බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි – 13 දෙනෙකුට තුවාල
මොණරාගල විලඔය අසළ ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් දහතුන් දෙනෙකු තුවාල ලැබුවා. ඉන් අටදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් වාර්තා සඳහන් කරන්නේ.
මොණරාගල කොටියාගල ප්‍රධාන මාර්ගයේ විලඔය අසළ බෑවුම් ප්‍රදේශයේදීයි මෙම අනතුර සිදුව තිබෙන්නේ. තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් තුන්දෙනෙකුද වනවා. බරපතල තත්ත්වයේ පසුවන අට දෙනෙකු මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවුණා. බස් රථය අඩි 15 ක පමණ ප්‍රපාතයට පෙරළී ඇති අතර බස් රථයට දැඩි හානි සිදුව ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.
The post බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි – 13 දෙනෙකුට තුවාල appeared first on ITN News.