2017 – 2018 මේජර් ලීග් ක්‍රිකට් තරග 8 සිට….
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් ලීග් ‘ඒ’ කොටසේ තරගාවලිය (ප්‍රධාන
තරගාවලිය) දෙසැම්බර් 8 වැනිදා සිට ආරම්භ වීමට නියමිතය. මෙහි පළමු වටයේ තරග 42 තුන්දින
තරග ලෙස පැවැත්වෙන අතර, එහි දස්කම් දක්වන කණ්ඩායම් අට සුපර් එයිට් (සුපිරි අට) වටයටත්
සුදුසුකම් ලබති.
ලීග් තරග දෙසැම්බර් 8 සිට ජනවාරි 21 දක්වා පැවැත්වෙන අතර සුපිරි අට තරග ජනවාරි 25 සිට
පෙබරවාරි 18 දක්වා පැවැත්වීමට නියමිතය. රෝස ක්‍රිකට් පන්දුවට ක්‍රිකට් ක්‍රීඩකයන් වැඩිපුර
හුරුකිරීමේ අරමුණින් සුපර් එයිට් (සුපිරි අට) තරග සිව් දින තරග ලෙස රෝස ක්‍රිකට් පන්දුවෙන්
පැවැත්වේ. සුපිරි අට ජයග්‍රහකයනට රුපියල් දස ලක්ෂයක මුදලක් ද එහි අනුසූරයනට රුපියල්
ලක්ෂ හතහමාරක මුදලක් ද පිරිනැමේ.
මේජර් ලීග් ‘ඒ’ කොටසේ තරගාවලියට සහභාගී වන කණ්ඩායම් 14 කොටස් දෙකකට බෙදා ඇති අතර,
‘ඒ’ කොටසට එස්. එස්. සී, රාගම ක්‍රීඩා සමාජය, සී. සී. සී, කෝල්ට්ස්, සරසන්ස්, බ්ලුම්ෆීල්ඩ්, මුවර්ස්
කණ්ඩායම් ද දෙවන කොටසට හලාවත මේරියන්ස්, එන්. සී. සී, යුද හමුදාව, ද්‍රවිඩ සමාජය, බී. ආර්.
සී, බදුරලිය ක්‍රීඩා සමාජය, වරාය අධිකාරිය අයත් වෙති.
මේ කණ්ඩායම්වල නායකත්වයන් දරන්නේ සචිත්‍ර සේනානායක (එස්. එස්. සී), ළහිරු තිරිමාන්න
(රාගම), අසාන් ප්‍රියංජන (සී. සී. සී), දිල්රුවන් පෙරේරා (කෝල්ට්ස්), හර්ෂ කුරේ (සරසන්ස්), නිපුන්
කරුණානායක (බ්ලුම්ෆීල්ඩ්), චාමර සිල්වා (මූවර්ස්) මලින්ද පුෂ්පකුමාර (හලාවත මේරියන්ස්),
ඇන්ජලෝ පෙරේරා (එන්. සී. සී), සීක්කුගේ ප්‍රසන්න (යුද හමුදාව), කිත්රුවන් විතානගේ (ද්‍රවිඩ
සංගමය), ටී. එන්. සම්පත් (බී. ආර්. සී), අලංකාර අසංක (බදුරලිය) සහ ගිහාන් රූපසිංහ (වරාය) ය.
සුපර් එයිට් වටයට තේරුණු කණ්ඩායම් අට හැරුණු විට සෙසු කණ්ඩායම් හය ප්ලේට් තරගාවලියකට
තුන්දින තරගවලට සහභාගි වේ. සුපිරි අට තරගාවලියේ අවසාන කණ්ඩායම ප්ලෙට් තරගාවලියේ
කොටසට නම් කරන අතර, ප්ලේට් තරගාවලියේ ජයග්‍රහකයන් සුපිරි අට තරගාවලියට සුදුසුකම්
ලබයි.
රෝස පන්දුවට ක්‍රීඩකයන් හුරු කිරීමෙන් රෝස පන්දු ටෙස්ට් තරගවලට පහසුවෙන් ක්‍රීඩා කිරීමට
අවස්ථාව මෙමගින් සැලසෙනු ඇත.
– බන්දුල මොල්ලිගොඩ –