තායිලන්තයේ මියගිය මුවෙකුගේ උදරයෙන් කිලෝ ග‍්‍රෑම් හතක කසල සොයා ගැනේ
නැගෙනහිර තායිලන්තයේදි මියගිය මුවෙකුගේ උදරයේ තිබී කැලිකසල කිලෝ ග‍්‍රෑම් හතක් සොයාගෙන තිබෙනවා.
පොලිතින් බෑග් , විවිධ පොලිතින් කොටස් , ප්ලාස්ටික් කෝප්ප සහ පිරිමි යට ඇඳුම් රැසක් ද ඒ අතර වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දීර්ඝ කාලයක සිට මෙම සත්වයා ප්ලාස්ටික් ආහාරයට ගෙන ඇති බවයි තායිලන්ත කූන් සතාන් ජාතික උද්‍යාන භාරකරු පෙන්වා දෙන්නේ.
මියගිය මුවාගේ වයස අවුරුදු දහයක් පමණ වන බවට විශ්වාස කරනවා.
The post තායිලන්තයේ මියගිය මුවෙකුගේ උදරයෙන් කිලෝ ග‍්‍රෑම් හතක කසල සොයා ගැනේ appeared first on ITN News.