මර්වින් ඉවතට… කැළණියට බැසිල් ?
ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අමාත්‍ය මර්වින් සිල්වා මහතාට චෝදනා එල්ල වී තිබීම හේතුවෙන් කැලණිය ආසන සංවිධායක ධුරයෙන් අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඉවත් කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානය යොමුව ඇත.
ඒ අනුව කැලණිය ආසනයේ තාවකාලික සංවිධායකවරයා ලෙස අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පත්කිරීමට අවධානය යොමුව තිබෙන අතර බැසිල් රාජපක්ෂ මහතා ශ‍්‍රීලනිප ගම්පහ දිස්ත්‍රික් සංවිධායකයා වුවද මෙතෙක් ඔහුට නිශ්චිත ආසනයක් නැත.
මේ වන විටත් රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම අමාත්‍ය මර්වින් සිල්වා මහතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති අතර ඒ අනුව ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බව පැවසේ.
මේ අතර කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රසන්න රණවීර මහතා පවසන්නේ අමාත්‍ය මර්වින් සිල්වා මහතා කැලණිය ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කරන තුරු තමන් ආරම්භ කළ සටන අත්නොහරින බවයි.
ඝාතනය ලක්වූ හසිත මඩවල මහතාගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ පිලපිටිය පොදු සුසාන භූමියේදී සිදුකෙරිනි.