ඉන්දියාව පස්වන එක්දින තරගයත් ජයගනී

- srilankacricket.lk

Thanathillen Eha_1

ශ්‍රී ලංකා – ඉන්දියා තරග පහක එක්දින තරගාවලිය ඉරිදා (3) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වූයේ ඉන්දීය කණ්ඩායම පස්වැනි තරගයද කඩුලු හයකින් ජයගෙන තරගාලියම තරග 5 – 0කින් ජය අත්කර ගනිමිනි.

ශ්‍රී ලංකාව ඕවර 49.4ක දී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත් ලකුණු 238ට පිළිතුරු ලෙසින් ඉන්දියාව කඩුලු 4ක ට ලකුණු 239ක් ලබාගත්තේ ඕවර 46.3කදී එනම් ඕවර 3.3 ඉතිරිව තිබියදීය.  තරගාවලියේ වීරයා ලෙස ජස්ප්‍රිට් බුම්රා සහ පස්වන එක්දින තරගයේ වීරයා ලෙස බුවනේෂ්වර් කුමාර්ද නම් කරන ලදී.

මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 17 අවසාන වන විට කඩුලු  තුනකට ලකුණු සියයක් ලබා සිටියේ ඕවරයකට සාමාන්‍ය ලකුණු හයක් පමණ වන පරිද්දෙනි.  ශ්‍රී ලංකාව පහසුවෙන් ලකුණු 280 – 300ක් වැනි ලකුණු ප්‍රමාණයකට යනු ඇතැයි මේ අවස්ථාවේ බොහෝ දෙනාගේ විශ්වාසය විය.  එම තත්ත්වය වෙනස් වූයේ ඕවර 25 – 30 ඕවර පහේදී ලකුණු 20ක්ද ඕවර 25 – 30 දක්වා ඕවර පහේදී ලකුණු 18ක්ද ඕවර 30 – 35 දක්වා ඕවර පහේදී ලකුණු 20ක්ද වාර්තා වී ලකුණු රැස් කිරීමේ වේගය අඩු වීමෙනි.

_D3S7551x

එසේ වුවද මෙහි එක් සුබදායි කරුණක් වූයේ පැරැණි ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් ඉනිම මැද භාගයේදී ක්‍රීඩා කළ ආකාරය සිහිගන්වමින් ඇන්ජලෝ මැතිව්ස් සහ ළහිරු තිරිමාන්න පහසුවෙන් ඉන්දීය ප්‍රබල පන්දු යවන්නන්ට මුහුණ දෙමින් ලංකා ඉනිමේ මැද භාගය ගොඩ නැගූ ආකාරයයි.  මොවුන් දෙදෙනා සිව්වන කඩුල්ලට එක්කළ ලකුණු 122 මේ එක්දින තරගාවලියේ ලංකා පිතිකරුවන් දෙදෙනෙකුගේ ප්‍රථම ශතකයක සබඳතාවයයි.

පස්වන එක්දින තරගයේ ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවන් වූයේ වේගපන්දු යවන බුවනේෂ්වර් කුමාර් (ප්‍රථමවරට කඩුලු පහක් දවාලීම) සහ නායක විරාට් කෝලිය.   (නොදැවී 110) මෙය ඉන්දීය නායකයාගේ තිස්වන එක්දින ශතකය වන අතරම ඔහු ඕස්ට්‍රේලියාවේ හිටපු නායක රිකී පොන්ටින් ලැබූ එක්දින ශතක තිහ සමකිරීමක්ද සිදුවිණි.  මෙහි විශේෂත්වයක් වන්නේ පොන්ටින් ඊට තරග 365කට මුහුණ දෙද්දී කෝලි තරග 194කදී ඊට ළඟා වීමය.  මොවුන් දෙදෙනා පසුවන්නේ ලොව දෙවැනි ස්ථානයේය.  වැඩිම එක්දින ශතක ලාභියා වන සචින් ටෙන්ඩුල්කා ශතක 49ක් ලැබුවේ තරග 463කදීය.  28 හැවිරිදි කෝලි මේ වසරේ එක්දින තරග 18කදී ලකුණු 1017ක් ලබා මෙවර ලකුණු දහස ලැබූ ප්‍රථම පිතිකරුවා බවට පත්ව සිටී.  ඔහු 2017 වසරේ ලකුණු 1500ක් සීමාව අසළට යතැයි අපේක්ෂා කරන්නේ ඉන්දීය පිලට මේ වසරේදී ඕස්ට්‍රෙලියාව හා නවසීලන්තය සමග තරගාවලි දෙකක්ම ඉතිරිව ඇති හෙයිනි.

පස්වන එක්දින තරගයට ඉන්දීය පිල වෙනස්කම් හතරක් සිදු කරමින් රහනෙ, බුවනේෂ්වර් කුමාර්, චාහල් සහ කීදර් ජදව් කැඳවා තිබිණි.  ශ්‍රී ලංකා නායක උපුල් තරංග කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදිමට තීරණය කර ඔහුගේ සුපුරුදු ආරම්භක පිතිකරු ස්ථානයටම පන්දුවට පහරදීමට පිවිසියේය.  නිරෝෂන් දික්වැල්ල (02) දිල්ෂාන් මුනවීර (04) අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියත් නායක තරංග පිටිය පුරා දර්ශනීය පහර එල්ල කරමින් පන්දු 34කදී ලකුණු 48ක් ලැබුවේ හතරේ පහර නවයක් සමගිනි.  තරංග ඕවර 9දී මුළු ලකුණු 63ක් වන විට දැවී ගියේ ඕවරයකට සාමාන්‍ය ලකුණු හතක් ලබා සිටියදීය.  ලංකා කණ්ඩායමට දිගු කළක සිට අවශ්‍ය අගනා සම්බන්ධතාවය සිව්වන කඩුල්ලට මැතිව්ස් හා තිරිමාන්න ලබා දුන්නේ මේ අවස්ථාවේය.  සිව්වන කඩුල්ලට මොවුන් දෙදෙනා පන්දු 177කදි ලකුණු 122ක් ලබා ගත් අතර, මේ සබදතාවයේ අග භාගයේ දී ලකුණු රැස් කිරීමේ වේගය අඩුවීම ලංකා පිලට මීට වඩා ලකුණු සංඛ්‍යාවකට යාමට නොහැකි වීමට එක් හේතුවක් විය.  තිරිමාන්න පන්දු 102කදී හයේ පහරක් හතරේ තුනක් සමග ලකුණු 67ක්ද මැතිව්ස් පන්දු 98කදී හතරේ හතරක් සමග ලකුණු 55ක්ද රැස් කළහ.

මෙය මැත්ව්ස්ගේ 35 වන අර්ධ ශතකයත් තිරිමාන්නගේ 18 වන අර්ධ ශතකයත් වේ.  ලංකා කණ්ඩායමේ අවසාන පිතිකරුවන් හත් දෙනාම දැවී ගියේ ලකූණු 53කටය.  මෙහිදී මිලින්ද සිරිවර්ධන පමණක් පන්දු 13කදී හයේ පහරක් හතරේ පහරක් සමග ලකුණු 18ක් ලබා අග පෙළ පිතිකරුවන් අතුරින් ඉලක්කම් දෙකේ සීමාව පසු කළේය.  ශ්‍රී ලංකාව ලැබූ ලකුණු 238 මේ එක්දින තරගාවලියේ ලංකා පිල රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.  බුවනේෂ්වර් කුමාර් ලකුණු 42කට කඩුලු පහක්ද බුම්රා ලකුණු 45කට කඩුලු 2ක්ද දවාලූහ.  මෙය ශ්‍රී ලංකාව මෙරට දී තරග පහට පරාජය වූ ප්‍රථම වතාවයි.  ඉන්දීය පිල පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ අජින්ක්‍යා රහනේ (05) මුළු ලකුණු 17දී මාලිංග විසින්ද අවදානම් පිතිකරු රෝහිත් ෂර්මා (16) මුළු ලකුණු 29දී විශ්ව ප්‍රනාන්දු විසින්ද දවාලමින් හොඳ ආරම්භයක් ලබාගත්හ.  එහෙත් විරාට් කෝලි (නොදැවී 110යි) මනීෂ් පාණ්ඩේ (36) සමග තෙවැනි කඩුල්ලට ලකුණු 99ක්ද කීදර් ජදව් (63) සමග සිව්වන කඩුල්ලට ලකුණු 109ක සබදතාවය ද තබා ගනිමින් පහසු ජයග්‍රහණයක් කරා ගියහ.  කෝලි හතරේ පහර නවයක් සමග නොදැවී 110ක්ද පාණ්ඩේ පන්දු 53කදී හතරේ දෙකක් සමග ලකුණු 36ක්ද ජදව් පන්දු 73කදී හතරේ හතක් සමග ලකුණු 63ක්ද රැස් කළහ.  මාලිංග, විශ්ව ප්‍රනාන්දු, පුෂ්පකුමාර හා වනිදු හසරංග කඩුල්ල බැගින් ද දවාලූහ.  කණ්ඩායම් දෙක අතර 20 – 20 තරගය 6 වැනිදා මේ ක්‍රීඩාංගණයේම පැවැත්වීමට නියමිතය.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

During the inquiry over former President Maithripala Sirisena s recent statement that he was aware of the real culprits behind the Easter Sunday bomb attacks, he has not mentioned the names of anyone in Sri Lanka, Public Security Minister Tiran Alles said.

- adaderana.lk

The Colombo Magistrate s Court ordered 04 including two Lieutenant Commanders of Sri Lanka Navy who were arrested along with a stock of drugs to be remanded in custody until May 09.

- colombogazette.com

A soldier of the Sri Lanka Army was killed and 9 others sustained injuries following an accident in Mankulam, in the North, Friday. The Police said the accident involved a lorry and an army vehicle. The lorry had crashed into the army vehicle which was transporting a group of soldiers. The soldiers were admitted to […]

- colombogazette.com

Maldivian Airlines commenced direct flights to Colombo, Sri Lanka, from Male, Maldives. Airport and Aviation Services Sri Lanka (AASL) said that Maldivian, the renowned flag carrier of the Maldives, will operate two weekly flights departing every Thursday and Saturday, providing flexible options for both leisure and business travellers. Launching its operations, the first flight arrived […]

- adaderana.lk

The Director General of the Ministry of Transport and Highways S.S. Mudalige has been appointed to oversee the functions and duties of the General Manager position of Sri Lanka Railways.

- adaderana.lk

Alexis Taylor, Under Secretary for Trade and Foreign Agricultural Affairs at the U.S. Department of Agriculture (USDA) on Friday (26) called on President Ranil Wickremesinghe and other senior government officials to discuss USDA support for Sri Lanka s agricultural sector.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc