පාකිස්තාන – ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගයේ 4 වන දිනය ඇරඹෙයි
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ හතරවන දිනය අද ආරම්භ වුණා. බ්‍රිස්බෙන්හි ගැබා ක්‍රිඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 240ක් ලබා ගත්තා. අසාඩ් ශාෆික් ලකුණු 76යි. ඕස්ට්‍රේලියා කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවි ලකුණු 580ක් රැස් කළා. සිය දෙවන ඉනිම ක්‍රිඩා කරමින් සිටින පාකිස්තානය කණ්ඩායම ඊයේ දිනයට තරගය නතර කරන විට කඩුලු 03ක් දැවී ලකුණු 64ක් ලබා සිටියා.
The post පාකිස්තාන – ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගයේ 4 වන දිනය ඇරඹෙයි appeared first on ITN News.