රුවන්වැලි මහා චෛත්‍යයේ කොත් වහන්සේ පැළඳවීමේ පුණ්‍යෝත්සවය ලබන 25 (Video)
ඓතිහාසික රුවන්වැලි මහා චෛත්‍යයේ අභිනව කොත් වහන්සේ පැළදවීමේ පුණ්‍යෝත්සවය ලබන 25 වනදා පැවැත්වෙනවා. කොත නිරාවරණය කිරීම ලබන 26 වනදා සිදු කිරීමට නියමිතයි. එම කටයුතු සිදුවන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන්ගේ අභිනවයෙන් පැළදවීමට සූදානම් කර ඇති චූඩා මාණික්‍ය ජනතා වන්දනාමානය සදහා ප්‍රදර්ශනය කිරීම අද ආරම්භ කෙරුණා. එය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ලබන 20 වනදා දක්වා ප්‍රදර්ශනය කෙරෙනවා. ලබන 21 වනදා උදෑසන 6.00ට එම ස්ථානයේ සිට අනුරාධපුරය දක්වා චූඩා මාණික්‍ය රථ පෙරහැරකින් රැගෙන යාම සිදු කෙරෙනවා. 21 සහ 22 යන දිනයන්හිදී කුරුණෑගල ඇත්කද රජමහා විහාරස්ථානයේ දී චූඩා මාණික්‍ය වැද පුදා ගැනිමේ අවස්ථාව ජනතාවට හිමිවනවා.
The post රුවන්වැලි මහා චෛත්‍යයේ කොත් වහන්සේ පැළඳවීමේ පුණ්‍යෝත්සවය ලබන 25 (Video) appeared first on ITN News.