ඉන්දියාව දෙවැනි එක්දින තරගය ජයගනී. ෂර්මා නොදැවී 208යි. මැතිව්ස් නොදැවී 111යි.

- srilankacricket.lk

 

ඉන්දියාවේ මොහාලිහි පැවැති ශ්‍රී ලංකා – ඉන්දියා දෙවැනි එක්දින තරගයෙන්
ඉන්දියාව ලකුණු 141ක ජයක් ලැබීය. ඉන්දියාව ඕවර 50 අවසානයේ කඩුලු
4ක ට ලබාගත් ලකුණු 392ක ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ඕවර 50
අවසානයේ කඩුලු 8ක ට ලබාගත්තේ ලකුණු 251කි. කණ්ඩායම් දෙකම දැන්
තරග 1 – 1බැගින් ලබා සිටී.

 

ලකුණු 393ක ජයග්‍රහණ ඉලක්කයක් කරා යද්දී ශ්‍රී ලංකාවට ඕවරයකට
සාමාන්‍ය ලකුණු අටකට ආසන්න ප්‍රමාණයක් රැස් කළ යුතු විය. මෙවැනි දිගු
ඉලක්කයකට යාමට ශ්‍රී ලංකාවට දීර්ඝ සබඳතා දෙකක්වත් අවශ්‍ය වූවත්
මෙදින ලංකා ඉනිමේ හොඳම සබඳතා වූයේ ඇන්ජලෝ මැතිව්ස් සහ නිරෝෂන්
දික්වැල්ල සිව්වන කඩුල්ලට රැස් කළ ලකුණු 53ත් මැතිව්ස් සහ අසේල
ගුණරත්න පස්වන කඩුල්ලට ලකුණු 44ත් මැතිව්ස් හා සුරංග ලක්මාල්
නොදැවී ලැබූ ලකුණු 44ත්ය.

 

මේ තරගයේ දී ශ්‍රී ලංකාවට ළඟාවීමට අපහසු ලකුණු සංඛ්‍යාවක් කරායාමට
සිදු වූයේ ඉන්දීය නායක රෝහිට් ෂර්මා නොදැවී ලබාගත් ලකුණු 208ය. ශ්‍රී
ලංකාව තරගයෙන් පරාජයට පත් වූවත් ලංකා පිල ලැබූ ජයග්‍රහණයක් වූයේ
හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සිය දෙවන එක්දින ශතකය ලැබීමය.
මැතිව්ස් පන්දු 132ක දී හයේ පහර තුනක් හතරේ නවයක් සමග නොදැවී
ලකුණු 111ක් ලැබීය.

 

මාස පහක කාලයකට පසුව ලංකා කණ්ඩායම නියෝජනය කළ අසේල
ගුණරත්න ද නැවත ලකුණු අතරට පැමිණීම විශේෂත්වයකි. ගුණරත්න පන්දු
30 ක දී හතරේ පහක් සමග ලකුණු 34ක් ලැබුවේ දර්ශනීය ස්විප් පහර
කිහිපයක් සමගිනි. මීට අමතරව ධනුෂ්ක ගුණතිලක (ලකුණු 16යි, පන්දු
19යි, හතරේ 1යි) උපුල් තරංග (ලකුණු 7යි, පන්දු 14යි, හතරේ 1යි) ලහිරු

 

තිරිමාන්න ලකුණු 21යි, පන්දු 35යි, හතරේ 1යි) නිරෝෂන් දික්වැල්ල (ලකුණු
22යි, පන්දු 20යි, හතරේ 4යි) තිසර පෙරේරා (ලකුණු 5යි, පන්දු 3යි, හතරේ
1යි) සචිත් පතිරණ (ලකුණු 2යි, පන්දු 8යි) අකිල ධනංජය (ලකුණු 11යි, පන්දු
17යි, හතරේ 2යි) හා සුරංග ලක්මාල් (නොදැවී ලකුණු 11යි, පන්දු 22යි) එක්
කළහ.

 

චාහල් ලකුණු 60ක ට කඩුලු 3ක් ද බුම්රා ලකුණු 43ක ට කඩුලු 2ක් ද
දවාලූහ.

 

කණ්ඩායම් දෙක අතර අවසාන හා තීරණාත්මක එක් දින තරගය
පැවැත්වෙන්නේ ඉරිදා (දෙසැම්බර් 17) සවස 1.20ටය.

 

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව තීරණය කළේ මුලින් පන්දුවට පහරදීම
ඉන්දීය පිලට පැවරීමටය. ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනා රෝහිට්
ෂර්මා සහ ශිකර්ධවාන් ඉනිම ආරම්භ කළේ දැඩි ඉවසීමකින් අඩු වේගයකිනි.
පළමු ඕවර 10 දී (පළමු පවර් ප්ලේ) ඔවුන් කිසිවෙකු නොදැවී රැස් කළ ලකුණු
සංඛ්‍යාව 33කි. ප්‍රථම ඕවර 10 දී ලකුණු 3ක ට මදක් වැඩි සාමාන්‍යයක් ද
ඕවර 15 වන විට ලකුණු හතරක සාමාන්‍යයකට ද ඔවුන් ලඟා විය.
ශිකර්ධවාන් පමණක් දුර්වල පන්දු තෝරා ගනිමින් හතරේ පහර එල්ල කිරීමට
උත්සහ ගත්තේය.

 

කෙසේ වුව ද ඕවර 20 වන විට ලකුණු 100ට ආසන්න වීමට ඉන්දීය
ආරම්භක පිතිකරුවන් දෙදෙනා සමත් විණි. මුළු ලකුණු 115දී (ඕවර 21.1යි)
මුල් විකට්ටුවේ සබදතාව නිම වූයේ දඟ පන්දු යවන සවිත් පතිරණගේ
පන්දුවකට තිරිමාන්න අතට උඩපන්දුවක් දීමෙන් ශිකර්ධවාන් ලකුණු 68ක ට
(පන්දු 67යි, හතරේ 9යි) දැවී යාමෙනි.

 

ඉන්දියාව ලකුණු 392ක් වැනි විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට අවස්ථාව
උදා වූ දෙවැනි කඩුල්ලේ ලකුණු 213ක සබදතාවය රෝහිට් ෂර්මා සහ ෂියාස්

 

අයියර් ඕවර 24.2ක දී රැස් කළේ මේ අවස්ථාවේ දීය. ඔවුන් දෙදෙනා
ඕවරයකට එක් කළ සාමාන්‍ය ලකුණු ප්‍රමාණය අටකට මදක් වැඩි වේ. ෂර්මා
පන්දු 115ක දී ලකුණු 100ක් ලබාගැනීමෙන් පසු අයියර් ද ලකුණු ලැබීමේ
වේගය වැඩි කළේය.

 

ඉන්දියාවේ දෙවැනි කඩුල්ල ලකුණු 328 දී දැවී ගියේ ලකුණු 88ක් ලබා සිටී
අයියර් ලංකා නායක තිසර පෙරේරා පන්දුවකට අතිරේක ක්‍රීඩක චතුරංග ද
සිල්වාට උඩපන්දුවක් දීමෙනි. අයියර් ලකුණු 88ක් ලැබුවේ පන්දු 70ක දී හයේ
දෙකක් සහ හතරේ නවයක් සමගය. ඉන්පසුව පැමිණි මහේන්ද්‍ර සිං දෝනි
ලකුණු හතකටත් හර්දික් පාන්ඩ්‍යා ලකුණු අටකටත් දැවී ගියේ ඉනිම අග
භාගයේ දී ය. තිසර පෙරරේරා ලකුණු 80ක ට කඩුලු 3ක් දවාලූවේය.
නායක රෝහිට් ෂර්මා නොදැවී ලකුණු 208ක් ලබා සිටියේ පන්දු 153ක දී හයේ
පහර 12ක් සහ හතරේ පහර 13ක් සමගය. මෙය ඔහුගේ තෙවන ද්විත්ව
ශතකය වන අතර, ශ්‍රී ලංකාව සමග එලෙස ලැබූ දෙවැන්නය. ප්‍රථම ලකුණු
සියය පන්දු 115 ක දී ලැබූ ෂර්මා දෙවැනි ලකුණු සියය ලැබුවේ පන්දු 36ක දී
ය. ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව මීට වසර 3ක ට පෙර ශ්‍රී ලංකාව සමග
කල්කටාවේ දී ලැබූ ලකුණු 264ය.

 

ඉන්දියාවේ සචින් ටෙන්ඩුර්ඛාන් සහ විරේන්ද්‍ර ශෙවාග් බටහිර ඉන්දීය
කොදෙව් දූපත් හි ක්‍රිස්ගේල් ද්විත්ව ශතක හතර බැගින් ලබා සිටින අතර,
ෂර්මාට ඊට ළඟා වීමට තවත් ද්විත්ව ශතකයක් අවශ්‍ය වේ.

 

– බන්දුල මොල්ලිගොඩ –

You may also like

- adaderana.lk

Under Secretary for Trade and Foreign Agricultural Affairs at the U.S. Department of Agriculture (USDA), Alexis Taylor, paid a courtesy call on President Ranil Wickremesinghe on Friday (26).

- adaderana.lk

After many years of preparation, Venice has finally debuted its controversial five-euro entry toll for tourists without a hotel reservation this Thursday (25).

- adaderana.lk

The Committee on High Posts has green-lighted the appointment of a new ambassador, a ministerial secretary and two chairpersons to state institutions.

- colombogazette.com

Russian and Indian companies are to manage the Mattala international airport for a period of 30 years. The Sri Lankan Cabinet had granted approval at their meeting held on 09.01.2023 to call for aspirations from the parties interested in utilizing the facilities of the Mattala Rajapaksa International Airport. Accordingly, aspirations have been called and 05 institutions […]

- adaderana.lk

During the inquiry over former President Maithripala Sirisena s recent statement that he was aware of the real culprits behind the Easter Sunday bomb attacks, he has not mentioned the names of anyone in Sri Lanka, Public Security Minister Tiran Alles said.

- adaderana.lk

The Colombo Magistrate s Court ordered 04 including two Lieutenant Commanders of Sri Lanka Navy who were arrested along with a stock of drugs to be remanded in custody until May 09.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc