කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගයේ ප‍්‍රතිඑල නිකුත් කෙරේ
කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගයේ ප‍්‍රතිඑල නිකුත් කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප‍්‍රකාශ කළා.
www.slbfe.lk වෙබ් අඩවියෙන් ප‍්‍රතිඑල ලබාගැනීමට අවස්ථාව පවතිනවා. පසුගිය මැයි 28 වනදා සිට ඔක්තෝබර් 8 වනදා දක්වා විභාගය පැවැත්වුණේ ඔන්ලයින් ක‍්‍රමයට. ඒ නිෂ්පාදන , ඉදිකිරිම් සහ ධීවර ක්ෂේත‍්‍ර වෙනුවෙන්. විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 3319 න් 2411 දෙනෙකු විභාගය සමත් බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙන්නේ.
The post කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගයේ ප‍්‍රතිඑල නිකුත් කෙරේ appeared first on ITN News.