නිදහස් පක්‍ෂ විනය කමිටුව රැස්වෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විනය කමිටුව එම පක්‍ෂ මූලස්ථානයේදී අද (22) පස්වරුවේ රැස්වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා අද (22) දිනයේ විනය පරික්‍ෂණ කමිටුව හමුවට කැඳවා තිබුණ ද ඒ මහතා වෙනුවෙන් නීතිඥවරයෙකු ඉදිරිපත් වුණා. කෙසේ වුව ද මීළඟ විනය පරික්‍ෂණ කමිටු හමුව ලබන 7 වනදාට කල් දැමුණා. එදිනට මෙම කමිටුව හමුවේ පෙනී සිටින ලෙසයි විජිත් විජයමුණි සොයිසා මහතාට දැනුම් දුන්නේ.
එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ වී දේශපාලන කටයුතුවල නිරත වීමයි ඒ මහතාට එල්ල වී ඇති චෝදනාව. එස් බී දිසානායක, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන හා ඩිලාන් පෙරේරා යන මහත්වරුන් ද මෙදින විනය කමිටුව හමුවට කැඳවා තිබෙනවා.
The post නිදහස් පක්‍ෂ විනය කමිටුව රැස්වෙයි appeared first on ITN News.