එක්සත් ජාතික පෙරමුණේ නායකයා විපක්ෂ නායකවරයා ලෙස පිළිගන්නා බව කතානායක කියයි
එක්සත් ජාතික පෙරමුණේ නායකයා විපක්ෂ නායකවරයා ලෙස තමන් පිළිගන්නා බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කතානායක කරූ ජයසූරිය මහතා පවසන්නේ තමන් පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරමින් මෙම තීරණය ගත් බවයි. එමෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩ කිරීම සිදුනොකළ යුතු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
පක්ෂය තුළ පවතින අර්බුද පක්ෂය තුළින්ම විසදාගත යුතු බව පෙන්වාදෙන කතානායකවරයා වැඩිදුරටත් පවසන්නේ විපක්ෂ නායකවරයා ලෙස තමන් පිළිගන්නේ එක්සත් ජාතික පෙරමුණේ වත්මන් නායකයා බවයි.
The post එක්සත් ජාතික පෙරමුණේ නායකයා විපක්ෂ නායකවරයා ලෙස පිළිගන්නා බව කතානායක කියයි appeared first on ITN News.