ක්‍රිකට් තරග විනිසුරුවන් 213ක ට පත්වීම්
ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විනිසුරුවන්ගේ සංගමය මෙහෙය වූ අදියර පහ විභාගයෙන් සමත් වූ ක්‍රිකට් විනිසුරුවරයන් 213ක ට සහතික පත්‍ර ප්‍රදානය නොබෝදා (21) මාලිගාවත්ත ඛෙත්තාරාම ක්‍රිඩාංගණයේ දී සිදු කැරිණි.
දිවයිනේ සියලුම දිස්ත්‍රික්කයන් හි භාෂා තුනෙන්ම දේශන පවත්වා ඊට සහභාගි වූ අයදුම්කරුවන් 273ක් ලිඛිත විභාගයකට පෙනී සිටීමෙන් පසු ඉන් සමත් වූ 2016ට සහතික පත්‍ර පිරිනමන ලදී.
සහතික පත්‍ර බෙදාදීම සිදු කැරුණේ ශ්‍රී ලංකා ක්‍රිකට ආයතනයේ සභාපති නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විනිසුරුවන්ගේ සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ ප්‍රදානත්වයෙනි.
ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ද මේ විනිසුරු විභාගයට පෙනී සිටියහ.
විශිෂ්ඨ කුසලතා දැක් වූ විනිසුරුවරයන් හතරදෙනෙකු මෙහි දී කොන්ත්‍රාත් පදනමට බඳවා ගැනීමට ද විශේෂත්වයකි.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-