How can Sri Lankan charities find international donors and partners?

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම සෙනසුරාදා බංග්ලාදේශයට

- srilankacricket.lk

Thanathillen Eha_1

බංග්ලාදේශයේ දී මේ මස 15 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා – බංග්ලාදේශ – සිම්බාබ්වේ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 16කගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සෙනසුරාදා (13) බංග්ලාදේශය බලා පිටත්ව යති.

මේ තරගාවලියට එක්දින තරග හතක් ඇතුලත් වන අතර, මූලික වටයේ දී එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායම් හා තරග දෙකක් බැගින් තරග හයකට සහභාගි වේ.  ලීග් ක්‍රමයට මූලික තරග පැවැත්වීමෙන්  පසු ඉදිරියෙන් සිටින කණ්ඩායම් දෙක ජනවාරි 27 වැනිදා ඩකාහිදී අවසාන මහා තරගයට සහභාගී වේ.

ඇන්ජලෝ මැතිව්ස් (ශ්‍රී ලංකාව) මෂ්රෆි මොටාසා (බංග්ලාදේශය) හා ග්‍රේම් ක්‍රීමර් (සිම්බාබ්වේ) කණ්ඩායම් තුනේ නායකත්වයන් දරති.  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී දැනට බංග්ලාදේශය හත්වන ස්ථානයේත් ශ්‍රී ලංකාව අටවන ස්ථානයේත් සිම්බාබ්වේ නවවන ස්ථානයේත් පසුවෙති.  2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තව මාස 18ක් පමණක් ඉතිරිව ඇති හෙයින් ඊට පෙරහුරුවක් ලෙසට මෙවැනි තරගාවලියන් ඉතා වැදගත් වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගාවලිය කිහිප අතකින් වැදගත් වේ.  නව ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ උපදෙස් මත ප්‍රථමවරට තරගාවලියකට සහභාගිවීම, මාස ගණනාවකට පසු ඇන්ජලෝ මැතිව්ස් නැවත කණ්ඩායමට නායකත්වය දීම ප්‍රධානම කරුණුය.  හතුරුසිංහ මෙයට පෙර බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රියා කළ අතර, ඔහුගේ ප්‍රථම සංචාරය ලෙස බංග්ලාදේශටම යාමට සිදුව ඇත.  ශ්‍රී ලංකා කණ්ඩායම 2017 වසරේ දී ශ්‍රී ලංකාවේ දී මේ කණ්ඩායම් දෙක සමගම තරග වැදී තිබේ.  එහි දී ලංකා පිල සිම්බාබ්බේ වෙතින් 3-2කින් පරාජයට පත් වූ අතර, බංග්ලාදේශය සමග තරගාවලිය 1-1 කින් සමවිණි.

2009 වසරේ දී මේ කණ්ඩායම් තුනම බංග්ලාදේශයේ තරග වැදුණු අතර, එහිදී සුරතාව දිනා ගත්තේ ශ්‍රී ලංකාවයි.  ශ්‍රී ලංකාව මෙවර තරගාවලියට පසුගිය මාස කිහිපයට වඩා වෙනස් අයුරකින් මුහුණ දෙන හෙයින් තරගාවලියේ වැඩි වාසි අත්කරගැනීමට ද ඉඩ තිබේ.  ශ්‍රී ලංකා කණ්ඩායම 17 වැනිදා සිම්බාබ්වේ සමගත් 19 වෙනිදා බංග්ලාදේශය සමගත් 21 වැනිදා සිම්බාබ්වේ සමගත් 25 වැනිදා නැවත බංග්ලාදේශ සමගත් මූලික වටයේ දී තරග කරති.

ශ්‍රී ලංකා කණ්ඩායම – ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, දුෂමන්ත චමීර, ෂෙහාන් මධුශාන්, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, වනිඳු හසරංග.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- onlanka.com

State revenue of Sri Lanka has reached an impressive Rs. 834 billion in the first quarter of this year, State Minister of Finance, Ranjith Siyambalapitiya announced on Thursday (April 25).The post Sri Lanka’s state revenue surges to record Rs. 834 Billion in first quarter 2024 appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- adaderana.lk

Five individuals including Ven. Ulapane Sumangala Thero who were remanded over the charges of obstructing the duties of public officials, have been granted bail.

- adaderana.lk

The Court of Appeal has deferred the verdict on the bail request made by the Director of Medical Supplies Division (MSD) Dr. Kapila Wickramanayake.

- adaderana.lk

The Colombo High Court on Friday (26) fixed a date for the hearing of the case filed against the notorious criminal figure and drug trafficker Nadun Chinthaka alias ÂHarak Kata over his failed escape attempt from the Criminal Investigation Department (CID).

- onlanka.com

An army soldier died and nine others were injured after a lorry collided with an army cab at Vasanth Nagar in Mankulam early this morning (April 26).The post Army soldier killed, 9 injured in Mankulam cab-lorry collision appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- adaderana.lk

The Colombo Magistrate s Court has ordered the Criminal Investigations Department (CID) to expedite the probes related to the X-Press Pearl maritime disaster.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc