How can Sri Lankan charities find international donors and partners?

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයග්‍රහණයක්

- srilankacricket.lk

 

Thanathillen Eha_1

 

 

ඉන්දියාවේ ධරම්ශාලා ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා-ඉන්දියා ප්‍රථම එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකාව ඉන්දියාව පරදා කඩුලු හතක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගත්තේ තවත් ඕවර 29.2ක් ද ඉතිරිව තිබියදී ය.  ඉන්දියාව ඕවර 38.2 ක දී සියලුම ක්‍රීඩකයන් දැවී ලබාගත් ලකුණු 112 ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ඕවර 20.4ක දී කඩුලු තුනකට ලකුණු 114ක් ලබාගනිමින් මේ අනභිභවනීය ජයග්‍රහණය වාර්තා කළේය.

 

මීට කලින් පිට පිට ම එක්දින තරග 12කින් (සිම්බාබ්වේ, ඉන්දියාව හා පාකිස්තාන කණ්ඩායම්වලට) පරාජයට පත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට මේ ජයග්‍රහණයත් සමඟ පරාජයට පත්වීම වළකාගැනීමට අවස්ථාව උදාවිණි.  එලෙසම ඉන්දියාව ලබාගත් ලකුණු 112 සිය රටේදී ඔවුන් ලබාගත් තෙවන අඩුම ලකුණු සංඛ්‍යාවයි.  මෙදින ඔවුන් වරක් ලකුණු 29ක ට කඩුලු 7ක් දැවී ඔවුනගේ අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී යන ලකුණු ද පහළ කළේය.  හිටපු නායක, මහේන්ද්‍ර සිං දෝනි ඉනිම අග භාගයේදී ලකුණු 65ක් රැස් කිරීමෙන් ඔවුනට ඉන් ගැළවීමේ අවස්ථාව ලැබිණි.  මීට පෙර ඉන්දීය කණ්ඩායමේ එක්දින තරගයක ලැබූ අඩුම ලකුණු සංඛ්‍යාව වන්නේ 2000 වසරේ ශ්‍රී ලංකාව සමඟ ම සාජා හි ලැබූ ලකුණු 54 ය.

 

ඉරිදා (10) ධරම්ශාලා හි පැවැති ශ්‍රී ලංකා-ඉන්දියා ප්‍රථම එක්දින තරගයේ ආරම්භයේ සිට ම ප්‍රබල ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවූයේ ආරම්භක පන්දු යවන්නා සුරංග ලක්මාල් පන්දු යැවීමේදී පෙන්වූ විශිෂ්ට දක්ෂතාවයි.  ලක්මාල් එක දිගට ම තමාගේ ඕවර දහය යවමින් ඉන් ඕවර හතරකට ලකුණක්වත් ලබා නොදී ලකුණු 13ක ට ඉන්දීය ප්‍රබල පිතිකරුවන් සිව් දෙනෙකුම දවාලීමෙන් පත් වූ පීඩනයෙන් ගැළවීමට ඉන්දීය කණ්ඩායමට ඉනිම නිම වනතුරු ම අවස්ථාවක් නොලැබිණි.  ඊට අනගි සහයක් දුන් ඇන්ජලෝ මැතිව්ස් (ලකුණු 08ක ට කඩුලු 01යි) සහ නුවන් ප්‍රදීප් (ලකුණු 37ක ට කඩුලු 02යි) තර්ජනාත්මක ලෙස පන්දු යැවීමෙන් ඉන්දීය මැදපෙළ පිතිරකණය ද කඩා වැටිණි.

 

ඉන්දීය කණ්ඩායමේ, වරක් ලකුණු 16ක ට කඩුලු පහක් ද, ලකුණු 28ක ට කඩුලු හයක් ද, ලකුණු 29ක ට කඩුලු 07ක් ද දැවී ගිය අතර, එම අවස්ථා, ඉන්දීය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඔවුන් ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාවන් වේ.

 

මේ තරගයට රෝහිට් ෂර්මා ඉන්දීය පිලට නායකත්වය දුන් අතර, ඔවුනගේ නිත්‍ය නායක, විරාට් කෝලි එක්දින තරගාවලියට සහභාගි නොවේ.  රෝහිට් ෂර්මා සහ තිසර පෙරේරා කණ්ඩායම් දෙකට මෙහිදී නායකත්වයන් ලබා දුන්නේ ප්‍රථම වරට ය.

 

ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා කාසියේ වාසිය දිනා, මුලින් පන්දුවට පහරදීම ඉන්දියාවට පවරා, මුලින් පන්දු යැවීම භාර දුන්නේ සුරංග ලක්මාල් ට සහ ඇන්ජෙලෝ මැතිව්ස් ට ය.  පළමු ඕවර දහයේදී (ප්‍රථම පවර්ප්ලේ) නිම වනවිට ඉන්දියාව ලකුණු 12ක ට කඩුලු 3ක් ද, දෙවන පවර්ප්ලේ නිමා වනවිට ඉන්දියාව (ඕවර 15) ලකුණු 27ක ට කඩුලු 5ක් ද දැවී පත්වූයේ බලවත් අසීරුතාවකට ය.  ලකුණු 29ක ට කඩුලු හතක් ම දැවී සිටියදී අටවන කඩුල්ලට හිටපු නායක, මහේන්ද්‍ර සිං දෝනි සහ කුල්දිප් යදවු ලකුණු 41ක සබඳතාවක් ද, දෝනි සහ චාහාල් අවසාන කඩුල්ලට ලකුණු 25ක් ද රැස් කිරීමෙන් ඉන්දියාවට ලකුණු සියයේ සීමාව පසු කිරීමට අවස්ථාව උදා විණි.  ඉන්දීය පිතිකරුවන් අතුරින් ලකුණු දහය පසුකළේ පිතිකරුවන් තිදෙනෙකු (දෝනි 65යි, හර්දික් පාණ්ඩ්‍යා 10යි, කුල්දිප් යදවු 19යි) පමණකි.  කවදත් ඉන්දීය පිල අසීරු තත්ත්වයකට පත් ව සිටින විට ගැලවුම්කරු වන දෝනි පන්දු 87ක දි හයේ දෙකක් හා හතරේ දහයක් සමඟ ලකුණු 65ක් රැස්කර දැවී ගියේ අවසාන පිතිකරු ලෙසින්, තිසර පෙරේරාගේ පන්දුවකට ය.

 

ශ්‍රී ලංකා දඟපන්දු  යවන අකිල ධනංජය ඕවර පහකදී ලකුණු හතකට කඩුල්ලක් ද, සචිත් පතිරණ ඕවර හතරකදී ලකුණු 16ක ට කඩුල්ලක් ද දවාලූහ.

 

ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ මුළු ලකුණු හතේදී ධනුෂ්ක ගුණතිලක (01) සහ මුළු ලකුණු 19දී ළහිරු තිරිමාන්න දැවීගිය බැවින්, ඉන්දියාව තරගයට අවතීර්ණවීමට උත්සාහ ගත්තත්, උපුල් තරංග (49), ඇන්ජෙලෝ මැතිව්ස් (නොදැවී 25) හා නිරෝෂන් දික්වැල්ල (නොදැවී 26) එම තත්ත්වය වෙනස්කර ශ්‍රී ලංකාව පහසු ජයග්‍රහණයක් කරා ගෙන ගියහ.  මෙහිදී තරංග පන්දු 46ක දී හතරේ දහයක් සමඟ ලකුණු 49ක් ද, මැතිව්ස් පන්දු 42ක දී හතරේ පහක් සමඟ නොදැවී ලකුණු 25ක් ද, දික්වැල්ල පන්දු 24ක දී හතරේ පහක් සමඟ නොදැවී ලකුණු 26ක් ද ලබාගත්හ.

 

තරගයේ වීරයා සම්මානය සුරංග ලක්මාල් ට හිමිවිණි.  ශ්‍රී ලංකාව 2017 වසරේදී එක්දින තරග 26කින් තරග හතරක් පමණක් ජයගෙන සිටීම මත ඔවුනට වසර අග භාගයේ ලැබූ මේ ජයග්‍රහණය නව වසරට ධෛර්යයක් වනු නිසැක ය.  තරගයෙන් පසුව, ශ්‍රී ලංකා නායක, තිසර පෙරේරා ප්‍රකාශ කළේ, සුරංග ලක්මාල් ඇතුළු පන්දු යවන්නන්ගේත්, තරංග, මැතිව්ස් හා දික්වැල්ලගේ පිති හරඹත් තම පිලට ජයගෙන දුන් බවත්, එක්දින තරගාවලිය ජය ගැනීම තම කණ්ඩායමේ ඒකායන අපේක්ෂාව බවත් ය.  කණ්ඩායම් දෙක අතර මීළඟ තරගය දෙසැම්බර් 13 වැනිදා මොහාලි නගරයේ දී පැවැත්වේ.

 

– බන්දුල මොල්ලිගොඩ –

You may also like

- adaderana.lk

The Cabinet of Ministers has green-lighted the proposal to hand over the management of Mattala Rajapaksa International Airport to a selected private sector company which has submitted Expressions Of Interest (EOI) for the purpose.

- adaderana.lk

A special meeting of the Members of Parliament representing the ruling party led by President Ranil Wickremesinghe has been held at the Presidential Secretariat last night (25).

- colombotelegraph.com

[…]The post The Ultimate Guide to Playing Live Roulette appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post Devolution & The Coming Elections appeared first on Colombo Telegraph.

- onlanka.com

State revenue of Sri Lanka has reached an impressive Rs. 834 billion in the first quarter of this year, State Minister of Finance, Ranjith Siyambalapitiya announced on Thursday (April 25).The post Sri Lanka’s state revenue surges to record Rs. 834 Billion in first quarter 2024 appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- adaderana.lk

Five individuals including Ven. Ulapane Sumangala Thero who were remanded over the charges of obstructing the duties of public officials, have been granted bail.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc