බුත්තල ප්‍රදේශයේදී කේරල ගංජා 9Kgක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
බුත්තල ප්‍රදේශයේදී කේරල ගංජා කිලෝග්‍රෑම් නවයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා.
බුත්තල බුරුත හංදිය ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් පිරිසක් කේරල ගංජා තොගය සමඟ සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකරු ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙකු වන අතර ඔහු පොලීසියට රුපියල් ලක්ෂ 9 ක අල්ලසක් ලබාදීමට ද උත්සාහ දරා තිබෙනවා. කේරල ගංජා තොගය දඹුල්ල ප්‍රදේශයට රැගෙන යාම සඳහා සැළසුම්කර තිබූ බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවුණේ. සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
The post බුත්තල ප්‍රදේශයේදී කේරල ගංජා 9Kgක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.