ජනපති අද ඉන්දියාවට
ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පළමු රාජ්‍ය චාරිකාවට අද එක්වනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ආරාධනයකට අනුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්දියාව බලා අද දහවල් පිටත්ව යාමට නියමිතයි.
දෙදින රාජ්‍ය චාරිකාවක් සඳහායි ජනාධිපතිතුමා ඉන්දියාව බලා පිටත්ව යන්නේ. මෙම චාරිකාවේදී ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ග් මැතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟද ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති. ජනාධිපතිතුමා සෙසු ඉන්දීය ප්‍රභූවරුන්ද මුණගැසෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර, විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ යන මහත්වරුන්ද මෙම සංචාරයට එක්වීමට නියමිතයි.
The post ජනපති අද ඉන්දියාවට appeared first on ITN News.