ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනබලවේගය යටතේම මහ මැතිවරණයට
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදිත් ජාතික ජනබලවේගය යටතේම තරඟ කරන බව ජනතා විමුක්ති පෙරමුනේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර සුනිල් හදුන්නෙත්ති මහතා ප‍්‍රකාශ කළා.
ප‍්‍රබල විපක්ෂයක් ගොඩනැගිය හැකි තරුණ කණ්ඩායම් අපේක්ෂකයන් ලෙස නම් කරන බවයි මන්ති‍්‍රවරයා පෙන්වා දෙන්නේ.
ජනාධිපතිවරණයේදි ලැබුනු ඡන්ද ප‍්‍රතිශතය මහ මැතිවරණයේදි අපේක්ෂා නොකරන බවද සුනිල් හදුන්නෙත්ති මහතා සදහන් කළා.
මහ මැතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයින්ගෙන් සුදුසු පුද්ගලයින් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවිම ජනතා වගකිමක් බවයි සුනිල් හදුන්නෙත්ති මහතා පෙන්වා දෙන්නේ.
The post ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනබලවේගය යටතේම මහ මැතිවරණයට appeared first on ITN News.