එස්. එස්. සී. – එන්.සී. සී. සීමිත ඕවර අවසාන තරගයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ ප්‍රිමියර් සීමිත ඕවර 50 ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයට එස්. එස්. සී. සහ එන්. සී. සී. කණ්ඩායම් සුදුසුකම් ලැබීය.
සිකුරාදා (23) පැවැති අවසාන පූර්ව තරග දෙකේ දී එස්. එස්. සී. කණ්ඩායම කඩුලු අටකින් හලාවත මේරියන්ස් එන්. සී. සී. ලකුණු 89කින් සරසන්ස් පැරදවීය. හලාවත මේරියන්ස් ඕවර 41.1 ක දී සියලු පිතිකරුවන් ලකුණු 138ක ට දැවී ගිය අතර, එස්. එස්. සී. කණ්ඩායම ඕවර 23.5ක දී කඩුලු 2ක ට ලකුණු 140ක් ලබා ජයවාර්තා කළේය. එන්. සී. සී. – සරසන්ස් අතර අනෙක් අවසාන පූර්ව තරගයේ දී මුලින් පන්දුවට පහරදුන් එන්. සී. සී. කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7ක ට ලකුණු 327ක් ලැබු අතර ඊට පිළිතුරු ලෙස සරසන්ස් ඕවර 43.3ක දී ලබාගත්තේ ලකුණු 238කි.
- කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී එස්. එස්. සී. කඩුලු 8කින් හලාවත මේරියන්ස් පරාජය කරයි.
හලාවත මේරියන්ස් ඉදිරිපෙළ පිතිකරුවන් කේ. අධිකාරි (05) ආර්. දමෝදරන් (03) ෂෙහාන් ජයසුරිය (25) සචිත්‍ර සේරසිංහ (24) මුළු ලකුණු 67 වන විට දැවී යාමත් සමග ඔවුනට නැවත තරගයට අවතීර්ණවීමට අවස්ථාවක් නොලැබිණි. බී. ඕ. පී. ප්‍රනාන්දු පන්දු 86ක දී හතරේ තුනක් සමග ලකුණු 83ක් ලබා හුදකලා සටනක නිරත වූවද ඔහු මුළු ලකුණු 99දී දැවී යාමත් සමග ඉතිරි පිතිකරුවන් පස්දෙනාම දැවී ගියේ ලකුණු 39ක ටය. එස්. එස්. සී. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරද්දී ධනුෂ්ක ගුණතිලක පන්දු 70ක දී හයේ හතරක් හතරේ හයක් සමග නොදැවී ලකුණු 78ක් ද දසුන් ශානක පන්දු 30ක දී හයේ පහරක් හතරේ දෙකක් සමග නොදැවී ලකුණු 26ක් ද ලබා දස්කම් පෙත්වූහ.
හලාවත මේරියන්ස් ඕවර 41.1දී ලකුණු 138යි. බී. ඕ. පී. ප්‍රනාන්දු 43, ෂෙහාන් ජයසූරිය 25, එස්. සේනානයක 16ට 2, ධම්මික ප්‍රසාද් 23ට 2, දසුන් ශානක 27ට 2.
එස්. එස්. සී. කඩුලු 2ට 140යි. (ඕවර 23.5යි) ධනුෂ්ක ගුණතිලක නොදැවී 78, දසුන් ශානක නොදැවී 26යි, දිමුත් කරුණාරත්න 17යි.
- කටුනායකදී පැවැති එන්. සී. සී. – සරසන්ස් තරගයෙන්
එන්. සී. සී. ප්‍රථම විකට්ටුව නිරෝෂන් දික්වැල්ල හා උපුල් තරංග ලකුණු 108ක සබඳතාවයක් ද තෙවන කඩුල්ලට දික්වැල්ල සමග ඇන්ජිලෝ පෙරේරා හා මහේල උඩවත්ත ලකුණු 117ක සබඳතාවයක් ද තබාගත්හ. දික්වැල්ල පන්දු 132ක දී හතරේ 9ක් සමග ලකුණු 110ක් ද උපුල් තරංග ලකුණු 56ක් ද (පන්දු 70) මහේල උඩවත්ත පන්දු 28ක දී හතරේ අටක් සමග ලකුණු 50ක් ද චතුරංග ද සිල්වා පන්දු 22ක දී හයේ දෙකක් හතරේ 8ක් සමග නොදැවී 58ක් ද ලැබූහ.
සරසන්ස් පන්දුවට පහරදෙන අවස්ථාවේ කේ. බණ්ඩාර පන්දු 69ක දී ලකුණු 51ක් ද පී. ඒ. ජීවන්ත පන්දු 11ක දී හයේ දෙකක් හතරේ තුනක් සමග ලකුණු 25ක් ද ලැබූහ.
එන්. සී. සී. ඕවර 50 දී කඩුලු 5ට 327යි. එන්. දික්වැල්ල 110, උපුල් තරංග 56, ඇන්ජලෝ පෙරේරා (ආබාධ ලබා ඉවත්වූවා) 41, මහේල උඩවත්ත 50, චතුරංග ද සිල්වා 58, රන්දුනු 65ට 2යි.
සරසන්ස් ඕවර 43.3දී සියලුදෙනා දැවී 238යි. කේ. එන්. බණ්ඩාර 51, ආර්. රන්දුනු 31, කේ. නිර්මාල් 30, ලසිත් මාලිංග 51ට 2, ෆර්විස් මහ්රූෆ් 36ට 2.
– බන්දුල මොල්ලිගොඩ –