How can Sri Lankan charities find international donors and partners?

නිදහස් කුසලානය ඉන්දියාව දිනාගනී

- srilankacricket.lk

Thanathillen Eha_1

ශ්‍රී ලංකාවේ 70වන නිදහස් සමරුව වෙනුවෙන් මාලිගාවත්ත, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා, බංග්ලාදේශ හා ඉන්දියා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සූරතාව ඉන්දියාව දිනාගත්තේය.

මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශය ඕවර 20 අවසානයේ කඩුලු 08ක ට ලබාගත් ලකුණු 166ට පිළිතුරු ලෙස ඉන්දියාව 20 වැනි ඕවරයේ අවසාන පන්දුවේ දී කඩුලු හයකට ලකුණු 168ක් ලබා, මේ තියුණු ජයග්‍රහණය අත්කර ගත්තේය.

ඉන්දියාව ජයග්‍රහණය සඳහා යන අවස්ථාවේ 18වන ඕවරය අවසානයේදී කඩුලු 05ක ට ලකුණු 133ක් ලබා, ජයග්‍රහණයට අවසාන ඕවර දෙකේදී ලකුණු 34ක් අවශ්‍යව සිටියේය.  දිනේෂ් කාතික් 19වන ඕවරයේ රුබෙල් හොසේන්ගේ පන්දුවලට 6, 4, 6, 0, 2, 4ක් ලබා එම ඕවරයෙන් ලකුණු 22ක් ලැබීය.  තරගයේ වීරයා වූයේද දිනේෂ් කාතික් ය.

ඉන්දියාවට ජයග්‍රහණය සඳහා, අවසාන ඕවරයේ ලකුණු 12ක් අවශ්‍ය විය.  එම ඕවරය යවන ලද්දේ සෞම්‍ය සාකර් ය.  එම ඕවරයේ අවසාන පන්දුවට, ඉන්දීය ජයග්‍රහණයට ලකුණු 05ක් අවශ්‍ය විය.  දිනේෂ් කාතික් එයට දර්ශනීය හයේ පහරක් එල්ල කරමින් ඉන්දීය ජයග්‍රහණය ස්ථිර කළේ ඔවුන් දිරිමත් කළ විසිදහසක පමණ ශ්‍රී ලාංකීය නරඹන්නන් අමන්දානන්දයට පත් කරමිනි.

India Champions Nidahas Trophy

තරගයෙන් පසුව ඉන්දීය පිල පිටිය වටා යමින් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට තම කෘතඥතාව පළ කළහ.  දිනේෂ් කාතික් මෙදින පන්දු අටකදී හයේ 03ක් හා හතරේ 02ක් සමඟ නොදැවී ලකුණු 29ක් ලබා ඉන්දීය ජයග්‍රහණයේ නියමුවා විය.  මෙතෙක්, බංග්ලාදේශය එක ම ක්‍රිකට් තරගාවලියකින් හෝ ඉන්දියාව පරාජය කර නොමැති අතර, ඔවුන් මෙදින එය සපුරාගැනීමට ජයග්‍රහණය අසලට ම පැමිණියත්, එය වැළැකී ගියේ ය.  රොහිට් ෂර්මා පන්දු 42ක දී ලකුණු 56ක් ද, ලොකේෂ් පන්දු 14ක දී ලකුණු 24ක් ද රැස් කළහ.  විජේ ශංකර් පන්දු 19ක දී නොදැවී ලකුණු 67ක් පමණක් ලැබීම ඔවුනගේ ජයග්‍රහණයේ පමාවට ප්‍රධාන හේතුව විය.

කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම මුලින් පන්දුවට පහරදීම බංග්ලාදේශයට පැවරීය.  බංග්ලාදේශයේ මුල් විකට්ටු දෙක, ලිටන් දාස් (11) සහ ටමීම් ඉක්බාල් (15) මුළු ලකුණු 27දී ත්, සෞම්‍ය සාකර් (01) මුළු ලකුණු 33දී ත් දැවී යාමෙන් පසු, ඔවුනට ඉනිම මුලදී වේග පිති හරඹයකට යාමට අවස්ථාවක් උදා නොවීය.

පවර් ප්ලේ (මුල් ඕවර හය) නිම වනවිට බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 40ක ට කඩුලු 03ක් ලබා සිට ඕවර 10 නිම වනවිට කඩුලු 03ක ට ලකුණු 68ක් රැස් කළේ ඕවරයකට 6.8ක් වන පරිද්දෙනි.  එහෙත් අවසාන ඕවර දහයේදී තව කඩුලු 05ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 98 කි (9.8ක සාමාන්‍යය).

බංග්ලාදේශ කණ්ඩායමේ හොඳම සබඳතා දෙක වූයේ ෂබිර් රහ්මන් හා මුෂ්ෆිකර් රහිම් සිව්වන කඩුල්ලට රැස් කළ ලකුණු 35ත්, ෂබිර් රහ්මන් සහ මොහමඩ් මහමුදුල්ලා පස්වන කඩුල්ලට එක්කළ ලකුණු 36ත් ය.  මෙම ඉනිම මෙතරම් දිගට ගෙනයාමට මුල් වූ ෂබිර් රහ්මන් පන්දු 50ක දී හතරේ 07ක් හයේ 04ක් සමඟ අගනා ලකුණු 77ක් ලැබීය.  මීට අමතරව, මහමුදුල්ලා පන්දු 16ක දී හතරේ 02ක් සමඟ ලකුණු 21ක් ද, මෙහෙඩි හසන් පන්දු 07ක දී හතරේ 02ක් හා හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 19ක් ද ලබාගත්හ.  මහමුදුල්ලා මෙදින 20-20 තරගවල පෞද්ගලික ලකුණු දහස ඉක්මවීය.

බංග්ලාදේශ කණ්ඩායමේ මෙදින ලකුණු රැස් කිරීමේ වේගය 8.3ක් විය.  යුෂ්වෙන්ද්‍ර චාහල් තම ඕවර හතරේදී ලකුණු 18ක් දී කඩුලු 03ක් දවාලූවේය.  මීට අමතරව, උනාඩ්කට් ලකුණු 33ක ට කඩුලු 02ක් දවාලූවේය.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Hero Nidahas Trophy 2018 – Final – India vs Bangladesh View Full

You may also like

- adaderana.lk

After many years of preparation, Venice has finally debuted its controversial five-euro entry toll for tourists without a hotel reservation this Thursday (25).

- adaderana.lk

The Committee on High Posts has green-lighted the appointment of a new ambassador, a ministerial secretary and two chairpersons to state institutions.

- colombogazette.com

Russian and Indian companies are to manage the Mattala international airport for a period of 30 years. The Sri Lankan Cabinet had granted approval at their meeting held on 09.01.2023 to call for aspirations from the parties interested in utilizing the facilities of the Mattala Rajapaksa International Airport. Accordingly, aspirations have been called and 05 institutions […]

- adaderana.lk

During the inquiry over former President Maithripala Sirisena s recent statement that he was aware of the real culprits behind the Easter Sunday bomb attacks, he has not mentioned the names of anyone in Sri Lanka, Public Security Minister Tiran Alles said.

- adaderana.lk

The Colombo Magistrate s Court ordered 04 including two Lieutenant Commanders of Sri Lanka Navy who were arrested along with a stock of drugs to be remanded in custody until May 09.

- colombogazette.com

A soldier of the Sri Lanka Army was killed and 9 others sustained injuries following an accident in Mankulam, in the North, Friday. The Police said the accident involved a lorry and an army vehicle. The lorry had crashed into the army vehicle which was transporting a group of soldiers. The soldiers were admitted to […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc