතර නිතරම ක්‍රීඩකයන් මාරු කිරීමට සිදු වූයේ ක්‍රීඩකයන් නිතර ආබාධවලට ලක්වීම මතයයි ද එහෙත් වත්මන් එක්දින කණ්ඩායම පිළිබඳව නව බලාපොරොත්තු තැබිය හැකි යැයි ද කී ජයසූරිය තිසර පෙරේරා එක්වීම නව බලාපොරොත්තුවක් බව ද කීය.  පුහුණුකරු නික් පෝතාස් කීවේ ඕනෑම කණ්ඩායමක නැගීම් වැටීම් කලින් ඇති වන බවය.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම උපුල් තරංග (නායක), ඇන්ජිලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන, මාලින්ද පුෂ්පකුමාර, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, තිසර පෙරේරා, වනිදු හසරංග, ලසිත් මාලිංග, විශ්ව ප්‍රනාන්දු

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

During the inquiry over former President Maithripala Sirisena s recent statement that he was aware of the real culprits behind the Easter Sunday bomb attacks, he has not mentioned the names of anyone in Sri Lanka, Public Security Minister Tiran Alles said.

- adaderana.lk

The Colombo Magistrate s Court ordered 04 including two Lieutenant Commanders of Sri Lanka Navy who were arrested along with a stock of drugs to be remanded in custody until May 09.

- colombogazette.com

A soldier of the Sri Lanka Army was killed and 9 others sustained injuries following an accident in Mankulam, in the North, Friday. The Police said the accident involved a lorry and an army vehicle. The lorry had crashed into the army vehicle which was transporting a group of soldiers. The soldiers were admitted to […]

- colombogazette.com

Maldivian Airlines commenced direct flights to Colombo, Sri Lanka, from Male, Maldives. Airport and Aviation Services Sri Lanka (AASL) said that Maldivian, the renowned flag carrier of the Maldives, will operate two weekly flights departing every Thursday and Saturday, providing flexible options for both leisure and business travellers. Launching its operations, the first flight arrived […]

- adaderana.lk

The Director General of the Ministry of Transport and Highways S.S. Mudalige has been appointed to oversee the functions and duties of the General Manager position of Sri Lanka Railways.

- adaderana.lk

Alexis Taylor, Under Secretary for Trade and Foreign Agricultural Affairs at the U.S. Department of Agriculture (USDA) on Friday (26) called on President Ranil Wickremesinghe and other senior government officials to discuss USDA support for Sri Lanka s agricultural sector.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc