ඇමරිකානු තානාපතිනිය ජනපති හමුවෙයි
ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි අලියානා ටෙප්ලිස්ට් මහත්මිය පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවුණා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප‍්‍රධානී මෙහෙයුම් මාර්ටින් කෙලී , දේශපාලන මෙහෙයුම් ප‍්‍රධානී ඇන්තනී රෙන්සුල්ලි යන මහත්වරුන්ද ද්විපාර්ශ්වික සාකච්ඡා සදහා එක්වුණා.
මේ අතර ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකීරා මහතා ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවී තිබෙනවා. ඊට ජපන් තානාපති කාර්යාලයේ නියෝජිතයන් පිරිසක් ද එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
The post ඇමරිකානු තානාපතිනිය ජනපති හමුවෙයි appeared first on ITN News.