අබුඩාබි හි පැවැති ශ්‍රී ලංකා-පාකිස්තාන ප්‍රථම පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

- srilankacricket.lk

Thanathillen Eha_1

ශ්‍රී ලංකා ප්‍රවීණ දඟපන්දු යවන්නන් දෙදෙනා වන රංගන හේරත් සහ දිල්රුවන් පෙරේරා, පාකිස්තාන දෙවන ඉනිමේදී කඩුලු නවයක්ම දවාලීම මත අබුඩාබි හි පැවැති ශ්‍රී ලංකා-පාකිස්තාන ප්‍රථම පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 21ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්විණි.  ලකුණු 136ක ජයග්‍රහණ ඉලක්කයක් කරා ගිය පාකිස්තානයට දෙවන ඉනිමේදී සියලු පිතිකරුවන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 114ක් පමණකි.  (ඕවර 47.4).

ශ්‍රී ලංකාව මුල් ඉනිමේ ලැබූ ලකුණු 419ට පිළිතුරු ලෙස පාකිස්තානය මුල් ඉනිමේ ලකුණු 422ක් ලැබූ අතර, ශ්‍රී ලංකාව දෙවන ඉනිමේදී ලබාගත්තේ ලකුණු 138ක් පමණෙකි.  පස්වන හා අවසාන දින පැය හතරක කාලයක් තුළ ලකුණු 136ක් ලබාගැනීමට ලැබුණු අභියෝගය ජයගැනීමට අසමත් වූ පාකිස්තාන කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 114කට දැවී ගියේ පැය එකහමාරක් තරගයට ඉතිරිව තිබියදී ය.

පාකිස්තානයට මේ පරාජය අත්කර දීමට මුල් වූ ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක, රංගන හේරත්, මුල් ඉනිමේදී ලකුණු 93කට කඩුලු පහක්ද, දෙවන ඉනිමේදී ලකුණු 43කට කඩුලු හයක් ද දවාලමින් සම්පූර්ණ තරගයේදී කඩුලු 11ක් දවාලූවේ ලකුණු 136ක් ලබාදෙමිනි.  හේරත්, ටෙස්ට් තරගයක කඩුලු දහය ඉක්මවූ නව වැනි අවස්ථාව මෙය වේ.  හේරත්, දෙවන ඉනිමේදී ද ලබාගත් කඩුලු පහ ඉක්මවීම ටෙස්ට් ඉනිමක ඔහු එලෙස ලැබූ 33වන අවස්ථාව වේ.

රංගන හේරත් මෙදින තම ටෙස්ට් කඩුලු 400 ලබාගැනීමද විශේෂත්වයකි.  එලෙසම, වමතින් දඟපන්දු යවන්නෙකු කඩුලු 400 ලැබූ ලොව ප්‍රථමයා වන්නේ ද රංගන ය.  පාකිස්තානය සමඟ ටෙස්ට් කඩුලු 100ද ඔහු ලැබීය.

රංගන හේරත්ගේ මේ දක්ෂතා මත ඔහු ප්‍රථම පස්දින ටෙස්ට් තරගයේ වීරයා ලෙස නම් කැරිණි.  හොඳම පිතිකරු ලෙස නම් කැරුණේ ශ්‍රී ලංකා නායක, දිනේෂ් චන්දිමාල් ය.  (මුල් ඉනිමේදී නොදැවී 155යි).

තරගයේ පස්වන දින දැවී ගිය කඩුලු 16න් 15ක් ම දවාගත්තේ දඟපන්දු යවන්නෝය.  රංගන හේරත් ලැබූ කඩුලු හය ද, දිල්රුවන් පෙරේරා ලකුණු 46කට දවාලූ කඩුලු තුනද, උදය වරුවේ යෂීර් ෂා ලබාගත් කඩුලු තුන ද ඊට අයත්ය.

Sri Lanka tour of Pakistan in UAE 2017 – 1st Test, Day 05 View Full

ශ්‍රී ලංකා නායක, දිනේෂ් චන්දිමාල් තරගයෙන් පසුව ප්‍රකාශ කළේ මේ ජයග්‍රහණයට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් හා කළමනාකාරිත්වයෙන් ලැබුණු විශාල සහය අගය කරන බව ය.  “අප පුල පුලා බලා සිටියේ ජයග්‍රහණයක් ලබාගැනීමටයි.  දික්වැල්ල හා දිමුත් කරුණාරත්න පිත්තෙන් ද, රංගන හේරත් පන්දු යැවීමෙන් ද දැක්වූ දක්ෂතා අපේ ජයග්‍රහණයට මුල් වූවා”.  දෙවන ඉනිමේදී ලකුණු 135ක් ඉදිරියෙන් සිටින විට එය ජයග්‍රහණයකට ප්‍රමාණවත් බව තම කණ්ඩායම සිතූ බවත් මේ ජයග්‍රහණ ඉදිරියේදී තවදුරටත් පවත්වාගැනීමට අපේක්ෂා කරන බවත් චන්දිමාල් කීවේය.

පසුගිය දා ශ්‍රී ලංකාවේ පැවැති ඉන්දීය සංචාරයේදී ලංකා කණ්ඩායම ලත් පරාජයන්ගෙන් පසුබෑමකට ලක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මේ ජයග්‍රහණයත් සමඟ නව පන්නරයක් ලබා සිටින අතර, ඉදිරි තරගවලට යහපත් මානසිකත්වයකින් මුහුණදීමට මෙම ජයග්‍රහණය ඉවහල් වනු ඇත.

සිව්වන දින තරගය නතර කරන විට ලකුණු 69කට කඩුලු හතරක් දැවී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පස්වන දින දිවා ආහාරය වනවිට සියලුම ක්‍රීඩකයන් දැවී ගියේ ලකුණු 138කට ය (ඕවර 66.5යි).  ශ්‍රී ලංකා කණ්ඩායම උදය වරුවේ පැය දෙකක කාලය තුළ ලබාගත් ලකුණු 69න් 40ක් ම ලබාගත්තේ නිරෝෂන් දික්වැල්ල ය.  දික්වැල්ල පන්දු 76කට මුහුණ දී හතරේ පහර හතරක් ද එල්ල කරමින් නොදැවී සිටීමට සමත් විණි.

පස්වන දින තරගය නැවත ආරම්භවීමෙන් පසු මුළු ලකුණු සංඛ්‍යාවට ලකුණු හතරක් පමණක් එක්වද්දී අබ්බාස්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට කුසල් මෙන්ඩිස් දැවී ගියේ ලකුණු 18කට ය.  මෙන්ඩිස් මෙදින ලැබුවේ ලකුණු දෙකක් පමණි.  පසුව, ලක්මාල් ලකුණු දහතුනකටත්, දිල්රුවන් පෙරේරා ලකුණු හයකටත්, හේරත් ලකුණු නොලබාත්, ලක්ෂාන් සඳකැන් ලකුණු අටකටත්, නුවන් ප්‍රදීප් ලකුණු නොලබාත් දැවී ගියහ.

යසීර් ෂා ලකුණු 51කට කඩුලු පහක් ද, මොහමඩ් අබ්බාස් ලකුණු 22කට කඩුලු 2ක් ද දවාලූහ.  කණ්ඩායම් දෙක අතර දෙවන පස්දින ටෙස්ට් තරගය ඔක්තෝබර් 6-10 දක්වා ඩුබායි හි දී පැවැත්වේ.

– බන්දුල මොල්ලිගොඩ –    

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

Under Secretary for Trade and Foreign Agricultural Affairs at the U.S. Department of Agriculture (USDA), Alexis Taylor, paid a courtesy call on President Ranil Wickremesinghe on Friday (26).

- adaderana.lk

After many years of preparation, Venice has finally debuted its controversial five-euro entry toll for tourists without a hotel reservation this Thursday (25).

- adaderana.lk

The Committee on High Posts has green-lighted the appointment of a new ambassador, a ministerial secretary and two chairpersons to state institutions.

- colombogazette.com

Russian and Indian companies are to manage the Mattala international airport for a period of 30 years. The Sri Lankan Cabinet had granted approval at their meeting held on 09.01.2023 to call for aspirations from the parties interested in utilizing the facilities of the Mattala Rajapaksa International Airport. Accordingly, aspirations have been called and 05 institutions […]

- adaderana.lk

During the inquiry over former President Maithripala Sirisena s recent statement that he was aware of the real culprits behind the Easter Sunday bomb attacks, he has not mentioned the names of anyone in Sri Lanka, Public Security Minister Tiran Alles said.

- adaderana.lk

The Colombo Magistrate s Court ordered 04 including two Lieutenant Commanders of Sri Lanka Navy who were arrested along with a stock of drugs to be remanded in custody until May 09.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc