බිම් බෝම්බ අනතුරු දෙගුණයකින් ඉහළට
බිම් බෝම්බ හේතුවෙන් සිදුවන අනතුරු දෙගුණයකින් වැඩිවී ඇති බව අධ්‍යයනයකින් හෙළිවුණා. 2013 වසරේ සිට පසුගිය වසර දක්වා රටවල් රැසක් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුව තිබෙනවා.
ඇෆ්ගනිස්ථානය, සිරියාව සහ මාලි රාජ්‍යය ද ඊට අයත්. 2013 වසරේදී බිම් බෝම්බ අනතුරු 3457 ක් වාර්තා වුණා. එය 2018 වනවිට 6897 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නිරික්ෂණ සංවිධාන කිහිපයක් ඒ පිළිබඳව කරුණු රැස්කළා. අයිඑස් ත‍්‍රස්තවාදී කි‍්‍රයාකාරකම් හේතුවෙන් සිවිල් ජනතාවට දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි ඔවුන් පවසන්නේ. ඒ අනුව බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙල කාර්යක්ෂම කළයුතු බවත් නිරීක්ෂණ සංවිධාන පෙන්වාදුන්නා.
The post බිම් බෝම්බ අනතුරු දෙගුණයකින් ඉහළට appeared first on ITN News.