කාලගුණ විපර්යාස හමුවේ මූල්‍ය කළමනාකරණය පිළිබඳ සම්මන්ත්‍රණය කොළඹදී
කාලගුණ විපර්යාස හමුවේ මූල්‍ය කළමනාකරණය පිළිබඳ සම්මන්ත්‍රණයක් කොළඹදී අද පැවැත්වුණා.
සමාරම්භක සැසියේ ප්‍රධාන අමුත්තා ලෙස එක් වූයේ මෙරට ජර්මානු තානාපති ජෝන් රෝඩ් මහතායි. විශේෂ අමුත්තා ලෙස මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එක්වුණා. ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සංවිධාන කළ මෙම සම්මන්ත්‍රණය සඳහා මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති සම්පාදකයන් මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික මූල්‍යායතනවල නිලධාරීන් රැසක් ද සහභාගි වී සිටියා. ජාත්‍යන්තර සංවිධාන කිහිපයක නියෝජිතයින් ද මෙම සම්මන්ත්‍රණයට එක්ව සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
The post කාලගුණ විපර්යාස හමුවේ මූල්‍ය කළමනාකරණය පිළිබඳ සම්මන්ත්‍රණය කොළඹදී appeared first on ITN News.