හිටපු සී අයි ඒ නිලධාරියෙකු වසර 19ක් මහඋළුගෙදරට
චීන රජයට ඇමෙරිකාවේ තොරතුරු සැපයීම සදහා කුමන්ත්‍රණය කිරීම හේතුවෙන් හිටපු සී අයි ඒ නිලධාරියෙකුට වසර 19 ක සිරදඩුවමක් නියම කෙරුණා. ඇමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ ෆෙඩරල් අධිකරණයක් මගින් ඔහුට දඩුවම් නියම කෙරුණා.
පනස් පස් හැවිරිදි ජෙරී ශූන් වසර 13 ක කාලයක් ස්ථාන කිහිපයක සී අයි ඒ ආයතනය වෙනුවෙන් සේවය කර තිබෙනවා. ඔහු සී අයි ඒ ආයතනයෙන් 2007 වසරේ දී ඉවත්ව හොංකොං රාජ්‍යයට ගොස් තිබෙනවා. 2010 වසරේ දී චීන බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු ඔහු සමග සම්බන්ධ වී මෙසේ ඇමෙරිකා තොරතුරු ලබා ගෙන ඇති බවයි මේ වන විට පරික්ෂණවලින් හෙළිව තිබෙන්නේ. සී අයි ඒ ආයතනයේ වර්ග කරන ලද තොරතුරු සහ චීනයේ රහසිගත සී අයි ඒ නිලධාරීන්ගේ නම් පිළිබදව ද ඔහු හොද දැනුමක් තිබූ අයෙකු බවයි මේ වනවිට හදුනාගෙන තිබෙන්නේ. එම නිලධාරියා සතුව තිබී ඇමෙරිකාවේ දත්ත සහිත තොරතුරු පත්‍රිකා 21 ක් සොයාගෙන තිබෙනවා.
පසුගිය මැයි මාසයේ දී ඔහුට එරෙහිව චෝදනා එල්ලවූ අතර එය ඇමෙරිකා අධිකරණය මගින් විභාගයට ලක්වීමෙන් අනතුරුවයි වසර 19 ක සිර දඩුවම් නියම වුණේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
The post හිටපු සී අයි ඒ නිලධාරියෙකු වසර 19ක් මහඋළුගෙදරට appeared first on ITN News.