හිටපු ජනාධිපති ලේකම්ගේ විදේශ ගමන් තහනම තාවකාලිකව අත්හිටුයි
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ විදේශ ගමන් තහනම තාවකාලිකව අත්හිටුවීමට අභියාචනාධිකරණය නියෝග කළා.
ලලිත් වීරතුංග මහතාගේ විදේශ ගමන් බලපත්‍රය ලබන මාර්තු මස 13 වනදා තෙක් තාවකාලිකව මුදා හැරීමටයි අභියාචනාධිකරණය නියෝග කළේ. 2015 ජනාධිපතිවරණ සමයේ සිල්රෙදි බෙදා දීමේ වැඩසටහන් සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක් සාවද්‍ය පරිහරණය කළ බවට වන චෝදනාව සම්බන්ධයෙනුයි ඒ මහතාගේ විදෙස් ගමන් තහනම් කර තිබුණේ.
The post හිටපු ජනාධිපති ලේකම්ගේ විදේශ ගමන් තහනම තාවකාලිකව අත්හිටුයි appeared first on ITN News.