කැබිනට් තීරණයකින් බදු සහන – අයවැය මහ මැතිවරණයට පසු
දැනට පනවා ඇති බදු වර්ග 8ක් ඉවත් කිරීමටත් තවත් බදු කිහිපයක අනුපාතය අඩු කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඊයේ පැවති පළමු කැබිනට් මණ්ඩල හමුවේදී මෙම තීරණය ගෙන ඇති අතර මෙම බදු සංශෝධන ලබන පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඇමති බන්දුල ගුණවර්ධන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පවසා ඇත.
නව රාජ්‍ය අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්නේ මහ මැතිවරණයෙන් පසුව යැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ , උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන එහිදී පවසා ඇත.
ඒ අනුව ලබන වසරේ අප්‍රේල් මස දක්වා මහ මැතිවරණය පැවැත්වෙන තෙක් අවශ්‍ය වුවහොත් අතුරු සම්මත ගිණුමකින් මුදල් වෙන් කර ගන්නා බවද ඔහු පැවසිය.
මෙම බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී පහත සඳහන් බදු වර්ග සියල්ල ඉවත් කර තිබේ.
1) ගෘහස්ත භාණ්ඩ සහ සේවා මත පනවා ඇති ජාතිය ගොඩනැගීමේ බද්ද
2) රේගුවේදී අය කරන ජාතිය ගොඩනැගීමේ බද්ද වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද හා ඒකාබද්ධ කෙරෙන අතර දේශිය ආර්ථිකය ආරක්ෂා කරනු පිනිස අදාළ බදු අනුපාතිකය 10% ක් කිරීම.
3) ආර්ථික සේවා ගාස්තු
4) බැංකු හා මූල්‍ය ආයතනයන් මත පැනවෙන හර බද්ද
5) කොටස් වෙළෙඳපොල මත පැනවෙන ප්‍රාග්ධන ලාභ බද්ද
6) ස්වාධිපත්‍ය දේපළ මත පැනවෙන වැට් බද්ද
7) උපයනවිට ගෙවීමේ ආදායම් බද්ද
8) පොලී ආදායම් මත පැනවෙන රඳවා ගැනීමේ බද්ද සහ අනෙකුත් මාදිලියේ රඳවාගැනීමේ බදු
9) ණය සේවා බද්ද
ඊට අමතරව දැනට සියයට 15 ක් වන වැට් බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද වන සියයට 2ක් වන බදු සියල්ලේ එකතුව වන සියයට 17 ක් වන මුළු බද්ද සියයට 8ක් දක්වා අඩු කර ඇත.
ඉදිකිරීම් කර්මාන්තය වෙනුවෙන් අය කෙරෙන සියයට 28ක අදායම් බද්ද සියයට 14ට අඩු කෙරේ.
විදුලි සංදේශ බද්ද සියයට 25න් අඩු කෙරේ
The post කැබිනට් තීරණයකින් බදු සහන – අයවැය මහ මැතිවරණයට පසු appeared first on Lanka Views | Views of the truth.