ඉන්දියාවට ඉනිමක හා ලකුණු 239ක ජයග්‍රහණයක්

- srilankacricket.lk

Thanathillen Eha_1

ශ්‍රී ලංකා – ඉන්දියා දෙවන පස්දින ටෙසට් ක්‍රිකට් තරගයේ සිව්වන දින දිවා ආහාරයට මදකට පසුව තරගය නිමාවට පත්වූයේ ඉන්දියාව ඉනිමකින් හා ලකුණු 239කින් පහසු ජයග්‍රහණයක් අත්කර ගනිමිනි.  මේ තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව මුල් ඉනිමේ දී ලබාගත් ලකුණු 205ට පිළිතුරු ලෙස ඉන්දියාව මුල් ඉනිමේ දී කඩුලු 6ක ට ලකුණු 610ක් ලැබීය.

මුල් ඉනිමේ දී ලකුණු 405ක් පිටුපසින් සිටී ශ්‍රී ලංකාව දෙවන ඉනිමේ දී ද සියලු පිතිකරුවන් දැවී ලබාගත්තේ ලකුණු 166ක් පමණෙකි.  ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රථම දින මුල් ඉනිමේ දී ලකුණු 205ක් වැනි අඩු සංඛ්‍යාවකට දැවී යාමට සිදු වීමත් සමග නැවත තරගයට අවතීර්ණ වීමට අවස්ථාව උදා නොවීය.

සිව්වන දින තරගය ආරම්භ වන විට ශ්‍රී ලංකාව පසුවූයේ ඉන්දීය මුල් ඉනිමට වඩා ලකුණු 384ක් පිටුපසින් කඩුලු අටක් ඉතිරිවය.  මෙදින දිවා ආහාරය වන විට ශ්‍රී ලංකාව දෙවන ඉනිමේ දී ද ලකුණු 145ක ට කඩුලු අටක් දැවී සිටි හෙයින් තරග ප්‍රතිඵලය ඒ වන විට ම පැහැදිලි විය.  මෙදින උදේ වරුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම වෙනුවෙන් ද ලකුණු 107ක් වන විට කඩුලු අටක් ම දැවී තිබිණි.  දිමුත් කරුණාරත්න 18යි, (පන්දු 45යි, හතරේ තුනයි) ළහිරු තිරිමාන්න (ලකුණු 23යි, පන්දු 62යි, හතරේ 3යි) ඇන්ජලෝ මැතිව්ස් (ලකුණු 10යි, පන්දු 32යි) නිරෝෂන් දික්වැල්ල (ලකුණු 4යි, පන්දු 12යි) දසුන් ශානක (ලකුණු 17යි, පන්දු 8යි, හතරේ 1යි, හයේ 02යි) දිල්රුවන් පෙරේරා (00) රංගන හේරත් (00) එහි දී දැවී ගිය පිතිකරුවන් වූහ.

Indian cricketer Ishant Sharma (C) celebrates with teammates after taking the wicket of Sri Lanka batsman Niroshan Dickwella during the fourth day of the second Test cricket match between India and Sri Lanka at the Vidarbha Cricket Association Stadium in Nagpur on November 27, 2017. / AFP PHOTO / PUNIT PARANJPE / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

Indian cricketer Ishant Sharma (C) celebrates with teammates after taking the wicket of Sri Lanka batsman Niroshan Dickwella during the fourth day of the second Test cricket match between India and Sri Lanka at the Vidarbha Cricket Association Stadium in Nagpur on November 27, 2017.
/ AFP PHOTO / PUNIT PARANJPE / —-IMAGE RESTRICTED TO EDITORIAL USE – STRICTLY NO COMMERCIAL USE—– / GETTYOUT

ලංකා දෙවන ඉනිමේ නමවන කඩුල්ලට නායක දිනේෂ් චන්දිමාල් සහ සුරංග ලක්මාල් ලකුණු 58ක් රැස් කළ අතර, එය දෙවන ඉනිමේ හොඳම සබදතාවයත් පිතිකරුවන් දෙදෙනෙකු ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාවක් විය.  නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 61ක් රැස් කළේ පන්දු 82ක දී හතරේ 10ක් සමගිනි.  සුරංග ලක්මාල් පන්දු 42ක දී හයේ පහරක් හතරේ දෙකක් සමග නොදැවී ලකුණු 31ක් ලබා සිටියේය.

මුල් ඉනිමේ දී කඩුලු 4ක් දවාලූ රවිචන්ද්‍ර අස්වින් දෙවන ඉනිමේ දී ද ලකුණු 63ක ට කඩුලු 4ක් දවා තම පෞද්ගලික ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 300ක් බවට පත්කර ගත්තේය.  ඔහු තරගයේ පන්දු යවන්නා විය.  තරගයේ වීරයා ලෙස නම් කැරුණේ ලකුණු 213ක් ලැබූ ඉන්දීය නායක විරාට් කෝලිය.  කේ යදවු ඔහුගේ 99 වන ටෙස්ට් කඩුල්ල දවාලූවේ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් දවාලමිනි.

චන්දිමාල් තරගයෙන් පසුව ප්‍රකාශ කළේ තරගය ජය පැරදුමින් තොරව කෙළවර කිරීමට හෝ දින 5ක් වනතුරු පවත්වාගෙන යාමට මුල් ඉනිමේ දී ලකුණු 350ක් වත් රැස් කළ යුතු බවත් ඉන්දියාවට ඒමට පෙර තම කණ්ඩායමට සැලසුම් රැසක් තිබුණත් ඒවා සාර්ථක නොවූ බවය.  අපගේ පිතිකරුවන් අර්ධ ශතකවලට පැමිණි අවස්ථාවන් හි ඒවා දිගු ඉනිම් බවට පත් කර ගැනීමට අපොහොසත් වූවා.  ඇන්ජලෝ මැතිව්ස් අප සතු හොඳම පිතිකරුවෙක්.  ඔහුටත් ලකුණු අතරට ඒමට නොහැකි වීම අභාග්‍යයක්. කෙසේ වුවද ඊළඟ තරගයේ දී හෝ  පිතිකරුවන් හා පන්දු යවන්නන් දස්කම් පාවී යයි අපේක්ෂා කරන බව ද චන්දිමාල් කීය.   ඉන්දීය නායක විරාට් කෝලි ප්‍රකාශ කළේ තම කණ්ඩායමේ ක්‍රීඩකයන් තුන් ඉරියව්වේම දස්කම් දැක් වූ බවත් එම ක්‍රීඩකයනට ගෞරවය හිමිවිය යුතු බවත්ය.

ශ්‍රී ලංකාව දෙවන ඉනිමේ දී හෝ ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවකට යතැයි අපේක්ෂා කළත් ඒ සිව්වන දින උදෑසන ව්‍යාවර්ථ වූයේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න මුළු ලකුණු 34 දී දඟ පන්දු යවන ජඩෙජාගේ පන්දුවකට මුරලි විජේට උඩපන්දුවක් දී දැවී යාමෙනි.  අංක 3 පිතිකරු ළහිරු තිරිමාන්න මුළු ලකුණු 48 දී යදෙව්ගේ පන්දුවකට ජඩෙජාට උඩපන්දුවක් දී දැවී ගියේ ලකුණු 23ක ට ය.   ඇන්ජලෝ මැතිව්ස්ට ලබාගත හැකි වූයේ නැවතත් ලකුණු 10කි.   ජඩෙජාගේ පන්දුවකට රෝහිත් ෂර්මාට උඩපන්දුවක් දීමෙන් එහු දැවී ගියේ ලකුණු 68දීය.  වෙනදා ලකුණු අතර සිටින නිරෝෂන් දික්වැල්ල මුළු 75 දී ලකුණු හතරකට නැවත ක්‍රීඩා මණ්ඩපයට ගියේ ෂර්මාගේ පන්දුවකට කෝලිට උඩපන්දුවක් දීමෙනි.  ප්‍රබලම කඩුලු පහ අඩු සංඛ්‍යාවන්ට දැවී යාමෙන් පසු ලංකා පිලට තවත් බලාපොරොත්තු තබා ගැනීමට අවස්ථාවක් උදා නොවීය.

කණ්ඩායම් දෙක අතර, තුන්වන හා අවසාන ටෙස්ට් තරගය දෙසැම්බර් 2 වන දා නවදිල්ලියේ දී ඇරඹේ.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- news.lk

Non Cabinet Minister of State Plantation Enterprises Reforms and State Minister of Finance, Ranjith Siyambalapitiya, announced that in the first quarter of this year, state revenue has reached an impressive Rs. 834 billion. This achievement not only surpasses the projected revenue but also indicates a growth of 6%. The state minister emphasized that with prudent financial management and a consiste...

- adaderana.lk

The Japanese Government has provided a grant of US$3 million through the Food and Agriculture Organization of the United Nations (FAO), to strengthen inland fisheries and improve rural livelihoods in partnership with the Ministry of Fisheries of Sri Lanka.

- island.lk

Non Cabinet Minister of State Plantation Enterprises Reforms and State Minister of Finance, Ranjith Siyambalapitiya, announced that in the first quarter of this year, state revenue has reached an impressive Rs. 834 billion. This achievement not only surpasses the projected revenue but also indicates a growth of 6%. The state minister emphasized that with prudent […]

- adaderana.lk

President Ranil Wickremesinghe expressed his dedication to fostering an economic landscape in the nation that would prevent future struggles among its citizens. Emphasizing the swift reconstruction of the economy within a mere two-year span, he underscored his resolve to elevate the standard of living by fortifying the economy s resilience.

- adaderana.lk

Former Malaysian Prime Minister Mahathir Mohamad is among individuals being investigated in connection with a graft probe involving his sons, the head of Malaysia s Anti-Corruption Commission (MACC) said on Thursday.

- adaderana.lk

Iran s President Ebrahim Raisi has called for expanding ties with Asian countries, particularly Pakistan and Sri Lanka, to strengthen bilateral, regional, and international cooperation.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc