පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ කොමිෂන් සභාවක් පත් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී පූර්ණබලය සහිත විශේෂ කොමිෂන් සභාවක් පත් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
ජනාධිපතිතුමා වෙත ලිපයක් යොමු කරන නිමල් ලාන්සා මහතා ප්‍රකාශ කරන්නේ මෙම ව්‍යසනය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න හෙළිකර ගත යුතු බවයි. එමෙන්ම ප්‍රහාරයට හේතු වූයේ කුමක්ද එය වළක්වා ගැනීමට අවස්ථාව තිබියදී එසේ සිදු නොවූයේ ඇයි යන්න බොහෝ දෙනා තුළ මතුව ඇති ප්‍රශ්නයක් බවයි මෙම ලිපියෙන් පෙන්වා දෙන්නේ. කතෝලික ජනතාවගෙන් මෙන්ම සියලු ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තුව හා ඉල්ලීම වන්නේ ප්‍රහාරයේ සැබෑ තොරතුරු හෙළිකර ගැනීමයි. ප්‍රහාරය පිලිබද පැහැදිලි තොරතුරු දැන ගැනීම සියලු දෙනාගේ අපේක්ෂාවයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හා එහි ක්‍රියාකාරීත්වය පිලිබද අගරදගුරු හිමිපාණන්ද සෑහීමකට පත් වූයේ නැහැ. මේ පිලිබද කතෝලික රදගුරු මණ්ඩලයද පසුගියදා රැස්වී පැවැත්වූ සාකච්ඡාවකදී මෙවැනි කොමිෂන් සභාවක් අවශ්‍ය බව සදහන් කර තිබෙනවා. ඒ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පූර්ණ බලය සහිත විශේෂ කොමිෂන් සභාවක් පත් කරන ලෙසයි නිමල් ලාන්සා මහතා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ.
The post පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ කොමිෂන් සභාවක් පත් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි appeared first on ITN News.