පාකිස්තානයට ලකුණු 32ක ජයග්‍රහණයක්

- srilankacricket.lk

Thanathillen Eha_1

බන්දුල මොල්ලිගොඩ අබුඩාබ් හි සිට ලියයි……

අබුඩාබ් හි පැවැත් ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවන එක්දින තරගයෙන් ද ලකුණු 32ක ජයක් ලැබූ පාකිස්තානය දැනට තරගාවලියේ ඉදිරියෙන් සිටින්නේ තරග 2 – 0 ක ලෙසිනි.  මුලින් පන්දුවට පහරදුන් පාකිස්තානය ඕවර 50 දී කඩුලු 9ක ට ලකුණු 219ක් වැනි අඩු සංඛ්‍යාවකට දැවී ගිය ද ශ්‍රී ලංකාවට ද ඕවර 48 ක දී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත්තේ ලකුණු 187කි.

ලකුණු 220ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමේ දී ශ්‍රී ලංකා නායක උපුල් තරංග ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි අවසාන පිතිකරු ලෙස නොදැවී හුදකලා සටනක නියැළෙමින් ලංකා ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 144ක ට මුහුණ දී හතරේ 14ක් සමග නොදැවී 112ක් ලැබුවත් සහයට පිතිකරුවෙකු නොමැති වීමෙන් ලංකා ජයග්‍රහණය ද නොමැති විණි.

DSC_8709

උපුල් තරගංට හොඳ සහයක් දුන් අංක නවය පිතිකරු වැන්ඩසේ (පන්දු 65යි ලකූණු 22යි) ලංකා අටවන කඩුල්ලට තරංග සමග එක්කළ ලකුණු ප්‍රමාණය 78කි.  මෙදින තරංග ලැබුවේ සිය 15 වන ශතකයයි.

කණ්ඩායම් දෙකම අඩු ලකුණු ලැබු තරගයක් වූ මෙහි දී පිතිකරුවන් 20 දෙනාම (දෙපිලේම) දැවී ලබාගත හැකිවූයේ ලකුණු 406කි.  අබුඩාබි තණතිල්ලේ ලකුණු රැස් කිරීමේ අපහසුතාව මින් මැනවින් පැහැදිලි වේ.

ශ්‍රී ලංකා නායකයා මෙදින ජයග්‍රහණය සඳහා පරිශ්‍රමයක නිරත වුවත්, එය වැළකී ගියේ දෙවන වරටත් ඉදිරිපෙළ පිතිකරුවන් වන කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල් සහ මිලින්ද සිරිවර්ධන අපොහොසත් වීමෙනි.

තරගයේ වීරයා ලෙස තේරුණේ ෂඩාබ් ඛාන්ය.  ඔහු ලකුණු 47ක ට කඩුලු 3ක් දවාලූ අතර ලකුණු රැස් කිරීමේ දී නොදැවී ලකුණු 52ක් ද ලැබිය.  පාකිස්තානයේ බාබර් අසාම් මෙදින සිය දෙවන පිට පිටම ශතකය ද ලැබීම විශේෂත්වයකි.

පාකිස්තාන නායක සෆ්රාස් අහමඩ් කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ඨ පන්දු යැවීම හා පන්දු රැකීම හමුවේ ඔවුනගේ ඉනිම ආරම්භයේ සිට අවසානය තෙක්ම  ලකුණු රැස් කිරීම ඉතා අසීරු කරුණක් විය.

ළහිරු ගමගේ, තිසර පෙරේරා සහ සුරංග ලක්මාල්ගේ පන්දු හමුවේ අපහසුතාවයකට පත් වූ පාකිස්තාන පිතිකරුවනට තම ඉනිම නිමවන තෙක්ම තබාගත හැකිවුයේ ඕවරයකට 4.38ක වේගයකි.  ඕවරයකට සාමාන්‍ය ලකුණු හතරකට ඔවුන් පැමිණියේ 45 වන ඕවරයේ දී ය.

පාකිස්තාන ලකුණු ලැබුවේ දසවන ඕවරයේ දී කඩුලු 3ක ට ලකුණු 40ක් ද විසිපස්වන ඕවරය නිමවන විට කඩුලු 5ක ට ලකුණු 89ක් ද හතළිස් වන ඕවරය නිමවන විට කඩුලු හයකට ලකුණු 150ක් ද හතළිස් පස්වන ඕවරයේ දී කඩුලු හයකට ලකුණු 182ක් ද වශයෙනි.   මුල් ඕවර කිහිපයේ දී වඩාත් කැපී පෙණුනු ළහිරු ගමගේ සහ ලක්මාල් මුළු ලකුණු 17 දී ෆාකර් සමාන් ද (11) මුළු 27 දී අහමඩ් ෂෙෂාඩ් ද (08) මුළු ලකුණු 40 දී මොහමඩ් හෆීස් ද (08) දවාලමින් ලංකා පිලට හොඳ ආරම්භයක් ලබාදුන්හ.

දහසය වන ඕවරයේ දී තිසර පෙරේරා පන්දු යැවීමට කැඳවීමත් සමග තිසර තම දෙවන ඕවරයේ දී හිටපු නායකයෙකු වන ෂොයිබ් මලින්ද (11) සිය තුන්වන ඕවරයේ දී නායක සෆ්රාස් අහමඩ් ද (05) දවාලීමත් සමග පාකිස්තානය ලකුණු 79ක ට කඩුලු පහක් දැවී පත් වූ අසීරු තත්ත්වයෙන් ගොඩ ඒමට ඔවුනට යළි අවස්ථාව නොලැබිණි.  ඩුබායි හි ප්‍රථම එක්දින තරගයේ දී පස්වන කඩුල්ලට ලකුණු 139ක් රැස් කිරීමට දායක වූ ෂොයිබ් මලික් එදින ලකුණු 81ක් රැස් කළත්, මෙදින ලකුණු 11ක ට දවාලීමට තිසර පෙරේරා සමත් වීම විශාල වූ ජයග්‍රහණයකි.

පාකිස්තාන හයවන කඩුල්ල ලකුණු 101 දි (ඕවර 27.3) දැවී යාමෙන් පසු ඕවර 21.4ක දී හත්වන කඩුල්ලට බාබාර් අසාම් සහ සඩාබ් ඛාන් ලකුණු 101ක් රැස් කළත්, ලකුණු රැස් කිරීමේ වේගය බෙහෙවින් අඩාලව අඩු වේගයක පැවැතිනි.  කෙසේ වුව ද මේ පිතිකරුවන් දෙදෙනා වැඩිම ලකුණු  ලැබුවේ බාබර් අසාම් ලකුණු 101ක් ද (පන්දු 133යි හතරේ හයයි) සහ ෂඩාබ් ඛාන් (නොදැවී ලකුණු 52කයි පන්දු 68යි හතරේ පහරයි) ලබා ගනිමිනි.  ළහිරු ගමගේ දෙවන වරට පන්දු යැවීමට පැමිණි අවස්ථාවේ බාබර් අසාම් සහ රුමාන් රයිස් (00) දවාලමින් පාකිස්තාන ඉනිමේ අග භාගය දවාලුවේය.

සිය හත්වන එක්දින තරගයට සහභාගී වූ ළහිරු ගමගේ මෙදින ප්‍රබල පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු හතරක් දවාලුවේ ලකුණු 57ක් දීමෙනි.  තිසර පෙරේරා සිය ඕවර දහය තුළ ප්‍රබල කඩුලු දෙකක් දවා ගැනීමට සමත් විණි.

ලකුණු පුවරුව

පාකිස්තානය ලකුණු
ෆාකර් සාමන් ඇ. මෙන්ඩිස් බෝ. ගමගේ 11
අහමඩ් ෂෙෂාඩ් ඇ. සිරිවර්ධන බෝ. ලක්මාල් 08
බාබර් අසාම් ඇ. මෙන්ඩිස් බෝ. ගමගේ 101
මොහමඩ් හෆීස් ඇ. දික්වැල්ල බෝ. ගමගේ 08
ෂොයිබ් මලික් ඇ. දික්වැල්ල බෝ. තිසර පෙරේරා 11
සෆ්රාස් අහමඩ් බෝ. තිසර පෙරේරා 05
ඉමාඩ් වසිම් එල්. බී. ඩබ්ලිව්. වැන්ඩසෙ 10
ෂාඩබ් ඛාන් නොදැවී 52
හසන් අලී දුවද්දී දැවී ගියා 07
රුමාන් රයිස් ඇ. අකිල ධනංජය බෝ ගමගේ 00
ජුනයිඩ් ඛාන් නොදැවී 00
අතිරේක 06
එකතුව ඕවර 50 දී කඩුලු 9 ට 219
කඩුලු බිඳ වැටීම – 17,27,40, 71, 79, 101, 210, 218, 218
පන්දු යැවීම – සුරංග ලක්මාල් 10 – 0 – 42 – 1 – ළහිරු ගමගේ 9.6 – 0 – 57 – 4 වැන්ඩසෙ 9 – 0 – 44- 1 තිසර පෙරේරා 10 – 0 – 34- 2 අකිල ධනංජය 9 – 0 – 30 -0 මිලින්ද සිරිවර්ධන 2 – 0 – 9 – 0
ශ්‍රී ලංකාව ලකුණු
නිරෝෂන් දික්වැල්ල එල්. බි. ඩබිලිව්. බෝ ජුනයිඩ් ඛාන් 03
උපුල් තරංග නොදැවී 112
කුසල් මෙන්ඩිස් ඇ. අහමඩ් ෂෙෂාඩ් බෝ. හසන් අලි 10
ළහිරු තිරිමාන්න එල්. බී. ඩබ්ලිව්. බෝ ෂොයිබ් මලික් 12
දිනේෂ් චන්දිමාල් බෝ. ෂඩාබ් 02
මිලින්ද සිරිවර්ධන ඇ. බාබර් අසාම් බෝ. ෂඩාබ් 03
තිසර පෙරේරා ඇ. බාබර් අසාම්  බෝ. හෆීස් මොහෙමඩ් 07
අකිල ධනංජය බො. ෂඩාබ් ඛාන් 01
ජේ. වැන්ඩසෙ ඇ. ෂෙෂාඩ් බෝ. රයිස් 22
සුරංග ලක්මාල් දුවද්දී දැවී ගියා 01
ළහිරු ගමගේ දුවද්දී දැවී ගියා 03
අතිරේක 11
එකතුව (ඕවර 48) 187
කඩුලු බිඳ වැටීම 10, 30, 70, 79, 83, 92, 93, 169, 172, 187
 පන්දු යැවීම – ජුනයිඩ් 6 – 0 – 21 – 1 රයිස් 8 – 1 – 31 – 1 හසන් අලි 10 – 2 – 32 – 1 හෆීස් – 10 – 0 – 24 – 1 ෂොයිබ් මලික්  4 – 0 – 17 – 1 ෂඩාබ්  ඛාන් 9 – 1 – 47 – 3

Mobil_PMS-TM-1

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

Under Secretary for Trade and Foreign Agricultural Affairs at the U.S. Department of Agriculture (USDA), Alexis Taylor, paid a courtesy call on President Ranil Wickremesinghe on Friday (26).

- adaderana.lk

After many years of preparation, Venice has finally debuted its controversial five-euro entry toll for tourists without a hotel reservation this Thursday (25).

- adaderana.lk

The Committee on High Posts has green-lighted the appointment of a new ambassador, a ministerial secretary and two chairpersons to state institutions.

- colombogazette.com

Russian and Indian companies are to manage the Mattala international airport for a period of 30 years. The Sri Lankan Cabinet had granted approval at their meeting held on 09.01.2023 to call for aspirations from the parties interested in utilizing the facilities of the Mattala Rajapaksa International Airport. Accordingly, aspirations have been called and 05 institutions […]

- adaderana.lk

During the inquiry over former President Maithripala Sirisena s recent statement that he was aware of the real culprits behind the Easter Sunday bomb attacks, he has not mentioned the names of anyone in Sri Lanka, Public Security Minister Tiran Alles said.

- adaderana.lk

The Colombo Magistrate s Court ordered 04 including two Lieutenant Commanders of Sri Lanka Navy who were arrested along with a stock of drugs to be remanded in custody until May 09.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc