බෙලිඅත්ත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සිදු කළ පහරදිමක් සම්බන්ධයෙන් පොලිස් පරික්‍ෂණ
බෙලිඅත්ත ප්‍රදේශයේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සිදු කළ පහරදිමක් සම්බන්ධයෙන් පොලිස් පරික්‍ෂණ ආරම්භ කර තිබෙනවා.
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරයෙකු තමාට පහර දුන් බව පවසමින් දෙදරු පියෙකු බෙලිඅත්ත රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටිනවා. මන්ත්‍රීවරයා යතුරු පැදි හිස් වැසුමකින් තමාට පහර දුන් බවයි රෝහල්ගතව සිටින පුද්ගලයා පොලීසිය හමුවේ පවසා ඇත්තේ.
සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා බෙලිඅත්ත පොලීසිය පරික්‍ෂණ ආරම්භ කර තිබෙනවා.
The post බෙලිඅත්ත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සිදු කළ පහරදිමක් සම්බන්ධයෙන් පොලිස් පරික්‍ෂණ appeared first on ITN News.