මේජර් ලීග් ‘බී’ කොටසේ තරගයක දී පානදුර ක්‍රීඩා සමාජයට ඉනිමක ජයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර්ලීග් ‘බී’ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ජනවාරි 19, 20 සහ 21 දිනවල පැවැති තරග හතරක් අතුරින් පානදුර ක්‍රීඩා සමාජය ඉනිමකින් හා ලකුණු 25කින් ගාල්ල ක්‍රිකට් සමාජය පරාජය කළේය. කලුතර නගර කණ්ඩායම හා ලන්කන් ක්‍රිකට් සමාජය අතර තරගයත් මීගමුව ක්‍රිකට් සමාජය හා ශ්‍රී ලංකා පොලිසිය අතර තරගයත් ගුවන් හමුදාව සහ කුරුණෑගල තරුණ ක්‍රිකට් කණ්ඩායම අතර තරගයත් ජය පැරැදුමින් තොරව නිමාවට පත්විණි.
- පානදුර ක්‍රීඩා සමාජය ඉනිමකින් හා ලකුණු 25කින් ගාල්ල ක්‍රිකට් සමාජය පරාජය කළේය.
ගාල්ල ක්‍රීඩා සමාජය මුල් ඉනිම 217යි. කේ. එච්. ප්‍රනාන්දු 55, කේ. බී. ප්‍රනාන්දු 42, කේ. සිරිසෝම 30, එම්. වී. පෙරේරා 40ට 4, මොහමඩ් රමීෂ් 31ට 2, ඩබ්ලිව්. එස්. මධුශාන් 43ට 2. ගාල්ල ක්‍රිකට් සමාජය දෙවන ඉනිම 191යි. ඩී. හුනුකුඹුර 70, ජී. ඩී. බණ්ඩාර 41ට 4, ඩබ්ලිව්. එස්. මධුශංඛ 59ට 4යි. පානදුර ක්‍රීඩා සමාජය මුල් ඉනිම 433යි. කේ. ඒ. නවාඩ් 159, එම්. ආර්. ප්‍රනාන්දු 68, එස්. පෙරේරා 84, ඩබ්ලිව්. ඒ. කවිඳු 42, ආර්. සිරිසෝම 102ට 4, ගොහාර් ෆායිස් 135ට 3.
- කලුතර නගර කණ්ඩායම – ලන්කන් ක්‍රිකට් සමාජය තරගය ජය පරාජ නෑ.
ලන්කන් ක්‍රිකට් සමාජය මුල් ඉනිම කඩුලු 8ට 534යි. එස්. ප්‍රනාන්දු 122යි, ඒ. බී. රුද්‍රිගෝ 121, එච්. ජී. කුමාර 81යි, ටී. මදනායක 64, ඩී. සමරසිංහ 52, එන්. නිමේෂ් 77ට 2, කේ. කේ. පෙරේරා 82ට 2. කලුතර නගර කණ්ඩායම මුල් ඉනිම 296. ඊ. රත්නායක 130, වී. පෙරේරා 35, එම්. කාරියවසම් 32, එන්. නිමේෂ් 32, එන්. කවිකාර 91ට 3, එච්. කුමාර 34 ට 4. කලුතර නගර කණ්ඩායම දෙවන ඉනිම කඩුලු 5ට 263යි. පී. කේ. නෝනිස් 117, එන්. ගමගේ 97, ඩී. වීරසිංහ 45ට 2, ටී. මදනායක 34 ට 2.
- මීගමුව ක්‍රිකට් සමාජය – පොලිසිය තරගය ජය පරාජ නෑ.
මීගමුව මුල් ඉනිම 178. ජේ. චතුරංග 56, එන්. විමුක්ති 66ට 5, ඩබ්ලිව්. ප්‍රනාන්දු 79ට 5. මීගමුව දෙවන ඉනිම කඩුලු 9ට 276යි. පී. ප්‍රනාන්දු 70යි, ඒ. ඉන්නම් 50, පී. වීරසිංහ 53යි, එම්. ඩයස් 55, එන්. විමුක්ති 95ට 4, ඒ. කේ. ප්‍රනාන්දු 98ට 5යි. පොලිසිය මුල් ඉනිම 100යි. එන්. ප්‍රනාන්දු 41යි, ජේ. චතුරංග 43ට 5, කේ. වීරසිංහ 16ට 2. පොලිසිය දෙවන ඉනිම කඩුලු 9ට 288යි. ආර්. දිල්ෂාන් 102, කේ. වීරසිංහ 39ට 2.
- ගුවන් හමුදාව – කුරුණෑගල තරුණ ක්‍රිකට් පිල තරගය ජය පරාජය නෑ.
කුරුණෑගල තරුණ පිල මුල් ඉනිම 286. එම්. ප්‍රභාත් නොදැවී 56, එස්. දසනායක 63, එච්. ජේම්ස් 29ට 3. කුරුණෑගල තරුණ පිල දෙවන ඉනිම 196යි. සී. සමන්ත 57ට 6. ගුවන් හමුදාව මුල් ඉනිම 158යි. එම්. ජේමිස් 34, සී. චාමිකර 45, එස්. ටිරෝන් 29ට 4. දෙවන ඉනිම කඩුලු 8ට 261යි. එස්. ලක්ෂාන් 75, පී. කටිල 46යි, එස්. දසනායක 36ට 3යි.
– බන්දුල මොල්ලිගොඩ –