පාකිස්තානය පස්වන එක්දින තරගය පහසුවෙන්ම ජයගනී

- srilankacricket.lk

බන්දුල මොල්ලිගොඩ සාජා සිට ලියයි….

ශ්‍රී ලංකා – පාකිස්තාන තරග පහක එක්දින ක්‍රිකට් තරගාවලියේ සාජා හි පැවැති පස්වන එක්දින තරගය කඩුලු නවයකින් ජයගත් පාකිස්තානය එක්දින තරගාවලිය ද 5 – 0ක් ලෙසින් ජයගත්තේය.

පස්වන එක්දින තරගයේදී ශ්‍රී ලංකාව ඕවර 26.3කදී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත් ලකුණු 103ට පිළිතුරු ලෙස පාකිස්තානය ඕවර 20.2කදී කඩුලු 1කට ලකුණු 105ක් ලබා මේ ජයග්‍රහණය ලැබීය.

පස්වන තරගයේ වීරයා ලෙස උස්මාන් ඛාන් ද තරගාවලියේ වීරයා ලෙස හසන් අලි ද නම් කැරිණි.

පාකිස්තාන ඉනිමේදී ඉමාම් හක් නොදැවී 45ක් ද, ෆාකර් සාමන් ලකුණු 48ක් ද ලැබූ අතර, වැන්ඩසේ ලකුණු 30ක ට එක් කඩුල්ලක් දවාලූවේය.

සම්පූර්ණ තරගයේම යැවුණේ ඕවර 46.5ක් පමණෙකි.

DSC_1959

ශ්‍රී ලංකා නායක, උපුල් තරංග කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළත්, ප්‍රථම ඕවරයේ සිටම පිට පිටම කඩුලු දැවීයාමෙන් ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවකට යාමේ අපේක්ෂාව ආරම්භයේම අතහැරීමට සිදුවිණි.  ශ්‍රී ලංකාව ඕවර 26.2කදී ලබාගත් ලකුණු 103 පාකිස්තානය සමඟ ලැබූ දෙවන අඩුම ලකුණු සංඛ්‍යාවය.

ශ්‍රී ලංකා ඉනිමේ ප්‍රථම ඕවරය යැවූ උස්මාන් ඛාන්ගේ ප්‍රථම ඕවරයේ පස්වන පන්දුවට ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම (00) සහ හයවන පන්දුවට දිනේෂ් චන්දිමාල් (00) දැවී යාමෙන් පසු උස්මාන් ඛාන්ගේ දෙවන ඕවරයේ තෙවන පන්දුවට උපුල් තරංග (08)ද, පස්වන පන්දුවට නිරෝෂන් දික්වැල්ල (00)ද දැවීයාමෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ සඳහන් වූයේ තෙවන ඕවරය අවසන් වනවිට කඩුලු 4ක් දැවී ලකුණු 8ක් ලෙසිනි.  පසුව උස්මාන් ඛාන් මේ තරගයේ ලකුණු 34කට කඩුලු 5ක් දවාලූවේ පන්දු 21ක් යවමිනි.

මිලින්ද සිරිවර්ධන (ලකුණු 06) ද මුළු ලකුණු සංඛ්‍යාව 20දී පස්වන කඩුල්ල ලෙස දැවී යාමෙන් පසු, ළහිරු තිරිමාන්න හා සීක්කුගේ ප්‍රසන්න හයවන කඩුල්ලට ලකුණු 29ක් රැස් කළ අවස්ථාවේ තිරිමාන්න (ලකුණු 19යි පන්දු 41යි හතරේ 3යි) දැවී ගියේය.

තිසර පෙරේරා (ලකුණු 25යි පන්දු 29යි හතරේ 3යි හයේ 1යි), සීක්කුගේ ප්‍රසන්න (ලකුණු 216යි පන්දු 34යි හයේ 1යි), දුෂ්මන්ත චමීර (ලකුණු 11යි පන්දු 15යි), විශ්ව ප්‍රනාන්දු (නොදැවී ලකුණු 07යි) අග පෙළදී යම් අයුරකින් ලකුණු අතරට පිවිසීමෙන් ශ්‍රී ලංකාවට ලකුණු සියයේ සීමාව ඉක්මවීමට අවස්ථාව උදාවිණි.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව ලකුණු
උපුල් තරංග බෝ. උස්මාන් ඛාන් 08
සධීර සමරවික්‍රම බෝ උස්මාන් ඛාන් 00
දිනේෂ් චන්දිමාල් ඇ සෆරාස් අහමඩ් බෝ උස්මාන් ඛාන් 00
ළහිරු තිරිමාන්න ඇ සෆරාස් අහමඩ් බෝ හසන් අලි 19
නිරෝෂන් දික්වැල්ල එල්.බී.ඩබ්ලිව්. බෝ උස්මාන් ඛාන් 00
මිලින්ද සිරිවර්ධන ඇ. සමාන් බෝ උස්මාන් ඛාන් 06
සීක්කුගේ ප්‍රසන්න දුවද්දී දැවී ගියා 16
තිසර පෙරේරා ඇ අෂ්රොෆ් බෝ සදාබ් ඛාන් 25
ජෙෆ්රි වැන්ඩසේ එල්.බී.ඩබ්ලිව්. බෝ සදාබ් ඛාන් 02
දුෂ්මන්ත චමීර බෝ හසන් අලි 11
විශ්ව ප්‍රනාන්දු නොදැවී 07
අතිරේක 09
එකතුව (ඕවර 26.3) සියලු දෙනා දැවී 103
කඩුලු බිඳ වැටීම – 1, 1, 8, 8, 20, 49, 63, 85, 85, 103
පන්දු යැවීම  – උස්මාන් ඛාන් 7-0-34-5 ෆාහිම් අෂ්රොෆ් 4-0-12-0 ඉමාඩ් වසිම් 4-1-12-0 හසන් අලි  5.2-0-19-2 සදාබ් ඛාන් 5-1-24-2 මොහමඩ් හෆීස් 1-0-1-0
පාකිස්තානය ලකුණු
ඉමාම් උල්හක් නොදැවී 45
ෆකාර් සමාන් ඇ දික්වැල්ල බෝ.  වැන්ඩසේ 48
ෆාහිම් අෂ්රොෆ් නොදැවී 05
අතිරේක 07
එකතුව ( කඩුලු 1ට ඕවර 20.2යි) 105
කඩුලු බිඳ වැටීම – 84
පන්දු යැවීම – දුෂ්මන්ත චමීර 4-1-13-0 විශ්ව ප්‍රනාන්දු 4-1-21-0 වැන්ඩසේ 6.2-0-30-1 තිසර පෙරේරා 2-0-18-0 ප්‍රසන්න 4-0-21-0

Mobil_PMS-TM-1

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

The Meteorology Department says showers or thundershowers can be expected in parts of the Western, Sabaragamuwa, Central, Southern, North-western and Uva provinces after 2 p.m.

- colombogazette.com

The Pentagon says it will “rush” Patriot air defence missiles and artillery ammunition to Ukraine as part of its new military aid package. The US will utilise $6bn (£4.8bn) for this purpose, Defence Secretary Lloyd Austin revealed on Friday. Patriot air defence batteries are not included. Ukrainian President Volodymyr Zelensky said Patriots were “urgently” needed […]

- colombogazette.com

The Sri Lankan Government says the economy has stabilized and growth is now emerging. State Minister of Finance Shehan Semasinghe said that the currency appreciated from Rs. 360/USD in 2022 to Rs. 300/USD at present. “It is important to understand that exchange rates in Sri Lanka is Market-determined which allows currency values to adjust according […]

- island.lk

By Rathindra Kuruwita The problems facing 17,000 families, affected by the negative environmental impacts of the Uma Oya project, have not yet been solved, Sajeewa Chamikara of the Movement for Land and Agricultural Reform (MONLAR) told The Island. In December 2014, a leak sprang up in its 15.2 km tunnel and due to that thousands of houses […]

- island.lk

By Saman Indrajith Those who are responsible for the Easter Sunday carnage should be given the death sentence instead of being fined, SJB MP Sarath Fonseka told Parliament on Friday (26). “A few months ago, a driver who was responsible for a serious accident was given the death penalty. Why are people, responsible for the […]

- island.lk

By Rathindra Kuruwita President Ranil Wickremesinghe’s past attempts to privatise medical education led to disastrous consequences, spokesperson for the Government Medical Officers Association (GMOA), Dr. Chamil Wijesinghe said, commenting on the fee-paying medical degree programmes at the General Sir John Kotelawala Defence University. KDU will offer a paid medical degree programme to stude...

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc