ඉරානයේ උද්ඝෝෂණකරුවන් හා ආරක්ෂක අංශ අතර ගැටුම්වලින් 140 දෙනෙකු ජීවිතක්ෂයට
ඉරානයේ උද්ඝෝෂණකරුවන් හා ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 140 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසනවා.
පසුගිය 15 වනදා සිට ඉරානයේ ඉන්ධන මිල ඉහළ නැංවීමට විරෝධය පල කරමින් උද්ඝෝෂණ පැවැත්වුණා. එහිදී උද්ඝෝෂණකරුවන්ට කල පහරදීම්වලදී ඔවුන් 140කට වැඩි පිරිසක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ජාත්‍යන්තර ක්ෂමා ආයතනය පවසන්නේ. ජීව උණ්ඩ යොදාගෙන උද්ඝෝෂණකරුවන්ට වෙඩි තබා ඇති බව එම සංවිධානය පෙන්වා දෙනවා.උද්ඝෝෂණකරුවන් මෙලෙස ඝාතනය කිරීම තම ආයතනය දැඩි ලෙස හෙලා දකින බවයි ක්ෂමා සංවිධානය පවසන්නේ.
The post ඉරානයේ උද්ඝෝෂණකරුවන් හා ආරක්ෂක අංශ අතර ගැටුම්වලින් 140 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.