ඉරානයේ පෙට්‍රල් මිල ඉහළ දැමීම හේතුවෙන් ඇතිවූ උද්ඝෝෂණ ප්‍රචණ්ඩ වෙයි
ඉරානයේ හදිසියේ පෙට්‍රල් මිල ඉහළ දැමීම හේතුවෙන් ඇතිවූ උද්ඝෝෂණ ප්‍රචණ්ඩ වී ඇති බව වාර්තා වනවා.
ඉරාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සදහන් කළේ උද්ඝෝෂණවලදී ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් පසුබට නොවන බවයි. උද්ඝෝෂණවලදී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව කිහිප දෙනෙකු තුවාල ලැබුවා. ඉරානයේ පෙට්‍රල් මිල සියයට 50කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සිකුරාදා දිනයේ සිට ඉරානයේ විවිධ ප්‍ර දේශවල විරෝධතා පැවැත්වෙනවා. විරෝධතාකරුවන් මාර්ග හරස් කරමින් දේපලවලට හානි කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන බව සදහන්.
The post ඉරානයේ පෙට්‍රල් මිල ඉහළ දැමීම හේතුවෙන් ඇතිවූ උද්ඝෝෂණ ප්‍රචණ්ඩ වෙයි appeared first on ITN News.