කොළඹ සුපර් ක්‍රොස් මෝටර් රථ සහ යතුරුපැදි තරඟාවලිය ලබන පළමුවනදා
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ යතුරු පැදි ධාවකයන්ගේ සංගමය එක්ව සංවිධාන කරන කොළඹ සුපර් ක්‍රොස් මොර්ටර් රථ සහ යතුරු පැදි තරගාවලිය ලබන මස පලමුවනදා වැලිසර නාවික හමුදා ධාවන පථයේදී ආරම්භ වීමට නියමිතයි. ඒ පිලිබද දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා.
කොළඹ සුපර් ක්‍රොස් මොර්ටර් රථ සහ යතුරු පැදි තරගාවලිය පසුගිය තුන්වනදා ආරම්භවීමට නියමිතව තිබු නමුත් පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එය කල්දැමීමට තරග සංවිධායකයින් තීරණය කළා. මෙම තරගාවලිය පවත්වනු ලබන්නේ තුන්වනවරටයි. මිට පෙර පැවති තරගාවලි දෙකේම දක්ෂතම මෝටර් රථ රියදුරා බවට පත් විමට අශාන් සිල්වා සමත් වුනා.
2017 වසරේදී දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනා ගත්තේ ශානුක සදරුවන්. බුද්ධික සිල්වා 2018 වසරේදී දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනා ගත්තා. මෙම අවස්ථාවට රියාද් අද්මිරාල් එන් හීනටිගල /ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිඩා අධ්‍යක්ෂ කොමදෝරු ජේපි ප්‍රේමරත්න, යතුරු පැදි ධාවන ශුර ගයාන් සදරුවන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
The post කොළඹ සුපර් ක්‍රොස් මෝටර් රථ සහ යතුරුපැදි තරඟාවලිය ලබන පළමුවනදා appeared first on ITN News.