විපක්ෂ නායකකම ඉල්ලා රනිල් හා සජිත් පිළ උග්‍ර ගැටුමක
සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයට පැමිණි පිරිසක් කලහකාරී ලෙස හැසිරුණා.
සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දුන් මහජන නියෝජිතයින්ට ස්තූතිය පළ කිරීම සදහා මෙම හමුව සංවිධානකර තිබුණා. එහෙත් මෙම ස්ථානයට පැමිණි පිරිසට දැනුම්දී ඇත්තේ එවැනි හමුවක් සිරිකොතදී පැවැත්වෙන්නේ නැති අතර සජිත් ප්‍රේමදාස මහතාගේ වොක්ෂෝල් වීථිය කාර්යාලයට ගමන් කරන ලෙසයි. එහෙත් සමගම සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.
අද ඇතිවූ එම තත්ත්වය පිළිබද නිවේදනයක් නිකුත් කරන එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරන්නේ සිරිකොත ගේට්ටුව වසාදමා කිසිවෙකුටත් ඇතුළුවීමට අද දිනයේ ඉඩ ලබාදුන්නේ නැති බවට ඇතැමුන් ගෙන යන ප්‍රචාර අසත්‍ය බවයි. එමෙන්ම ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය මණ්ඩල හමුවේදී එළඹි තීරණය වූයේ අද පැවැත්වීමට නියමිත මෙම උත්සවය කල්දැමීමටයි. ඒ බව සියලු පාර්ශ්වයන් වෙත දැනුම් දුන් බවයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා සදහන් කරන්නේ. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඊයේ රාත්‍රියේ සජිත් ප්‍රේමදාස මහතා සමග පැවති දුරකතන සංවාදනයේ දී ප්‍රේමදාස මහතා දැනුම් දුන්නේ ඇතැම් කණ්ඩායම් වෙත මෙම පණිවුඩය යැවීමට නොහැකිවීම නිසා පැමිණෙන නියෝජිතයින් වොක්ෂෝල් වීථියේ පිහිටි කාර්යාලයේදී හමුවීමට කටයුතු යොදන බවයි. මේ අතර වොක්ෂෝල් වීථිය මැතිවරණ කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මාධ්‍ය හමුවක් පැවැත්වූවා.
The post විපක්ෂ නායකකම ඉල්ලා රනිල් හා සජිත් පිළ උග්‍ර ගැටුමක appeared first on ITN News.