පාකිස්තාන කාන්තා පිල ප්‍රථම තරගය ජයගනී

- srilankacricket.lk

Thanathillen Eha_1

රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දී අඟහරුවාදා (20) පැවැති ශ්‍රී ලංකා – පාකිස්තාන සීමිත ඕවර 50 එක්දින ක්‍රිකට් තරගයෙන් පාකිස්තානය ලකුණු 69ක ජයග්‍රහණයක් අත්කරගත්තේය.

මුලින් පන්දුවට පහරදුන් පාකිස්තානය ඕවර 50 අවසානයේ කඩුලු හයක් දැවී ලබාගත් ලකුණු 250ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ඕවර 45.2 දී සියලු පිතිකාරිණියන් දැවී ලබාගත්තේ ලකුණු 181කි.  ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු කාසියේ වාසිය දිනා තීරණය කලේ මුලින් පන්දුවට පහරදීම පාකිස්ථානයට පැවරීමය.

පාකිස්තානය ලබාගත් ලකුණු 250ක ලකුණු සංඛ්‍යාව හඹා යාමේ දී ලංකා කණ්ඩායමේ ඕවරයක දළ වේගය මුල සිටම වාර්තා නොවීය.  කෙසේ වුවද පිතිකරණ ලැයිස්තුවේ යම් වෙනස්කම් සිදු වුවහොත් මීළග තරගයේ (22) සිට ලංකා ක්‍රීඩාකාවනට මීට වඩා තරගයක් දීමට අවස්ථාව උදාවනු ඇත.

Chamari Atapattu

නායිකා චමරි අතපත්තු ලකුණු 46ක් ද (පන්දු 57යි හතරේ 6යි හයේ 1යි) ශෂිකලා සිරිවර්ධන ලකුණු 44ක් ද (පන්දු 74යි හතරේ හයයි) නිපුනි හංසිකා 18ක් ද 17 හැවිරිදි පාසල් ක්‍රීඩිකා කවීෂා දිල්හාරි ලකුණු 16ක් ද (පන්දු 17යි හතරේ හතරයි) ලබාගත්හ.  අතපත්තු හා හංසිකා දෙවන කඩුල්ලට ලකුණු 51ක් ද සිරිවර්ධන හා කවීෂා අටවන කඩුල්ලට 40ක් ද එක්කළහ.  බිස්මා මාරුෆ් 17ක ට කඩුලු 3ක් දවාලීය.

පාකිස්ථාන කාන්තා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු හයකට ලකුණු 250ක් ලබාගත්තේ ඕවරයකට සාමාන්‍ය ලකුණු පහක් වන පරිද්දෙනි.  කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලැබූ පිතිකාරිණිය අංක 3 පිතිකාරිණිය ජවේරියා කාන් පන්දු 142ක දී හතරේ 15ක් සමග නොදැවී ලකුණු 113ක් ලබාගැනීමට සමත්වූවාය.

ජවේරියාට අමතරව නිඩාර් ඩාර් ලකුණු 34ක් ද (පන්දු 43යි හතරේ 2යි) සානා මීර් ලකුණු 27ක් ද (පන්දු 31යි හතරේ 5) නමාලියා පර්වයිස් නොදැවී 21ක් ද (පන්දු 20යි හතරේ එකයි හයේ එකයි) රැස්කළහ.

ජවෙරියා කාන් පාකිස්තාන ඉනිමේ හොඳම සබඳතා තුනටම දායක විණි.  පස්වන කඩුල්ලට ජවෙරියා සහ නිඩාර් ඩාර් ලකුණු 72ක් ද හයවන කඩුල්ලට ජවෙරියා සහ සානාමිර් ලකුණු 40ක් ද හත්වන කඩුල්ලට ජවෙරියා සහ නමාලියා පර්වයිස් නොදැවී ලකුණු 60ක් ද එක්කළහ.

ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අතරින් ශෂිකලා සිරිවර්ධන පන්දු ඕවර දහයක් යවා ලකුණු 40ක ට කඩුලු දෙකක් ද නායිකා චමරි අතපත්තු ඕවර දහයක් යවා ලකුණු 48ක ට කඩුලු 2ක් ද දවාලූහ.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

Under Secretary for Trade and Foreign Agricultural Affairs at the U.S. Department of Agriculture (USDA), Alexis Taylor, paid a courtesy call on President Ranil Wickremesinghe on Friday (26).

- adaderana.lk

After many years of preparation, Venice has finally debuted its controversial five-euro entry toll for tourists without a hotel reservation this Thursday (25).

- adaderana.lk

The Committee on High Posts has green-lighted the appointment of a new ambassador, a ministerial secretary and two chairpersons to state institutions.

- colombogazette.com

Russian and Indian companies are to manage the Mattala international airport for a period of 30 years. The Sri Lankan Cabinet had granted approval at their meeting held on 09.01.2023 to call for aspirations from the parties interested in utilizing the facilities of the Mattala Rajapaksa International Airport. Accordingly, aspirations have been called and 05 institutions […]

- adaderana.lk

During the inquiry over former President Maithripala Sirisena s recent statement that he was aware of the real culprits behind the Easter Sunday bomb attacks, he has not mentioned the names of anyone in Sri Lanka, Public Security Minister Tiran Alles said.

- adaderana.lk

The Colombo Magistrate s Court ordered 04 including two Lieutenant Commanders of Sri Lanka Navy who were arrested along with a stock of drugs to be remanded in custody until May 09.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc