නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි
නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද දිවුරුම් දෙනු ලැබුවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ පළමුවෙන්ම දිවුරුම්දීම සිදුකළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. ඒ මහතා මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු සහ නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් යන අමාත්‍ය ධුරයන්හි දිවුරුම් දෙනු ලැබුවා.
නිමල් සිරිපාල ද සිල්වා මහතා දිවුරුම් දෙනු ලැබුවේ අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙසයි.
ආරුමුගම් තොන්ඩමාන් ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.
දිනේෂ් ගුණවර්ධන මහතා විදේශ සබදතා, නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා සහ කම්කරු සබදතා අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දුන්නා.
ඩග්ලස් දේවානන්ද මහතා දිවුරුම් දුන්නේ ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙසයි.
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යවරිය ලෙස පළමුව දිවුරුම් දුන්නා. ඉන් අනතුරුව ඒ මහත්මිය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ධුරයේ ද දිවුරුම් දෙනු ලැබුවා.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දුන්නේ බන්දුල ගුණවර්ධන මහතායි. ඒ මහතා උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ධුරයේ ද දිවුරුම් දුන්නා.
ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙසයි පත්කෙරුණේ.
චමල් රාජපක්ෂ මහතා පළමුව දිවුරුම් දෙනු ලැබුවේ මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. අනතුරුව අභ්‍යන්තර වෙළෙද ආහාර සුරක්ෂිතතාව හා පාරිභෝගික සුබසාධන අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දෙනු ලැබුවා.
ඩලස් අලහප්පෙරුම මහතා අධ්‍යාපන අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දුන්නා. අනතුරුව ඒ මහතා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ධුරයේ ද දිවුරුම් දෙනු ලැබුවා.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍ය ධුර දෙකක දිවුරුම් දෙනු ලැබුවා. ඒ මාර්ග සහ මහා මාර්ග අමාත්‍යාංශයේ සහ වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය සදහායි.
විමල් වීරවංශ මහතා පළමුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දෙනු ලැබුවා. අනතුරුව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යවරයා ලෙසද ඒ මහතා දිවුරුම් දුන්නා.
මහින්ද අමරවීර මහතා දිවුරුම් දෙනු ලැබුවේ මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යවරයා ලෙසයි. අනතුරුව ඒ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දුන්නා.
පරිසර හා වනජීවී සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරයේ සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දෙනු ලැබුවේ එස් එම් චන්ද්‍රසේන මහතායි.
රමේෂ් පතිරණ මහතා දිවුරුම් දෙනු ලැබුවේ වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය ධුරයේයි.
ප්‍රසන්න රණතුංග මහතා පළමුව කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේත් අනතුරුව සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ධුරයේත් දිවුරුම් දුන්නා.
නව අමාත්‍යවරුන් දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සභාව ඇමතුවා.
The post නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි appeared first on ITN News.