කොළඹ ප‍්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්
කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් අද (23) පෙරවරු නවයේ සිට හෙට (24) පෙරවරු නවය දක්වා පැය 24 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවනවා.
ඒ අනුව කොලොන්නාව නගර සභා බල ප්‍රදේශය, රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, නාවල, කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගයේ හා ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ග ආශ්‍රිත
ප්‍රදේශයන් හි ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරන්නේ.
මේ අතර කැලණි ගග දකුණ ඉවුර ව්‍යාපෘතිය යටතේ ජලනල පද්ධතියේ සිදුකරන අලුත්වැඩියා කිරීමේ කටයුතු හේතුවෙන් ඒ අවට ප්‍රදේශ කිහිපයකට හෙට (24) සිට ජල සැපයුම අත්හිටුවනවා. ඒ අනුව කටුණායක සීදූව, ජා ඇල නගර සභා බල ප්‍රදේශ සහ වත්තල මාබෝල ප්‍ර දේශයටත්, ජා ඇල ප්‍රා දේශීය සභාව සහ වැලිසර, කෙරවලිපිටිය, දික්ඕවිට, වල්පොල, බුලුගහගොඩ, පොල්ගහහේන ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ.
The post කොළඹ ප‍්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක් appeared first on ITN News.