ශ්‍රී ලංකාවට 410ක ඉලක්කයක්

- srilankacricket.lk

Thanathillen Eha_1

නවදිල්ලියේ ෆෙරෝස් ෂා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා –  ඉන්දීය අවසාන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසාන දිනයේ (6 වැනිදා) ශ්‍රී ලංකාවට තවත් ලකුණු 379ක් ලබා මේ තරගයෙන් ජය ගැනීමේ අභියෝගය ලැබී තිබේ.  ඉන්දියාව තම දෙවන ඉනිම කඩුලු පහකට ලකුණු 246ක් ලබා සිව්වන දින තේ පානයෙන් ඕවර කිහිපයකට පසු නතර කර ශ්‍රී ලංකාවට දෙවන ඉනිමේ දී ලකුණු 410ක් ලබා ජය ගැනීමට ඉලක්කයක් ලබා දුන්නේය.  එහෙත් තරගය නතර කරන විට ලංකා පිල කඩුලු තුනක් දැවී ලබා සිටියේ ලකුණු 31ක් පමණකි.

Sri Lanka batsman Dimuth Karunarathna (C) runs between the wickets on the fourth day of third Test cricket match between India and Sri Lanka at the Feroz Shah Kotla Cricket Stadium in New Delhi on December 5, 2017. / AFP PHOTO / SAJJAD HUSSAIN / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

Sri Lanka batsman Dimuth Karunarathna (C) runs between the wickets on the fourth day of third Test cricket match between India and Sri Lanka at the Feroz Shah Kotla Cricket Stadium in New Delhi on December 5, 2017. / AFP PHOTO / SAJJAD HUSSAIN / —-IMAGE RESTRICTED TO EDITORIAL USE – STRICTLY NO COMMERCIAL USE—– / GETTYOUT

ශ්‍රී ලංකාව දෙවන ඉනිම ආරම්භ කිරීමෙන් පසු දිමුත් කරුණාරත්න සහ සධීර සමරවික්‍රම මුල් විකට්ටුවට ලකුණු 14ක් රැස් කළ අවස්ථාවේ වේගපන්දු යවන මොහොමඩ් ෂාමි තම හයවන ඕවරය බියකරු ලෙස වේගපන්දු සමරවික්‍රම වෙත එවීය.  සිව්වන පන්දුවට සමරවික්‍රම තණතිල්ලේ ඇද වැටුණු අතර ඊළඟ පන්දුව නැවත හිස ඉහළින් එන අවස්ථාවේ ඉන්මග හැරීමට යද්දී පන්දුව අතේ ආවරණයේ සහ උරහිසේ වැදී කඩුලු රකින සාහා අල්ලා ගැනීමෙන් ලකුණු පහකට දැවී ගියේය.

මේ ඕවරය යැවීමෙන් පසුව ෂාමිද මෙදින උදය වරුවේ වායු දූෂණය මත ලක්මාල් වමනය කළ ආකාරයටම වමනය කර පිටියෙන් ඉවතට ගියේය.  ශ්‍රී ලංකා පන්දු රකින්නන් මෙදින ද පිටියට පිවිසියේ මුහුණු ආවරණ පැළඳගෙනය.

ලංකා දෙවන ඉනිමේ දී දිමුත් කරුණාරත්න පන්දු හොඳින් තෝරා ගනිමින් කඩුල්ල ආරක්ෂා කරගනිමින් සිටියත් ජඩෙජා එවූ තරගයේ 16 වන ඕවරයේ ප්‍රථම පන්දුවට සහාට උඩපන්දුවක දී ලකුණු 13ක ට (පන්දු 46යි, හතරේ 1යි) දැවී ගියේ තරගය නතර කිරීමට ස්වල්ප වේලාවක් (අවසාන ඕවරයේ) ඉතිරිව තිබිය දී ය.  ශ්‍රී ලංකාව මේ අවස්ථාවේ නයිට් වොච්මන් (ඇදිරි ආරක්ෂකයා) ලෙස සුරංග ලක්මාල් එව්වත් ජඩෙජාගේ  එම ඕවරයේ සිව්වන පන්දුව කඩුල්ලේ වැදී ලක්මාල් (00) දැවිණි.  ජඩෙජා ඕවර පහක් යවා ලකුණු පහකට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් විණි.

සිව්වන දින තරගය නිම වන විට ධනංජය ද සිල්වා හයේ පහරක් සමග නොදැවී ලකුණු 13ක් ද ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු නොලබා ද සිටියහ.

ශ්‍රී ලංකා මුල් ඉනිමේ අවසාන පිතිකරුවන් දෙදෙනා නායක දිනේෂ් චන්දිමාල් සහ ලක්ෂාන් සඳකැන් සිව්වන දින (05) තරගය ආරම්භ කිරීමෙන් පසුව ඕවර හයක් කඩුල්ලේ රැඳී සිටීමට සමත් විය.  ලකුණු 356 සිට තවත් ලකුණු 17ක් මෙදින ලංකා කණ්ඩායමට එක් වු අතර, එම ලකුණු 17 ම ලබා ගත්තේ චන්දිමාල්ය.  ලංකා අවසාන කඩුල්ලට මොවුන් දෙදෙනා ඕවර 8.4ක දී (පන්දු 52ක දී) ලකුණු 30ක් එක් කළහ.  ලක්ෂාන් පන්දු 20ක ට මුහුණ දී ලකුණක්වත් ලබා නොගත්තත් තම නායකයාට ලකුණු රැස් කිරීමට තම කඩුල්ල ආරක්ෂා කර ගත්තේය.  මුළු ලකුණු 373ක දී ඉෂාන්ට් ෂර්මාගේ පන්දුවකට ධවාන්ට උඩ පන්දුවක් දීමෙන් දැවී යන විට චන්දිමාල් පන්දු 361ක ට මුහුණු දී හයේ පහරක් හතරේ 21ක් සමග ලකුණු 164ක් ලබා තිබිණි.   මෙය චන්දිමාල්ගේ ලකුණු 150 පසුකළ සිව්වන අවස්ථාවයි.

ශ්‍රී ලංකා නායකයාට දිවිත්ව ශතකයක් කරා යාමට උත්සහ ගැනීමට මැද පෙළ පිතිකරුවන් කඩුලු ආරක්ෂා කර නොගැනීම අවාසනාවකි.

ඉන්දීය පන්දු යවන්නන් අතුරින් කැපී පෙණුනු ඉෂාන්ට් ෂර්මා ලකුණු 98ක ට කඩුලු තුනක් ද රවිචන්ද්‍ර අස්වින් ලකුණු 90ක ට කඩුලු තුනක් ද දවාලූහ.

ඉන්දියාව දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ප්‍රථම විකට්ටුව මුළු ලකුණු දහයේත් (මුරලි විජේ 9යි) දෙවන විකට්ටුව මුළු ලකුණු 29දීත් (අජින්ක්‍යා රහනේ 10යි) තෙවන කඩුල්ල මුළු ලකුණු 106දීත් (පුජාරා 49යි) දැවී ගියේ ඕවර 31ක් තුළ දී ය.  සුපුරුදු ආක්‍රමණශීලි පිතිහරඹයෙන් මිදුණු ධවාන් ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරමින් පන්දු 91ක දී ලකුණු 67ක් ලබා සිව්වන කඩුල්ල ලෙස දැවී ගියේ මුළු ලකුණු 144ක දීය.

ඉන්දීය නායක විරාට්  කෝලි සහ රෝහිට් ෂර්මා ඕවර 15.2 ක දී පස්වන කඩුල්ලට වේගවත් ලකුණු 90ක් ලැබුවේ ඕවරයකට සාමාන්‍ය ලකුණු හයක් වන පරිද්දෙනි.  කෝලි මුළු ලකුණු 234ක දී පස්වන කඩුල්ල ලෙස දැවී යන විට පන්දු 58ක දී හතරේ තුනක් සමග ලකුණු 50ක් ලබා සිටියේය.  ඉන්දීය ඉනිම නතර කරන විට රෝහිට් ෂර්මා පන්දු 49ක් ලබා සිටියේ හතරේ පහක් සමගිනි.

ලක්මාල්, ගමගේ, පෙරේරා, ධනංජය ද සිල්වා හා සඳකැන් කඩුල්ල බැගින් දවාලූහ.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

Under Secretary for Trade and Foreign Agricultural Affairs at the U.S. Department of Agriculture (USDA), Alexis Taylor, paid a courtesy call on President Ranil Wickremesinghe on Friday (26).

- adaderana.lk

After many years of preparation, Venice has finally debuted its controversial five-euro entry toll for tourists without a hotel reservation this Thursday (25).

- adaderana.lk

The Committee on High Posts has green-lighted the appointment of a new ambassador, a ministerial secretary and two chairpersons to state institutions.

- colombogazette.com

Russian and Indian companies are to manage the Mattala international airport for a period of 30 years. The Sri Lankan Cabinet had granted approval at their meeting held on 09.01.2023 to call for aspirations from the parties interested in utilizing the facilities of the Mattala Rajapaksa International Airport. Accordingly, aspirations have been called and 05 institutions […]

- adaderana.lk

During the inquiry over former President Maithripala Sirisena s recent statement that he was aware of the real culprits behind the Easter Sunday bomb attacks, he has not mentioned the names of anyone in Sri Lanka, Public Security Minister Tiran Alles said.

- adaderana.lk

The Colombo Magistrate s Court ordered 04 including two Lieutenant Commanders of Sri Lanka Navy who were arrested along with a stock of drugs to be remanded in custody until May 09.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc