කොන්දොස්තරවරයෙකුගෙන් අල්ලස් ලබා ගත් 3 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට
කොන්දොස්තරවරයෙකුගෙන් අල්ලස් ලබා ගත් බව කියන ටිකට් පරීක්ෂකවරුන් තුන්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඔවුන් ලබන 3 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ මහනුවර ලංගම ප්‍රාදේශීය කාර්යාලයේ කොන්දොස්තරවරයෙකුගෙන් අල්ලස් ලබා ගත් බව කියන ටිකට් පරීක්ෂකවරුන් තුන්දෙනෙකුයි. මගීන් දෙදෙනෙකුට ටිකට්පත් ලබා නොදීමේ වරදට නීතිමය කටයුතු නොකර සිටීමට ඔවුන් මෙම අල්ලස් මුදල ඉල්ලා තිබුණා.
The post කොන්දොස්තරවරයෙකුගෙන් අල්ලස් ලබා ගත් 3 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට appeared first on ITN News.