ශ්‍රී ලංකා ක්‍රිකට් පිල හොඳ ආරම්භයක් ලබා ගනී
කල්කටාවේ ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ දී බ්‍රහස්පතින්දා (16) ආරම්භ වූ ශ්‍රී ලංකා ඉන්දීය ප්‍රථම පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට ඉතා හොද ආරම්භයක් ලබාගත්තේ ප්‍රථම දින තරගය නිමා වන විට ලකුණු 17ක ට කඩුලු 3ක් ම දවාලමිනි. දිනය නිමා වන විට ඉන්දියාව ඕවර 11.3ක දී ලකුණු 17ක් ලබා සිටියේ කඩුලු තුනක් දැවීමෙනි. මෙදින ඕවර 78.3ක් අයහපත් කාලගුණය මත නොයැවිමි. අති විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වේගපන්දු යවන සුරංග ලක්මාල් ඕවර හයක් යවා ලකුණක්වත් ලබා නොදී ඉන්දීය කණ්ඩායමේ පිති හරඹයේ කොඳු නාරටිය වන ලොකේෂ් රාහුල් (00) ශිකන්දර් ධවාන් (08) හා නායක විරාට් කෝලි (00) දවාලුවේය.
ශ්‍රි ලංකා නායක දිනේෂ් චන්දිමාල් කාසියේ වාසිය දිනා තීරණය කළේ අයහපත් කාලගුණයක් පවතින ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ මුලින් පන්දුවට පහරදීම ඉන්දියාවට පැවරීමය. ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ ශ්‍රී ලංකාව පරාජයට පත් වූ ටෙස්ට් තරග තුනේම කාසියේ වාසිය ඉන්දියාව දිනාගත් අතර, කාසිය වාසිය ලැබීම කෙතරම් හිතකරදැයි කල්කටා තරගයේ දී මනාව පැහැදිලි විය.
ශ්‍රී ලංකා ආරම්භක පන්දු යවන්නා සුරංග ලක්මාල් වේගපන්දු විවිධාකාරයට යවමින් ඉන්දීය පිතිකරුවන්ව පත්කළේ අසරණම තත්ත්වයකටය. ලක්මාල් යැවූ තරගයේ ප්‍රථම ඕවරයේ ප්‍රථම පන්දුවටම ලොකේෂ් රාහුල් (00) දැවීගියේ කඩුලු රකින නිරෝෂන් දික්වැල්ලට උඩපන්දුවක් ලබා දීමෙනි. ඉන්දියාව ලකුණු 13ක් ලබා සිටිය දී ලක්මාල් සිය සිව්වන ඕවරයේ දෙවන පන්දුවෙන් අනික් ආරම්භක පිතිකරු ශිකන්දර් ධවාන් (08) දවාලුවේ පන්දුව කෙලින්ම කඩුල්ලේ දවටමිනි. නායක විරාට් කෝලි කඩුල්ලට පැමිණි අවස්ථාවේ සිටම එතරම් සතුටුදායක තත්ත්වයක නොපෙන්වූ අතර, ලක්මාල්ගේ හයවන ඕවරයේ ප්‍රථම පන්දුවට කඩුල්ල මුවා කිරීමේ වරදට ඔහු දැවී ගියේ ලකුණු නොලබාමය. දිනය නිමාවන විට ලක්මාල් ලකුණක්වත් නොදී කඩුලු තුනක් දවා තිබිණි.
චෙටේෂ්වර් පුජාරා ද කිහිප වරක් දැවී යාමට ගොස් ඉන් වැළකුණේ වාසනාවකටය. පෙරදින වර්ෂාවෙන් පිටියේ ඈත පෙදෙස් තෙත්ව තිබීම මත තරගය ඇරඹුණේ දහවල් 1.15ටය. අයහපත් කාලගුණය මත නවවන හා එකොළොස්වන ඕවරවල දී තරගය නතර කැරිණි. දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, සධීර සමරවික්‍රම, ළහිරු තිරිමාන්න, ඇන්ජිලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, ළහිරු ගමගේ, දසුන් ශානක ලංකා පිල නියෝජනය කරති.
– බන්දුල මොල්ලිගොඩ –