රුපියල් කෝටි දහයක මත්ද්‍රව්‍ය යාපනයේ දි ගිනි තබා විනාශ කෙරේ
රුපියල් කෝටි දහයක් පමණ වටිනා මත්ද්‍රව්‍ය කිලෝ ග‍්‍රැම් 2560 ක් යාපනය අධිකරණ සංකීර්ණ භූමියේදි ගිනි තබා විනාශ කර තිබෙනවා.
ඒ යාපනය මහාධිකරණය ලබාදුන් නියෝගයකින්. 2017 වසරේ අපේ‍්‍රල් මස පළමුවනදා සිට යාපනය අධිකරණයන්හි නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කළ මත්ද්‍රව්‍ය ඒ අතර වනවා.
පසුගිය දිනක ඉන්දීය ධීවරයන් සමඟ අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ ග‍්‍රැම් අටකට වැඩි ප‍්‍රමාණයක් ද එම මත්ද්‍රව්‍ය තොගයට ඇතුලත්.
The post රුපියල් කෝටි දහයක මත්ද්‍රව්‍ය යාපනයේ දි ගිනි තබා විනාශ කෙරේ appeared first on ITN News.