රුවන්වැලිසෑ චෙත්‍යයේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍යය ඇත්කඳ රජමහා විහාරස්ථානයට රැගෙන යයි
අනුරාධපුර ඓතිහාසික රුවන්වැලිසෑ චෙත්‍යයේ අභිනවයෙන් තැන්පත් කෙරෙන චූඩා මාණික්‍යය කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරස්ථානයට රැගෙන යාම අද සිදු කෙරුණා.
චූඩා මාණික්‍යය ජනතාවගේ වන්දනාමානය සඳහා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශලාවේ තැන්පත් කර තිබුණා. එය කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරය වෙත රැගෙන යාමේ රථ පෙරහර අද උදෑසන ගමන් ආරම්භ කළා. ඒ මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මාධ්‍යයේයි. නුවර පාර , කඩවත , යක්කල , අඹේපුස්ස හරහා කුරුණෑගල දක්වා රථ පෙරහර පැමිණීමට නියමිතයි. අද පස්වරුවේදී චූඩා මාණික්‍යය කුරුණෑගල ඇත්කඳ රජමහාවිහාරයේ තැන්පත් කිරීම සිදු කෙරෙනවා. හෙට අලුයම 05 දක්වා එම විහාරස්ථානයෙදී චූඩා මාණික්‍යය වැද පුදා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමිවනවා.
The post රුවන්වැලිසෑ චෙත්‍යයේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍යය ඇත්කඳ රජමහා විහාරස්ථානයට රැගෙන යයි appeared first on ITN News.